ස්වභාවිකතවයේ හිනි පෙත්තටම ආ අපි , ස්වාභාවික නොවූත් යථාර්තවාදී නොවුත් බොහෝ දේ සොයන සුනිල දිය දහර යට වැඩෙන සුනිල ලදු පත

12/2/10

එදත් අද වගේ දවසක්........ ! (6 වන කොටස ) .


හදවතෙහි ස්වර නිහඩය .හදවත ගැහෙන රිදමය තනුවෙන් ඈත් වී ගැයෙයි . මා දරා සිටි මේ මුළු ලෝකයම මා අනිකර දමා තනියෙන් හුස්ම ගන්නාක් සේ මට දැනෙයි . ඈ හට කුමක් සිදුවි ඇත්ද.... ?මා සිත මාගෙන්ම ප්‍රශ්න කරයි .එදින වේලාසන පාසල ඇරුණමුත් මා ගෙදර එනවිට වෙනදාටත් වඩා ප්‍රමද වි තිබුණි .ඒ මා බොහෝදුර පයින් ඇවිද සිටි නිසා බව තේරුම් ගියේ ගෙදර පැමිණ වේලාව බැලූ පසුවය .
බලාපොරොත්ත් උව මා ජිවත් කරවයි .හිස ලූ ලූ අත මනස වෙහෙසූ මා සිතිවිලි වලින් පීඩිතව සිටියේය .මා වෙනදාට වඩා ඉක්මනින් මා නින්දට වැටුනමුත් නින්ද අහලකටවත් නොආවේය .දැන් මා අදරය කෙරූ අන්ධකාරය මා ඇසි පියන් යට හොල්මන් කරයි .රෑ පුරා නිදි වැරූ මා එලිවනතුරුත් ඈගේ චායාව සමගින් දොඩමළු වූයේය .තවමත් ඈවත් නොදත් ආදර බැඳීමක් මා ඇය කෙරෙහි ඇති කර ගත්තේ කෙසේද ...... ?ඇය විසින් මා අසරණ කර ඇතැයි විටෙක මම ඇයට ශාප කළෙමි .

එදින මා සිත පෙළු මුලු වේදනාවම වචන තුල සිර කර තැබිමට උත්සහ කළේය .නමුත් මා ඒ ලියූ සියලු දේ කෑලි කෑලි වන තෙක් ඉරා දැමීය .වෙනදා වේගයෙන් අවදි වූ උදෑසන තවමත් ප්‍රමාදය . මා හැකි තරම් උදෑසන ගෙදරින් පිටත් විය .හදවතේ දෝංකාරය ගතද වෙව්ලවමින් නැගෙන්නා සේ මට දැනෙයි .

පාන්දර 5 පමණ විය .මධ්‍යහන තුල ඝෝෂාවෙන් තෙරපෙන මුලු නගරයම එකම නිහඩ අන්ධකාරයක ගිලී ගොසින්ය .උදෑසන දුර බැහැර යන වුන් ඒ මේ අත දුවයි .මා පමණක් බස් නැවතුම අසල රැඳී සිටියි .නගරය අභිබවා නැගි සිටි ඔරලෝසු කනුව විටින් විට නාද වන්නේ මතක ඇති කලෙක් ගමන් නොකෙරුණු ඔරලෝසු කටු පහලට හෙලා ගනිමිනි .

තව සුළු මොහොතකින් නගරය තුල වූ නිහඩ බව පුපුරා යනු ඇත .මා බලා පොරොත්තුව තවමත් එසේමය .වළා කුලු වේදනාවෙන් තෙරපෙනු මට පෙනෙයි . තවමත් ඇයගේ රූප මායාවක් හෝ නොමැත .ඇය දැන් ආ යුතුය .නගරයම දෝන්ල්කාර දෙයි . සැම තැනම මිනිසුන්ගෙන් වැසී ගොසිනි .ඒ අතර ඇය සැඟවි ඇත්ද .... ? මා නොදනිමි .ඇය තවමත් නොමැත .විටෙක මා ඒ සෙනග අතරින් සුදු ගවුමක් දුටු විට ඒ හා හඹා ගියේය . නමුත් ඇය හමුවූයේ නැත .

මා සිත තුල තිබූ සියල්ල හිස්ව ගොසිනි .තවදුරටත් ඇය නො එනු ඇත . සියල්ල අතහැර දමා අසල වූ බස් රථයට ගොඩවිය .මා දුටුවේ මා පෙර දිනක වාඩි වී ගිය ආසනය හිව තිබූ බව පමණකි .ඇය තවත් මා සොයා නො එනු ඇති .එයින් තොර වෙනයම් පිළිතුරක් මා ළඟ නොමැත ...............

11/6/10

එදත් අද වගේ දවසක්........ ! ( 5 වන කොටස ) .


බස් රථය වේගයෙන් ගමන් ගත්තේය .මා හට හුරු පුරුදු ඒ නැවතුම වෙත බස් රථ මා හටද නොදැනීම ළං විය. ඈ තවමත් මාගේ නිසදැස් කිවමින් සිටියා ය . ඇය මෙතරම් මාගේ කවිය තුල රසිකාවියක වේ යැයි මා නොසිතුවෙමි .ඇරත් මේ තරම් ඉක්මනටම . ඔව් ඇය දැන් මාගේ සිත තුල රසිකාවියක වී හමාරය . මා ඇයට ආදරය කරයි .

නිසදැස් පෙළින් ඇරඹි ඒ හෝරාව මෙලෙස අවසන් විය . මා පාසල වෙත යන්නට විය. දැන් දැන් මා සිත තුල ඇයගේ කම්මුල් චිත්‍රනය වෙයි .ඇයගේ සිනහව , සියලු දේ මා සිත වැළදගෙන සිටියි . නමුත් ඒ අතර එක මොහොතක් දෙදරා යන්නට විය . මා හට ඒ අවසානයේ දෝංකාරය ඇසිණ . ඒ මගේ ශරීරය තුල මාවම පුපුරවා හරිමින් ලේක් හවුස් වට රවුම අසල සිදු වූ බෝම්බ පිපිරීමයි .

මා සිත ගලපමින් සිටි සිතුවිලි දහරාවන් එක ක්ෂණයකින් පුපුරා ගියේය .වෙනදා මෙන් මා සිත සෞම්‍ය නොවුණි .මා සිත තුල යම් වේදනාවක් දෝන්කාර දෙයි . මා හට මෙලෙස කිසි දිනක නොදැනුණි .මා ලියූ නිසදැස් මා සිත තුල හොල්මන් කරයි .ඇයගේ සිනහව , කටහඩ මාගේ ඇග අතුලටම කිඳා බැස කලු සීතල ඇට මිදුළු තුල වේදනාවෙන් තෙරපෙයි . මෙය ම සිතින් මවා ගත් දෙයක් විය හැකිද ඇයද ඒ අසල සිටින්නට ඇත . මෙය මා සිත තුල වරින් වර වේදනා දෙයි . විටෙක ඇයගේ ලේ පැහැති දේහය මා සිත මා හටම පෙන්වයි . එවිට මා මාගේ හිස කීප විටක්ම මේසයේ හැප්පුවේ ය. පංති කමරය තුල සියලු දෙනාම කලබල වී සිටි හෙයින් එය කිවෙකුටවත් නොපෙනෙන්නට ඇත .

කලා අංශයේ රූපවාහිනිය වටා සියලු දෙනාගේ දෑස් යොමුව තිබිණ .දැන් ඒ මත බෝම්බ පිපිරීමේ දර්ශන දිස්වෙයි . එකිනෙකාගේ ලේ , මළ මිනී ඒ මේ අතින් අත හුවමාරු වෙයි .ඒ අතර පුංචි ළමයෙක් , මවක් නැතිනම් තවත් කෙනෙක් .මා වටා සිටි සියලු දෙනා ඒ දෙස විමතියෙන් බලා සිටියේ කී දෙනෙක් ඒ අතර මැරී සිටී දැයි යන කාලකන්ණි හැගීමෙනි . නමුත් මා දෙනෙත් අතර රැදි ඇයගේ රූපය ඒ අතරය සොයමින් සිටියි .ඔව් ...... ඒ ඇයද ..?රූපවාහිනි තිරය මත පාසල් සිසුවියකගේ දර්ශණයක් දිස් විය .නමුත් ඒ ඇය යයි විශ්වාස කිරීමට තරම් ඇයගේ මුහුණ පැහැදිලිව නොපෙණින . ඒ ඇත්තටම ඇය විය හැකිද.. ? මා සිත එය පිළිනොගනියි. ඇයත එසේ විය නොහැකිය .මා වටා සිටි පිරිස අතරින් මා පිටතට පැමිණියේය .මා හටද නොදැනිම කඳුළු බිංදුවක් මාගේ සපත්තුව මත වැටුණි .

නමුත් තවත් හෙට දවසක් ඇත .ඇය හෙට නොපමාව ආ යුතුය .මා සිත විශ්වාස කරයි .

11/2/10

උඹ නිරුත්තර වේවි ..... !


මා විශ්වාස කලෙමි
නිසැකවම ඔබ
විශ්වාස කළ බව මාව
ඔබටත් වඩා
මා සිත විශ්වාස නොකලද ............ !

" කෝ උඹේ හදවත "
ගොළු විය මා වදන්
ඇසූ පමණින්
නොඅඩුව වේගයෙන්
පුපුරා ඇදෙන ව්දුලි සැර .............. !

නොමැත මා ළඟ පිළිතුරු
වෑයම් නොකරමි
පබදින්න පිළිතුරු ........ !

බලාපං හෙටින් පසු
කටු ගෙදර බිත්තියක
තිබෙන හැටි
උඹ ඇසූ හදවත
මිහිදන්ව......... !

එවිට
බොහෝ අය අසාවි
" කෝ උඹේ හදවත "

උඹ නිරුත්තර වේවි ..... !

10/22/10

" අලුත් බෝඩිම ....... "


මා හට හුරුපුරුදු තනිකම
නුපුරුදු නිරුත්තර ලෙස
මා හද පමණක්ම නොව
මා ගත ද මිරිකා
රෝමයෙන් රෝමය
පුළුස්සයි ..............

වේදනාවන් මිරිකා
ඇඳ ලෑලි අතරින් වැහැරුණු
තුනී කඩතොළු මෙට්ටය
පිට කොඳු පුරුක් අතරට තෙරපෙයි .........

වෙනදා සුමුදු ලෙස
මා සමග තෙරපුණු සුළඟ
තාපයෙන් පීඩිතව
මා ගත පෙළු තනිකම
සිත්තම් කරයි .................

හුරු පුරුදු තනිකම
මට දැන් කෝඩුකාරයි .......... !

10/10/10

කණ තියා බලාපං ඒ මහ පොළොවටම ...... !


විඩාපත් දෑතින්
දහඩිය සුවඳ මුසු කොට
ගොඩනැගූ ඔවුන්ගේම හදවත
ඔවුන්වම මරා
ඔවුන්ගේ ප්‍රාණය
හිර කරණ ලද්දේය
ඔවුන්ගේම මහ පොළොව යට .........

කණ තියා බලාපං
ඒ මහ පොළොවටම
යලිත් සැරයක් ..... !

අසාපං සවන් හැර
උඹ විසින් හිර කෙරූ
ඔවුන්ගේ ප්‍රාණය
පණ අදින හැටි තවමත්
උඹ දිහා බලාගෙන ........ !

10/9/10

උපාධි ලත් මුරකරුවෙක්.......... !


උජාරුවට ඉස්කෝලෙට
ගිහින් ලියපු කවි පංතිය
මට තාමත් උගන්වනවා
ජීවත් වෙන හැටි කොහොමද

ඔන්න ටිකක් ලොකු වෙනකොට
වාඩි වුනා විභාගෙකට
මට එතනදි කියාදුන්නා
වෛර කරන හැටි කොහොමද

එකිනෙකාට ඉරිසියාව
තමන්ම පමණයි වැදගත්
උසස් පෙළදි මම දැක්කෙ

" මම ඉන්නෙ කැම්පස් එකෙ "
උජාරුවට ඇත දැන් මට
ලබා ගත්තු ලේබලයක්
මුළු ලෝකෙට පෙන්නන්නට

ජීවිතයෙන් භාගයක්ම
කඹුර කඹුර එක එකාට
දැන් මට ඇත උපාධියක්
අනික් උන්ට පෙන්නන්නට

මම දැන් අර කන්තෝරුවෙ
ගේට්ටුවේ මුරට ඉන්න
උපාධි ලත් මුරකරුවෙක්.......... !

10/5/10

බුදුන් කිව්වාද ඒ ලෙස පුදන්නට මල් විතරක්ම...... !


ඇයි.... !

නෙළුම් මල් විතරක්ම ,
සමන් මල් විතරක්ම ,
සීත පැන් ඉස
පුදන්නේ බුදුගෙට
බණ පදක් අසන්නට ............ !

ඇයි.... !

පන්සලේ ගල් බැම්මෙ
තුනියට හැදෙන කටු රොද
නොයන්නේ බුදු ගෙට
බුදුන් ස්වරයෙන්
බණ පදක් අසන්නට....... !


ඇයි... !

බුදුන් කිව්වාද ඒ ලෙස
පුදන්නට මල් විතරක්ම

ඇයි.... !

කටු රොද නුසුදුසුද
බුදුන්ගෙන් බණ අසන්නට .......... !
ඇයි.... !

නෙළුම් මල් විතරක්ම ,
සමන් මල් විතරක්ම ,
සීත පැන් ඉස
පුදන්නේ බුදුගෙට
බණ පදක් අසන්නට ............ !

ඇයි.... !

පන්සලේ ගල් බැම්මෙ
තුනියට හැදෙන කටු රොද
නොයන්නේ බුදු ගෙට
බුදුන් ස්වරයෙන්
බණ පදක් අසන්නට....... !


ඇයි... !

බුදුන් කිව්වාද ඒ ලෙස
පුදන්නට මල් විතරක්ම

ඇයි.... !

කටු රොද නුසුදුසුද
බුදුන්ගෙන් බණ අසන්නට .......... !

10/3/10

" බෝනිකි ගෙදර " වේදිකා නාට්‍යය පිළිබඳව සහෘද විමංසාව



ජීවිතය තුල ඇති වන්නා වූ ගැටළු ජීවිතය තව තවත් ජීවත් කරවයි .එම ගැටලුව මිනිසුන් අතරම පැන නැගී මිනිසා සමගම පෝෂණය වී මිනිසා අතරම පුපුරා යයි .ඒ තුලින් ඇති වන්නා වූ කම්පනය ඒ ඒ පුද්ගලයාට බලපාන්නේ ඒ වට ඔවුන් හට තිබෙන සම්බන්ධතාවය අනුවයි . ලෝකයේ කලාව යන්නද ගොඩ නැගෙන්නේ මේ කියන්නා වු මිනිස් කුලකය තුලමය .නමුත් මෙලෙස ගොඩනැගෙන්නා වූ කලාව තුලින් නාට්‍ය කලාව හුදෙක් මිනිසා සමගම ගැටෙමින් පෝෂණය වූවකි .මේ ආකාරයට පෝෂණය වන්නා වූ නාට්‍ය තුල මිනිසා හ මිනිසාගේ ජීවන වෑයම හෙලිදරව් කෙරෙන කලා කෘතීන් සම්භාව්‍ය යන්නාවූ සිද්ධාන්තය තුලට පිවිසෙයි .අප ජීවත් වන ලෝකය තුල අපට දැනෙන අප දකින් ජීවන යථාර්තය මෙම කෘතීන් තුල නිර්මානය වී තිබෙයි . මෙලෙස නිර්මානය වූ නාට්‍ය අතුරින් ලෝක ධර්මතාවය වේදිකාවට ගෙන ආ නාට්‍ය කරුවකු වන නෝවේජියානු ජාතික හෙන් රික් ඉබ්සන්ගේ බෝනිකි ගෙදර නම් වූ සම්භව්‍ය මා කලා නිර්මණය තුන් කල් සංස්පර්ෂණය කළ නාට්‍ය නිර්මාණයක් ලෙස දැක්වීමට කැමැත්තෙමු .

ලෝකයේ වේදිකාවට ගෙන ඒමට අපහසුම නාට්‍ය කරුවන් වේනම් ඒ අතර ඉහලින්ම සිටින්නේ ඉබ්සන් යැයි කීමට පුළුවන .ඔහු තම නාට්‍ය තුල පෝෂණය කරනු ලැබුවේ මිනිසා අතරම ඇති අරගලයන්ය .සමාජය තුල සම කාලීනව තිබූ සිදුරුය .මේ ඔස්සේ යමින් එකල සමාජ වපසරිය තුල ඔහු දුටු කාන්තාව හා සමාජය යන කාරණාව වැඩිපුර තම තේමා කර ගැනීමට උනන්දු වී ඇති බව කීමට පුළුවන . නමුත් ඔහු කාන්තාවගේ විමුක්ති දායකයා ලෙස කටයුතු නොකළ බව් අකිව යුතුය . නමුත් බොහො සමකාලීනයන් ඔහුව දුටුවේ එලෙසටය . ප්‍රධාන වශයෙන් මෙම බොනිකි ගෙදර නාට්‍ය තුලින් එය එලෙස මතු වන බව ඔවුහු දැක්වූහ .බෝනිකි ගෙදර නාට්‍යයේ නෝරා තම නිවස අතහැර යාම ඔවුහු අර්ථ කථනය කර දැක්වූයේ පිරිමියා අතහැර තම විමුක්තිය වෙනුවෙන් සටන් වදින ගැහැණිය ලෙසටය .නමුත් ඉබ්සන් සිය නාට්‍ය පුරාවටම අර්ථ දැක්වීමට උතසහ දරන්නේ විමුක්ති ධර ගැහැණිය නොව එකිනෙකාව වටහා ගැනීම යන කාරණාවයි .

ශ්‍රී ලංකාව තුල අද වන විට මෙම නාට්‍යය සිව් වතාවක් පමාණ නිෂ්පාදනය විය . නමුත් මේ කියන්නාවු වැටහීම යන සිද්ධානිත ඒවා තුල කෙතරම් දුරට ගොද නගමින් ඒ ඒ චරිත වලට සාධාරණයක් වුනාද යන්න ගැටළුවකි . එලෙස ප්‍රශ්නාර්ථයන් ඉතිරිව තිබියදී මෑතක නිෂ්පාදන්ය වූ බෝනිකි ගෙදර නාට්‍ය කෙතරම් දුරට මෙම අභියෝගය භාර ගත්තාද යන්න් විමසීම වටිනේය .

පළමු වශයෙන් මෙහි පෙළ අධ්‍යයනය කරන්නෙකුට වැටහෙන පලමු කාරනාව වන්නේ මේ තුල ඉබ්සන් යොදාගෙන තිබෙන්නේ ස්ටැනිස්ට් ලාවුස්කිගේ රංගන විධික්‍රමය යන්න බවයි .නාට්‍ය තුල ඒ ඒ චරිත විග්‍රහ කිරීමත පහසු මෙන්ම යෝග්‍යම වන්නේ එයයි . පැසසුම් සහගතව පළමුව මේ කියන්නා වු ක්‍රමය මෙම නාට්‍ය තුල සාර්ථකව යොධාගෙන තිබුනු බව ජගත් බණ්ඩාරයන්ගේ අධ්‍යක්ෂණයක් ලෙස වේදිකා ගත වූ බෝනිකි ගෙදර නට්‍යයෙන් හෙලිදරවි විය . එයින් නාට්‍යයේ මූලික පදනම ඔහු විසින් හදුනාගෙන තිබෙන බව කිය හැකිය .

නෝරා යනු මෙම නාට්‍යයේ අර්ථකතනයට අනුව බෝනික්කියයි .තම පියා තුරුලේහි හුරතල් වන ඇය ටෝවල්ගේ හුරතල් බට්ටිච්චි ලෙස , ගී කිරිල්ලි ලෙස නැතිනම් හා පැටික්කි ලෙස ඔහුගේ සෙවනට එයි .සම්කාලින සමාජයට අනුව ඇයටද වූයේ සැමියාගේ සෙවන මත ඔහුට රිසිසේ ඔහුට හුරතල් වෙමින් සිටීම පමණි . ඇයගේ කාර්යය දරුවන් සමග ගෙවන ජීවිතය පමණි .නමුත් ඇය අන් අයතරම් බොළඳ නැත .ඇය නිසැකයෙන්ම ශක්තිමත් ගැහැනියකි .

ගැහැණියකටතම විවාහයෙන් පසු ජීවන රුකුල වන්නේ තම සැමියාය .ඇය හා සැමියා අතර හටගන්නේ ආත්මගත බැඳීමකි .ආසියාවේ සැමියා මැරුණු ගැහැනිය වැන්දඹුවයි .නැතිනම් පව්ගෙවිය යුතු පව්කාරියකි .නැතිනම් අන් පිරිමින්ගේ සුව යහන මත නිදන වෛශ්‍යවකි .මෙන්න මේ කියන්න වූ ප්‍රස්තුතයන් ගොඩ නැගීමට පෙර තම සැමියා සුරක්ෂිත කර ගැනීම නියම බිරියකගේ වගකීම වෙයි .මෙලෙස ආසියාව තුල පමණක් නොව ලොව ඕනෑම ගැහැනියක තම සැමියා මරණ මංචකයේ සිටිනු දැකීමට කිසිදා නොපතයි .බෝනිකි ගෙදර නාට්‍යයේද නෝරා ක්‍රියා කරන්නේ මේ කියන්නා වු පොදු ගැහැණියගේ භූමිකාවට අනුවය .ක්‍රොග්ස්ටඩ්ගෙන් තම සැමියට හොරෙන් ණයක් ගන්නේ තම සැමියාගේ ජීවිතය ගලවා ගැනීම පිණිසය . එය කෙතරම් මානුෂීයද....... !

නෝරාගේ චරිතය යනු මෙම නාට්‍යයේ තිබෙන ප්‍රාණීයම චරිතයයි .ඒ වාගේම ඉක්මන් හැඟීම් ජාලාවක එක විට දෝලනය වන චරිතයකි .තම රහස පිටතට නොපෙන්නවා තමන් තුලම අරගලයක යෙදෙන ගැහැනියකි .එවැනි ගැහැනියකගේ ස්වාභාවය කෙලෙසද ..... ඇයගේ හැගීම් ජාලාව කෙසේ විය යුතුද .... මෙය මැනවින් නාට්‍ය කරුවා තේරුම් ගෙන තිබෙන බව කීම සාවධ්‍ය නොවේ .ප්‍රධාන වශයෙන් මෙම නෝරා කියන චරිතය තුල ප්‍රාථමික ලක්ෂණ පවතියි . ඇතැම් විට නෝරා උඩ පැන අත්පුඩි ගසන්නේඑම ලක්ෂණ මතුවන විටය .එවැනි අවස්ථා බොහොමයක් මෙම නාට්‍ය තුල පවතියි .එය නියමාකාරයට ජගත් බන්ඩාරයන් වටහාගෙන නිර්මාණය කර තිබුණි.

මෙම නාට්‍යයේ ක්‍රොග්ස්ටඩ්ගේ චරිතය යනු තමන් උදෙසාම වැඩ කරන තමන් වෙනුවෙන් අරගල කරන පුද්ගල චරිතයයි .ඔහුව හෙල්මර් විසින් කන්තෝරුවෙන් අස්කරන්නට පටන් ගන්නා දින සිටම , නෝරා තමන් සමග කළ රහස් ගණුදෙනුවට අදාල ලියවිල්ල තම ආයුධය බවට පත් කරගනියි .ඔහු මෙම ලියවිල්ල සමග නෝරාව හිර කරන්නේ තම රස්සාව වෙනුවෙනි .බිරිඳගේ හැරයාමත් සමග ඔහු ඇද වැටී තිබුණු ජරා ජීර්ණ අවදියෙන් ගොඩ ඒමට පණ කෙන්ද වගේ ඔහු සටන් කරයි .මේ කියන්නා වූ අරගල ඔහු තුල ගොඩනැගෙන ආකාරය මනාවට ප්‍රේක්ෂකයාට ගෙන ඒම අධ්‍යක්ෂකවරයාගේ වගකීමකි . නෝරාගේ සියලුම රංගයන් ප්‍රේක්ෂකාගාරය වෙත ගලා යන්නට පටන් ගන්නේ මෙම චරිතයේ පවතින වර්ණයත් සමගය . එය මහා භාරදූර කාර්යයකි. එයද නාට්‍ය කරුවා ජයගෙන තිබෙන බව කිවයුතු අතර ක්‍රොග්ස්ට්ඩ්ගේ සංවාද ගලනය තාවත් වේගවත් වූයේනම් මැනවි යැයි මට සිතේ .එසේ නොවන විට නෝරාගේ චරිතයේ වර්ණය ඉදිරියට කැපී නොපෙනෙයි . ඒ වාගෙම මාගේ විචක්ෂණයට නතු වූ තවද කාරණාවක් වන්නේ නෝරාගේ චරිතය තුලට එම සම්පත් දායිකාව දුන් බර තව තවත් වැඩි විය උතු බවයි . ඒ චරිතයේ හැගීම් අපගේ හදවතට නොදැනුණු බවක් හැඟුණි . නමුත් සාධාරණයක් කිරීමට ඇය උත්සහ දැරූ බව කිව යුතුය .

අධ්‍යක්ෂණය මත මැනවින් පෝෂණය වී තිබූ චරිත ද්විත්වය ලෙස ලින්ඩේගේ චරිතය හා ඩොක්ට රෑන්ක්ගේ චරිතය ගැනීමට පුළුවන .ලින්ඩේ යනු ජීවිතය වටහා ගත් ගැහැණියකි .ජීවිතයේ දුක් කම් කටොළු විඳ දරා සිට තිබෙන ගැහැණියකි . ඇයගෙ ස්වරය තුල ඒ සෑම දෙයම ගැබ්ව පවතියි .එය එම චරිතයට පණ පෙවූ සම්පත් දායිකාව මැනවින් සාධාරණලෙස චරිතයට ඉටුකළ බව පෙනිණ .

ඒ වාගේම රෑන්ක්ගේ චරිතය යනු මරණය දකිමින් ජීවත් වන මිනිසෙකි . ඔහු නෝරාට ආදරය කරයි . මරණය තෙක්ම සිත තුල පැසවමින් තබා ගෙනසිටි ඔහු එය අවසාන් බිඳ වැටීමට පෙර ඇයට ප්‍රකාශ කරයි . ඔහු තුල මේ ආකාරයෙන් ගොඩ නැගෙන සිද්ධි දාමය තුල අධ්‍යක්ෂක වරයා ඊට අදාල නියම මග පෙන්වීම කර තිබේ . නාට්‍යය තුල සිටින පහලම ස්වර ලාභියා එම චරිතයයි . ඒ එම චරිතයට අදාල වර්ණයයි . එය අධ්‍යක්ෂක වරයා මෙන්ම් නළුවාගෙද කැපවීම තුල වේදිකාව මත සාර්ථකව අපට දැක ගැනීමට හැකි විය .

නාට්‍යයේ මුල සිටම ටෝවල්ඩ් නෝරාට ආමන්ත්‍රණය කරන්නේ " මගේ පුංචි ගී කිරිල්ලි , හා පැටික්කි , බෝනික්කි ලෙසය .නමුත් ඔහුගේ ජීවිතය වෙනුවෙන් ඇය ගත් ණය පත්‍රිකාව දුටු පසු ඇයව කාලකණ්ණි ගැහැණියක් බවට පත් වෙයි .තකතීරු ගෑණියක් වෙයි .ඇයට සිය දරුවන් පවා හැදීම තහනම් කරයි .නෝරාට ටෝවල්ඩ්ව තේරුම් ගැනීමට පටන් ගැනෙන්නේ මෙතැන් සිටය . ක්‍රොග්ස්ට්ඩ් නැවත එම රහස එලි නොකරන බවට ලියුමක් එවූ විත ඔහුට නැවතත් ඇය කලින් සිටි බෝනික්කියම වෙයි .නමුත් ඇයව වටහා නොගන්නා ටෝවල්ඩ්ව ඇය වටහා ගනියි .ඔවුන් දෙදෙනා ජීවිතයේ පලමු වතාවට ආලින්දයේ මේසය මත එකට ඉඳගෙන මිනිහා හා ගැහැනිය විදිහට මේ අරගලය සාක්ච්ඡා කරයි .නෝරා ඔහුව වටහා ගෙන හමාරය .ඇය සොයන පිරිමියා මොහු නොවන බව වැටහුණු විට ඇය නියම ජීවිතය සොයාගෙන නිවස අතහැර දමා පිටව යයි .

බෝනිකි ගෙදර නාට්‍යයේ අන්තර්ගතය තුල කාන්තා විමුක්තිය පිළිබඳව කතා කෙරෙන බව හුදෙක් පවසන්නේ මෙම නෝරාගේ පිට වීම හරහාය .නමුත් එතන විග්‍රහ කෙරෙන්නේ ඔවුනොවුන් තුල පවතින් වැටහීම යන කාරණාව බව පැහැද්ලිය .කෙසේ වුවද මෙම නාට්‍ය තුල මෙවැනි වෙන් වූ ජීවිත දෙකක එක් වීමද සිදුවෙයි .නෝරාගේ හ ටෝවල්ඩ්ගේ විවාහය දෙදරා යන මේසය මතදීම ලින්ඩේගේ හා ක්‍රොග්ස්ට්ඩ්ගේ විවාහය නැවතත් එකතු වෙයි .ඒ ඔවුන් දෙදෙනගේ වැටහීම යන කාරණාව පාදක කොත ගනිමිණි .

සමස්ථයක් ලෙස මෙම නව නිෂ්පාදනය තුල නාට්‍ය සංගීතය හා වෙස් මෝස්තර ඇඳුම් නිරමාණය ඉතා ඉහළ තලයක තිබුණු බව කීව යුතුය .අනෙකුත් ආන්ශාංගිකයන්ද ඒ ආකාරයෙන්ම් නාට්‍යයේ ගලා යාමට රිසි ලෙස කළමණාකරණය වී තිබුණු බව අපට පැහැදිලි විය .

මේ ආකාරයට බලන විට ලාංකේය වේදිකාව මත සාපේක්ෂ වශයෙන් ඉබ්සන්ව නිරූපණය වූ බව කිව හැකිය . ඒ සඳහා අධ්‍යක්ෂවරයාගේ සිට විශාල කාර්යය හාර්යයක් සිදු වී තිබුණි .නූතන වේදිකාව මත රසය විඳින්නට හැකි උසස් කලා නිර්මාණයක් ජගත් බණ්ඩාරයන්ගේ දැක්ම තුල නිර්මාණය වී තිබූ බව ප්‍රශංසනීයව කීමට පුළුවන .

10/2/10

එදත් අද වගේ දවසක්....... ! ( 4 වන කොටස )


පාසල් ගවුමක් ඇඳගත් කෙනෙකු මා හට ඈතින් එනු පෙනෙයි .ඔව්..... ඒ ඇය යයි මා සිත විශ්වාස කරයි .කෙමෙන් ඈ බස් රථය දෙසට ඇදින .මා තුල ඇය ඉදිරියට වී මුහුණ දීමට ධෛර්යයක් නැතිදෝ හෙයින් මා ඇය බව හඳුනා ගත් සැනින් ඒ අසල වූ ටිකට් පත් කුටියට මුවා වුයේ මා ඇය එනතුරු බලා සිටියේ යැයි ඇයට නොදැනීම පිණිසය .

ඇය බස‍යට නැග වාඩි වූයේ කවුළුව අසලමය .මා ටික වේලාවක් එතනට වී බලා සිට ඇයට නොපෙනෙන සේ බසයේ ඉදිරි දොරටුවෙන් බසයට නැංගේය .පසුව මා ඇයව හදිසියේ දැක්කා සේ ඇය ලගින්ම වාඩි විය .මා පිළිබඳව කිසිඳු චකිතයකුදු නොමැති වූ ඇය මා සදාදර ලීලාවෙන් පිළිගත් බව මතකය .

" ගුඩ් මෝනින් " මා ඇයව පිළිගත්තේ ය .

" ගුඩ් මෝනින් " ඇයගේ මුවින් පිට විය .

ම ඇය වෙනුවෙන් එකතු කොට මාගේ නිසදැස් එකතුව බෑගය තුල තාමත් තෙරපෙයි . ඇය මාගෙන් එය ඉල්ලාවිදෝ කියා මා තුල නොඉවිසිල්ලක් මතුවෙයි .

" ඔයා ගෙනාවද මම ඊයේ කියපු දේ......."

" මොනවද.... ? නිසදැස් පොතද ...... " ඇය මා දෙස බලා එය යැයි අනුමත කලේ ය .

" ඔව් . මෙන්න ." මා ඇයට මා ගෙනා පොත අතට දුන්නේය .

" අම්මෝ .... මෙච්චර ගොඩක් . මම මෙච්චර ඒව ගේන්න කිව්වෙ නැහැනෙ . කොහොමත් මට මේ ඔක්කොම නම් කියවන්න බැරි වේවි . "

" කමක් නැහැ..... ඔයා ඒක කියවල ගෙනත් දෙන්න "

" ඒ උනාට........ "

" කමක් නැහැ .ඔය ඒ ගැන හිතන්න එපා . මට ඕක පස්සෙ දවසක් ගන්න පුළුවන්නෙ ..... "

ඇය සිනාවක් පාමින් මාගේ නිසදැස් කියවන්නට විය .ඒ සමගම නිහඩ තාවය රජ කරන්නට විය . මේ නිහඩතාවය මාගේ නිසදැස් පොත නිසාය . මා තුල දැන් ඇය වෙත ගෙනා පොත පිලිබඳව වෛරයක් ඇති වෙයි .එය මා හා ඇය අතරට ආ බාධාවක් යැයි මට දැන් හැඟේ .

මා හට තවත් ඒ නිහඩ බව ඉවසීමට නොහැක .මා විසින්ම ඒ නිහද බව බිඳිණ .

" ඔයා මේ ළඟ නේද ඉන්නෙ ....."

" මේ දැන් ඉන්නෙ ඔයා ලඟ" ඇය මාගේ කීම විහ්ළුවකට පත් කලේය .

" නැහැ මම ඇහුවෙ ඔයාගෙ ගෙවල් ගැන ..... "

" ඇයි ඔයා එහෙම අහන්නෙ.... ? '

" නැහැ ... මම දැක්කා ඔයා අර පැත්තෙ ඉදන් එනවා ."

ඇයගේ මුවගට සිනාවක් ඇතිවිය .එකෙනෙහිම ඈ මාගේ නිසදැසක් කියවමින් .......

" ඔය්ය ඇයි මම එනකන් බලන් හිටියෙ... " ඇය එය අසුවේ උපහාසයෙනි .

නමුත් මගේ මුවින් එය පිටවී හමාරය .මා හට මද ලැජ්ජාවක් වැනි හැඟීමක් ඇති වුවද මා එය යටපත් කර ගනිමින් ඇය හා කතා කලේය .

" එහෙම නෙමෙයි .මම එනකොට දැක්කා ඔයත් අර පැත්තෙ ඉදන් එනවා . ඒකයි . "

" එහෙමද ......" ඇය කවියක් කියවමින් පිළිතුරු දුන්නේය.

' හ්ම් " මාද ඊට ප්‍රතිචාර දැක්වීය .

නැවතත් නිහ්ඩ බව අපි අතරට ආවද එය බිඳ දමමින් බස් රථය ගමන් ආරම්භ කෙරිණ . ඒ සමගම ඇය මා වෙත හැරී මා ලියූ කවියක් පෙන්වීය .

" මේ .. මෙන්න මෙතන මේ අකුර වැරදියි නේද... ?"

: අහ්... ඔව් .මේකයි .... හදිස්සියට ලියන ඒවනෙ .ඒකයි ."

" අත්තටම මම මෙවට ගොඩක් කැමතියි . මම මේ ඇත්තමයි කියන්නෙ . ඔයා කවද හරි හොඳ කලා කාරයෙක් වේවි ."

ඇය මා ලියූ නිසදැස් ප්‍රශංසාවට ලක් කළේය්ය .මා හට එය මා ජීවිතයේ ලබපු ප්‍රශංසනීයම වචන කීපය බවට පත් විය .නමුත් එය මා අයගේ මුවින් ඇසූ අන්තිම වචන කීපය යැයි මා හට දැනිණ .


9/16/10

මා සිත ඇය අයිති කරගෙන .......... !


පුදුමාකාර හැඟීමක්
මා හට පමණක් අයිති වූ
මුළු හදවතම
ඇය අයිති කරගෙන
කොයිබදෝ අතරමං කොට
මා හටත් සොයාගත නොහැකි
අනන්තයටත් එහා දිවගිය
ආදරය පමණක් බුදින
ආදරය පමනක්ම පානය කරන ...................!

සිත තුල තිබූ
ලස්සන යැයි සිතුන
මාවත් නොදුටු ලස්සන හැමදේම
ඒ ලොව අහස සේ
වියන් ගත වී මා හිසට ඉහලින් ..................!
එයම පමණයි
ඒ ලොව පොලෝ තලයත්
අහස තෙක් නැගි
නීල තලයත් ..................!

පෙනෙන්නට ඇති සියලු දේ තුල
දකින්නට බැරි
ගැඹුරුම අනන්තය තුල
කඳුල සිනහව සිර කොට
හැඟීමක් නැති
ගන්දබ්භ දසුනක ..................!

අතරමං කර
කිසිදා හුදෙකලා නොවූ
මාගේ අහිංසක හදවත
මා හටම පෙන්වයි
පණ ගැහෙන මාගේම හදවත
ඒ තුලත් ඇයම පමණක්
චිත්‍රනය කොට ............................!

නොදනිමි
කුමක්දැයි මේ වෙනස .

මා සිත ඇය අයිති කරගෙන .
මා මුළු ගතම පරඩැලක් සේ
නිර්වින්දනය කොට ...................... !

එදත් අද වගේ දවසක්....... ! ( 3 වන කොටස )


බස් රථය වේගයෙන් ටව්න් හෝල් වෙනතෙක් වේගයෙන් ගමන් කෙරිණ .එතෙක් මා හා ඇය දොඩමළු නොවූවද මා මාගේ සිත තුලින් ඒ වන තුරුත් ඈ හා දොඩමළු වෙමින් සිටියේය .ඒ නිහඬ බව බිඳින . ඒ ඇයගේම ස්වරයෙනි .

" ඔයා ආනන්දෙට නේද යන්නෙ ......... "

" ඔව් . ඔයා කොහොමද දන්නෙ ... "

ඇය සිනාසිණි . " නැහැ . තාත්තත් එක්ක වෑන් එකේ යනකොට මම ඔයාව දවසක් ආනන්දෙ ගාවදි දැක්ක .ඒකයි ...."

මා තුලින් සිනාවක් පැන නැගිනි .

" ඇයි ඔයා හිනාවෙන්නෙ.. " ඈද සිනාසිණි .

" නැහැ ..... ඔයා ඒලවල්ද කරන්නෙ ...."

" ඔව් . බයෝ සයන්ස් .... ඔයා .. "

" මම ආට්ස් කරන්නෙ .. "

" ෂෝක්නෙ . මම මාර ආසයි . මමත් ආට්ස් වලට මාර ආසයි . නිසදැස් එහෙම ලියන්න . ඔයා දන්නවද නිසදැස් ලියන්න .. .. "

" ඔව් "

මා හට ඊලඟ නැවතුමෙන් ඇයගෙන් වෙන්වීමට සිදුව තිබිණි .මා ඊට සැරසුණේය .

" මම ගාමිණී හෝල් බහිනවා . මම ආයිත් දවසක මම ලියපුවා ගේන්නම් . "

ඇය මා දෙස බලා සිනාසිණි .ඇයගේ මුවින් බුදු සරණයි කියමින් මා හට ඇය සමුදෙන්නට විය .

" බුදු සරණයි ."මා මුවින්ද පිට වීය .

බසයෙන් බැසි මා නැවත ඇය දෙස බලා සිනාසුණේය .ඇයද මා දෙස බලා සිනාසුණි .

ඒ දවස මා හට හරියටම මතක නම් මා මෙහි ලිවීමට අපොහොසත් නොවනු ඇත .නමුත් මා එදා මා වෙනුවෙන් ගත් බස් ටිකට් පත දැනුදු මාගේ පර්ස් එක තුල තෙරපෙමින් තිබේ . රුපියල් 22 .00 ක ටිකට් පත . එය තවමත් අවුරුදු 3ක සිට මා සතුව ඇත . ඒ ඇය මා සමග පළමුවෙන්ම කතා කළ දවස සිහි වීම වෙනුවෙනි .

කෙනෙකු තවකෙකු හට ආදරය කිරීමට යම් යම් හේතූන් තිබීමට පුළුවන් වූ නමුත් මා ඇයට ආදරය කරන්නේ ඇයිදැයි මා තවම නොදනිමි .සමහරක් විට ඇයගේ හිනාවට මා දැන් පෙම් කරනවා ඇත .නැතිනම් ඇයගේ ඇස් දෙකට . එසේත් නැතිනම් ඇයගේ මුළු හදවතටම . දැන් මා ඇය වෙනුවෙන් ගී පබදින්නට වෑයම් කරයි . මේසයක් මත නැතිනම් මාගේම අත්ල මත . පංති කාමරය තුල ලියූ හැම වචනයකම අර්ථය ඇය බවට පත් වී හමාරය .නමුත් ඒ ආදරය ඇයට තවමත් නොහැගේ . මන්ද යත් .. මේය තවමත් මා සිත තුලම පොර බදන , සිතින් කරනා ආදරයක් පමණක් වන හෙයිණි .

දවස පෙරසේම අනතය තෙක් ගෙවීයයි . සිතෙහි එක කොනක නිධන් ගත වූ ඇයගේ රූපයද තුරුලු කොට මා නින්දට ගියේ සියලුම පාඩම් කටයුතු හමාර කොටය .

පාන්දර 5 . 30 යි . මා සුපුරුදු බස් රථයට ගොඩවිය .ඇය තවමත් නොමැත . මාගේ අත තුරුල් කොත ගෙන සිටින්නේ ඇය වෙනුවෙන් මා සකස් කළ මාගේ නිසදැස් පොතයි . කාමරය පුරා තැන් තැන් වල විසිර තිබූ පද වැල් ඇය වෙනුවෙන් එකට එකතු විය . ඒ එක පැයක් තුලදීය . ඇය තවමත් නොමැත . මා බසයෙන් බැස ඈත බලා සිටියත් ඇයගේ සේයාවක්දු දක්නට නොමැත්තේය . නමුත් ඇය පිලිබඳව යම් හැඟීමක් මා සිත තුල පොර බදයි .ඒ විශ්වාසය හා චකිතය අතර තනි වු ගන්ධබ්භ හැගීමකැයි මට සිතේ . ( මතු සම්බන්ධයි . )


9/13/10


මාගේ දෙසවන් තුල ඇයගේ මුවින් පිටවූ ඒ වචනය නිදන් ගත වූ සේය . බස් රථය ටවුන් හෝල් දක්වාම ගමන් කෙරිණ .එතෙක් ඇය හා මා එකිනෙකා සමග දොඩමළු නොවූවද , මා මාගේ සිත තුලින් ඈ සමග දොඩමළු නොවූවා නොවෙයි .පිටතින් ඇය හා මා අතර වූ නිහඩ බව බිඳිණ .

" ඔයා ආනන්දෙට නේද යන්නෙ "

" ඔව් , ඔයා කොහොමද දන්නෙ "

ඇයගේ මුවින් සිහින් සිනා රැල්ලක් පිටවිය .

" නැහැ..... මම අපේ තාත්තත් එක්ක වෑන් එකේ එනකොට ඔයාව මම දැකලා තියෙනවා .ඒකයි . "

" ඔයා A/L ද කරන්නෙ ..." මම මද සිනාවක්ද සමගින් ඇසුවේය .

" ඔව් .... බයෝ සයන්ස් .ඔයා... ? "

" මම ආට්ස් කරන්නේ ."

" ෂෝක්නෙ .. මම මාර ආසයි . මට ටිකක් විතර නිසදැස් එහෙම ලියන්නත් පුළුවන් .ඔයාට පුළුවන්ද ලියන්න .. ? "

" ඔව් "

මා හට ඊළඟ නැවතුමෙන් වෙන්වීමට සිදුවෙයි .මා ඊට සැරසිණ .

"මං ගාමිණී හෝල් බහිනවා."

ඇය මා දෙස බලා සිනාසෙන්නට විය. " බුදු සරණයි " .

" බුදු සරණයි " මා මුවින්ද පිටවිය .

ඒ දවස මතකයට එන්නේනම් මා මෙහි ලිවීමට අපොහොසත් නොවනු ඇත .නමුත් මා එදා මා වෙනුවෙන් ගත් බස් ටිකට් පත දැනුදු මාගේ පර්ස් එක තුල තෙරපෙමින් තිබේ . රුපියල් 22 ක ටිකට් පත .එය තවමත් අවුරුදු දෙකහමාරක සිට මා සතුව ඇත .ඒ ඇය මා සමග පළපුවෙන්ම කතා කළ දවස සිහි වීම වෙනුවෙනි .

9/12/10

ගොළු හදවත



කොතැනක සිටියත් දෙනෙතින් වෙන්වී
දසුනක් වී ඔබ යලි එනවා
එක තැන සිටියද දොඩමළු වී ඔබ
වෙනතක ඔබ සිත මුසු වෙනවා......... //

සුසුමන් මුසු කර රැව් දෙන ලය තුල
ඔබ රුව පමණක් නැලවෙනවා
ඒ හද තුල ඔබ නැලවෙන තාලෙට
ඔබ සිත නිහඩව නැලවෙනවා ........... //

තනි අහසට පෙම් කරනා ලෙස අපි
සඳ තරු සේ පෙම් ගී ලියනා
පෙම් ගීයේ අග තිතට බයේ ඔබ
තවමත් නිලුපුල් ගොලුවෙනවා .......... //

එදත් අද වගේ දවසක්... ! ( 2 වන කොටස )


කව්ළුව වෙතින් ඇයගේ දෙනෙත් මාගේ සෙවණැලි මත වැටිණි .මා ඇය දෙස යලිදු බලා සිටිණු ඇයට හැගෙන්නට ඇතැයි මට සිතේ .ඇය මා දෙස හොරහින් බලා සිනා නොවූවද ඇයගේ කම්මුල් රත් පැහැ ගැන්වුණු බව මා දුටිමි .බස් රථය එතනින් ඉදිරියටම ඇදෙන්නට විය .ඒ මා සිත තුල මොකද්දෝ නැවුම් හසරැල්ලක් ද ඉතිරි කරමිනි .

පාසල වෙත වෙනදාට වඩා ඉක්මණින් ඔඉය නැගූ මා පංති කාමරය වෙත ගියේ මා හටද තේරුම් ගත නොහැකි ලෝකයක අතරමං වෙමිණි .විටක ඒ මා තුල වූ වෙනස යම් අයකු වටහා ගන්නට ද ඇත .

" මලිත් , මොකද අද උඹ විනෝදෙන් වගේ .කොල්ලගෙ මූඩ් එකත් වෙනස් "

"ඇයි බං වෙනදට මම පැත්තක් ගහලා හිටියද ? " මා හට මද සිනාවක්ද ඇති විය .

"එහෙම නෙමෙයි බං , අද ටිකක් උඹ වෙනදට වඩා හැපි එකේ ඉන්නේ .ඒකයි ."

සංජීවට මා තුල සිදු වී ඇති වෙනස දැනෙන්නට ඇත .නමුත් මා සිදු වූ දේ මා සිත තුලම සඟවා ගෙන අහිංසක සංතෝසයක් සමගම හුදෙකලා වීමි .ඒ මොහොත තුල පමණක් නොව ඒ දවස මා ගත කලේ ඇය සමග අතරමං වූ ලෝකයක ය . නින්ද මා හට අමතක වූ බවත් ඇයගේ හද ගැස්ම මා සිත තුල රැව් දෙන බවත් මා හට ඒ රාත්‍රී අන්ධකාරය විටින් විට මතක් කෙරිණි .

පාඩම් කටයුතු අවසන් කරන විට රාත්‍රී 2.00 පසු වී තිබුණි .මා නින්දට යා යුතු බව දැනිණි .ඒ විඩාබර නින්ද නිසා නොව තව පැය කිහිපයකින් පෙර දින මා ගෙදරින් පිට වූ වේලාවටම ගෙදරින් යෑමේ බලාපොරොත්තුවෙනි .ඒ ආකාරයෙන්ම එය සිදු විය .නමුත් මා හට පාන්දර බස් එක මග හැරී තිබිණ .මාගේ දෙනෙත හැඟීම් මුසු වූ සුසුමන් සමඟ අහස දෙස යොමු විය .ඒ අහස මැද අතරමං වූ තරුවකි .මා ඒ දෙස බලා ප්‍රාර්ථනාගත නොවූවද මාගේ දෙනෙත් ඒ තුලින් ඇයගේ හමුවීම පැතූ බව මා සිතමි .ඊලඟ බස් එක වෙගයෙන් ඇදෙණු පෙනිණි .මා එක ක්ෂණයකින් එතුලට ගොඩ වී බස්නැවතුම කරා ගියෙමි .

අන්ධකාරය ගිලිහී ගොස්ය .ඇය මා හට මග හැරෙන්නට ඇත .සැනෙකින් හිසව ගිය හැගීම සමගින් මා යාමට සූදානම්ව තිබූ බස් එක තුලට නැංගේය .ඉයේ දවස පුරාවට මා සිත තුල තිබූ සුන්දරත්වය මා තුල තවද නොමැත .නමුත් දැනුදු ඇය මා හට හමුවිය හැකි යැයි සිතේ .මා දෙනෙත් ඒ තරුව විශ්වාස කෙරිණි . ඒ තරුවෙ සිහි සේයාවන් තවමත් මට පෙනෙ‍යි .ඇය බස් රථය දෙස පැමිනෙණු මා නෙතට හසුවිය .ඇය පැමිනියේ මා සිටි බස් රථය දෙසටය .මා වෙත ආ ඇය ආසනයේ ඉඳ ගැනීමට සූදානම් වූයෙන් මා ඇයට කව්ලුව අසල ඇයට පිරි නැමීය .ඇය මා දෙස තියුණු බැල්මක් හෙලීය .ඒ මද සිනාවක්ද සමගිනි . බස් රථය ගමන් ආරම්භ කෙරිණ .පෙර දින සේම ඇය නින්දට වැටින .කොන්දොස්තර මහතා මා වෙත පැමිණියේ මා ටිකට් පතක් මිලදී ගත යුතු බැවිනි .ඇය නිදාගෙන සිටි හෙයින් ඇයටද ටිකට් පතක් මිලදී ගැනීමට මා හට සිතුනද මා සිත එතරම් ශක්තිමත් නොවීය .මා ඇයට කොන්දොස්තරගේ ඉල්ලීම මත ඇහැරවීය .තිගැස්මකින් අවදි වූ ඇය ටිකට් පත මිලදී ගත යුතු වූයෙන් කොන්දොස්තර වෙතට සල්ලි දිගු කළේය .

"Sory " ඇයගේ මුවින් පිට විය .ඒ ඇයගේ අත මාගේ උර හිසෙහි ස්පර්ශ වූවෙනි .

" නෑ . ඒකට කමක් නැහැ .මා මුවින් පිටවිය . ( මතු සම්බන්ධයි . )

9/10/10

එදත් අද වගේ දවසක්...... ! ( 1 වන කොටස )


මේ කතාවේ ආරම්භය කොතනකදැයි දිනයක් වශයෙන් කීමට මා නොදනිමි . මා දන්නේ එදින සිට මා ඇයට පෙමින් බැඳුනු බව පමණකි .මා දැනටද ඇයට ආදරය කරමි.කෙනෙකුට මෙතරම් තවකෙකුට ආදරය කළ හැකිදැයි මා හට තේරුම් ගැනීමට නොහැකිය. නමුත් මේ ආදරය වෙනත ආදර කතාවන් සේ කිසිදා නිමාවක් නොදකින ආදර කතාවකි . මෙයට ඇත්තේ තප්පරෙන් තප්පරය හද තුලට පැන නැගෙන හැගීම් හා සිතුවිලි දහරාවක නැවුම් බවක් පමනකි .මා ඒ නැවුම් බවට ආදරය කරන්නට පටන් ගෙන අවුරුදු දෙකහමාරක් පමන වෙයි .

එදා අගහරුවාදා දවසකි .දින කීපයක් තිස්සේ පාසල් බස් රථය ප්‍රමාද වී පැමිනීම නිසා අප සියලු දෙනාට පාසල් ගේට්ටුව අසල රැඳී සිටීමට සිදු විය .ඒ වන විට මා 12 ශ්‍රේණියට ඇතුලත් වී දින කිපයක් ගත වූවා පමණකි .දිගින් දිගටම පාසල් බස් රථයේ සිදුවුනු ප්‍රමාදය නිසා නැවතත් පාසස්ල් රථ එනතුරු නොසිට පාරෙ බස් එකේ පාසල් යෑමට මා තීරණය කලෙමි .

පාන්දර 5.30 ට පමණ වන්නට ඇත .කොළඹට යෑමට කල් වේලා ඇතිව මා පිලියන්දලට පැමිණියේ 120 බස් නැවතුම්පළටය .ටික වේලාවක් බලා සිටි මා එතන යෑමට සූදානම්ව තිබූ බස් රථයට ගොඩ වැදුනේ මා ගතට දැනුණු පුදුමාකාර වෙනසක්ද ඇතිවය .බස් රථයත නැග ඉඳ ගැනීමට ආසනයක් දෙස බලන්නට විය .ඒ මොහොත මා ඒ සිහිනය අතර තනිකරලන්නට විය .මා දන්නේ මා ඇයට සිතින් බැඳුණු බව පමනකි .ඒ මාගේ ජීවිතයේ පළැමු වතාවට මාගේ සිත ගත් ලාලිත්‍යජනක සිත්තම බව කිවයුතුය . මා සැණෙකින් ඇය අසලින් වාඩි වීමි .එකෙනෙහිම ඇය මා දෙස බලා සිනාසෙන්නට විය .මාද ඇය දෙස බලා සිනාසීමි . ඇය දෙස විටින් විට හොරහින් බැලූ මා මේ චමත්කාරය අයිති මටම පමණක් යැයි සිතින් සිතීමි .බස් රථය ගමන් ආරම්භ කලේය .

ඇයද කොළඹ විද්‍යාලයක ශිෂ්‍යාවකි .ඇය ගමන් ආරම්ඹ කර විනාඩි කීපයකට පසුව නින්දට වැටිණි .ටිකින් ටික කොළඹට ළගා වූ බස් රථය මාගේ බස් නැවතුම වෙත ඇදෙමින් තිබිණි .මා ඇය දෙස විටින් විට බලන්නට වූයේ අවසාන වතාවට හෝ එක වරක් ඇයගේ සිනහවකින් මුසපත් වීමට වූ ආසවද සිතැතිවය . එකෙනෙහිම ඇහැරිණි . ඊලඟ නැවතුමේ මා බැසිය යුතුය . පිටුපස දොරටුවට ආසන්නව සිටියද මා ඉදිරිපස දොරටුව තුලින් බසයෙන් බැසීය .ඒ මා බස් රථයෙන් බැසි පසු කවුළුව අසල සිටි ඇය මා දෙස එක් වරක් හෝ බලණු ඇතැයි යන බලාපොරොත්තුවෙනි ..................(මතු සම්බන්ධයි )

9/4/10

දැන් ආයිත් වැඩට බැස්සා ඔන්න .............!

ඔන්න මට සමා වෙන්න ඕන . නාට්‍ය වැඩ කටයුතු නිසා ගොඩ කාලෙකින් මුකුත්ම ලියන්න බැරි වුනා . මම තමයි ගිය දවස් ටිකේ වේදිකාගත වුනු "ඉබ්සන්ගේ නාට්‍යක් වන බෝනිකි ගේදර වේදිකා නාට්‍යයේ වේදිකා පරිපාලක තැන. ඉතින් වැඩ ගොදක් තිබුනා .මම මේ නාට්‍යයේ රඟපෑවෙ නැති එක විතරයි . අනිත් හැම දේම් කළා .මාස 4 ක් කාලයක් විඳපු මහන්සිය අහක ගියේ නැහැ කියලයි මම හිතන්නෙ .මොකද කියන්නෙ අපේ සංසඳය තුල කවුරුහරි ඉන්නවනම් මේ නාට්‍ය බලපු ,මම කැමතියි දැන ගන්න ඒ අයගෙන් මෙම නාට්‍යය ගැනත් ටිකක්................... !

6/22/10

අන්ධකාරය හා ආලෝකය


විටෙක අන්ධකාරය ද ,
විටෙක ආලෝකය ද ,
අතර
මා අතරමං වුණි ...........
නමුත්
ආලෝකය තුල
මා හුදෙකලා වීමි .
අන්ධකාරය
මා අතරමං කරලීමි .

6/16/10

කැඩපත...... !


ඔබ
මා රුව දකිති .

මා
ඔබ රුව දකිති .

මා
ඔබ තුලින් මා දකිමි .

නමුත්

ඔබ
ඔබව නොදකිති .

6/15/10

බුද්ධික දමයන්තගේ " උතුරු කොනට පටු පාරක් " වේදිකා නාට්‍යය සහෘද විමංසාව ..............


සාගින්න ජීවත්වීම හා පැවැත්ම යන කරුණු කාරණාවන් රටක් දේශයක් වශයෙන් වෙනස් නොවී සෑම පුද්ගලයාටම එක සේ බලපාන කාරණාවන්ය .නමුත් මෙහිදී වෙනස් වන්නේ ඒ පුද්ගල සමාජ තුළ පවතින තරාතිරම හා පාරම්පරික දායාදයන් ය.මේ කියන්නා වූ තරාතිරම පාරම්පරික දායාද ඔස්සේ ඒ ඒ පුද්ගලයන්ට අර කියන්නා වූ කරුණු බලපdන්නේ වෙනස් ආකාරයට බව කිව යුතුය .බුද්ධික දමයන්තගේ "උතුරු කොනට පටු පාරක්" වේදිකා නාට්‍යයේ දක්නට ලැබෙන්නේ කලින් කලට මේ කියන්නා වූ කරුණු වලට මුහුණ දෙමින් පාරම්පරිකව උරුම වන පැල්පත් ජීවිතය උර ඔවාගෙන ඇවිද යමින් ජීවත් වන යුවළකගේ හා කාපිරි මහල්ලකුගේ සිද්ධි මාලාවකි .

නිතැතින්ම කාන්තාව හා පිරිමියා සංසන්දනාත්මකව සමාජ අරගල වලට මුහුණ දෙන ආකාරය වෙනස් වුවද මෙම සමාජ අරගලය තම ජීවන අරගලය හා බද්ධ වෙද්දී එහි එම අරගලයට එක සේ මුහුණ දීමට දෙදෙනාටම එක සේ සිදුවෙයි .නමුත් මෙම ජීවන අරගලය ඔස්සේ ගැහැණිය මානසික වශයෙන් අසංතුලිත වීමට පුලුවන .මෙම නාට්‍යය තුළ ප්‍රධාන නිළි භූමිකාව බවට පත් වන්නේ "ලෙනා " නම් වූ චරිතය යි .ඇය " බොස්පෑන් "ගේ බිරිඳයි . මොවුන් දෙදෙනාම ඇලෙස්කානු පැල්පත් නිවාස වල වෙසෙන දෙදෙනෙකි .සාධාරණාත්මක මෙන්ම අපූර්වත වූ රංග කාර්යයක යෙදෙන මෙම "ලෙනා" නම් වූ චරිතය එය රංගනය කරන නිළිය විසින් සාධාරනාත්මකව ප්‍රේක්ෂකයා වෙත ගෙන යනු ලබයි . මෙම චරිතය හැඟීම් සොයා යන ජීවන අර්බුධයක ඇලීගැලී සිටින චරිතයකි . පෙර ව්සී තම පැල්පත් විනාශ කිරීමට සුද්දන් පැමිණෙන විට බොස්පෑන් ඔවුන්ට උදව් කර තිබේ .ඒ පිලිබඳවම දොස් නගන ලෙනා , මෙතනින් ඊළඟට කොහේ කොතැනට යා යුතුද කියා හෝ නොදන්නේ බිරිඳක වශයෙන් බොස්පෑන් යන පසුපසම යන නිසාය .නාට්‍යය තුළ පසුතලය නිර්මාණය වන්නේ ලී කුඩු වැලි සහිත මඩ බවට පත් වන පරිසරයක් ලෙසටය . නාට්‍යය තුල මොවුන්ගේ ජීවිතද මඩේ එරුනු ජීව්ත වැනිය. බොස්පෑන් මෙම බිමෙහි නැවතීමට උත්සහ කරන විට , ලෙනා අකමැත්තෙන් වුවද මෙම යතාර්තයට මුහුණ දීමට උත්සහ ගනියි .මින් පසුව නාට්‍යය තුළ චරිත විශ්ලේෂනය වීමට පටන් ගන්නේ කාපිරි මහල්ලාගේ පැමිනීමෙන් පසුවය .

ගැහැණිය හා ස්වාමියා අතර විවාහය යන සංකල්පය පළමුව ආරම්භ හෝ නිර්මාණය වන්නේ සිතෙහිය .සත්‍ය වූ සමාජ කාරණාව වන්නේ,විවාහයට පෙර ස්වාමියා ගැහැණිය පසු පස හඹා ගොස් විවාහයෙන් පසුව ගැහැණිය තම ස්වමියා පසුපස හඹා ඒමයි .ඒ ඇය හා ඔහු පසු පස හඹා යනුයේ ඔවුනොවුන්ගේ හැඟීම් යන කාරණාව නිසා මිස වෙනදු කාරණාවක් නොවෙයි .

මෙම නාට්‍යය තුළ අපට දැකිය හැකි කාරණාවක් වන්නේ ,බොස්පෑන් තම ජීවන ක්‍රමය යතාර්ථයම කොට ගනිමින් එහිම ලැග සිටීමය.එහිදී ලෙනාගේ හැඟීම් ඔහුට විහිළුවකි.විකාර හා මැසිවිලි කීපයක් පමණි. ඇය ඈත යනු දුටු කාපිරි මහල්ලා තමන් වෙතට ගෙන්න ගනු ලබන්නේ මෙම කාරණාව මතය. ඇය නිතැතින්ම ගැහැනියකි .ඇයට ඇය හා කතා කිරීමට අයකු අවශ්‍යය . ඇයගේ හැඟීම් සංනිවේදනය කර ගැනීමට කෙනෙකු අවශ්‍යය. මෙම අවශ්‍යතාවයන් මත බොස්පෑන් ක්‍රියා නොකරද්දී ඇය එම මහල්ලාව එහි නතර කර ගනියි.ඒ බොස්පෑන්ගේ දුර්වලකමින්ද ප්‍රයෝජන ගනිමිනි.

පුද්ගලයන් අතර පවතින අරගලයන් හැඟීම් සමග පමණක් මුසු කොට බුද්ධිය නෙරපා දමද්දී එකිනෙකා අතර වූ සහසම්බන්ධතාවය ගිලිහී යයි. මෙම නාට්‍යයේ පුරාවටම ලෙනා තම ජීවන කටුකත්වය කාපිරි මහල්ලා සමග කතා බහ කරයි.මෙහි දී අප විචක්ෂණයට ලක් කළ යුතු ප්‍රධානම කාරණාව වන්නේ,මහලු කාපිරි මහල්ලාගේ භාෂාව ලෙනාට නොවැටහීම හා ඇය ඔහු සමග තම ජීවිතය කතා බහට ලක් කිරීමය .එයින් අපට පැහැදිලි වන්නේ ඇයට තමන්ගේ කතා වලට සවන් දෙන අයකු අවශ්‍ය වූ බවයි. මෙය ලෙනාගේ පමණක් නොව සර්වකාලීන ගැහැණියගේ යථාර්තය යි.

නාට්‍යයෙහි එක් අවස්ථාවකදී ලෙනා තමන් ළඟ තිබූ පාන් ගෙඩියක් කාපිරි මහල්ලටද දී තුනට කඩා කෑමට තීරනය කරයි.නමුත් බොස්පෑන් එයට විරුද්ධ වෙයි. ඈතැම් විටක ලෙනා නොමැති එවූ විට බොසපෑන් කාපිරි මහල්ලාට පහර එල්ල කරයි. තවත් විටෙක ලෙනාව සීතලේ තබා බොස්පෑන් පමනක් අටවා ගත් පැලට රිංගයි. මේ සියලුම දේවල් සිදුවන්නේ බොස්පෑන් ලෙනාව නිසියාකාරව තේරුම් නොගැනීම නිසාය. විටෙක මහල්ලා පිලිබඳව ඇතිවන ඊර්ෂාව නිසා ව්ය හැකිය.

නළුවාගේ රංගන පෞරුෂය ඉත සාර්ථක ලෙස මතු පිටටගල එන්නේ එම නළුවාගේ ශරීරය තුල සැඟව තිබෙන කැත එලියට උද්දීපනය කර පෙන්වන තරමටය. මෙම නාට්‍යයේ "ලෙනා'ගේ භූමිකාව තුල එම නිළි වර්ගයා "තමන් යන ප්‍රස්තුතයෙන් මිදී යථාවාදී චරිතයට සමාරෝපනය වී තිබේ. කටහඬ ,අංග චලන හැසිරීම නාට්‍යයේ චරිතය හා බද්ධ කොට චරිතයට මනා වූ සාධාරණයක් ඉටු කරයි."බොස්පෑන්"ගේ චරිතය ද එසේමය .නාට්‍යයේ අවසානය වෙත අපගේ විචක්ෂණ බුද්ධිය යොමු කරන විට ,ගැහැණියකගේ පෞරුෂය ඔස්සේ පුරුෂයාගේ ආත්මාර්තකාමීත්වය බිඳවැටෙයි. විටෙක බොස්පෑන් ලෙනා පසුපස පහර දීමට දිව යද්දී එක් වරම ඇය ඔහුට තර්ජනය කරයි. බොස්පෑන් නිෂ්චල වෙයි.

නාට්‍යය අවසානයේ දී මහල්ලා මිය යයි. එහිදී මොවුන් දෙදෙනා අරගල කරන්නේ මෙම වරද බෙදා ගැනීමටයි.නමුත් මහල්ලා මිය යන්නේ ඔහුගේ වයසට මිස මොවුන් දෙදෙනාගේ බලපෑමකින් නොවේ. නමුත් හෙට උදෑසන මොවුන් දෙදෙනාට මුහුන පෑමට සිදුවන යතාර්ථය වෙනස්ය.මෙය මරණයක් බවට නියත වශයෙන්ම සිතනු ඇත.එම නිසා මොවුන් දෙදෙනා අරගල කරයි. බොස්පෑන් ලෙනාව දමා යන්නට සදයි. අවසානයේ දී මොවුන් දෙදෙනාම මහල්ලගේ මළකඳ එතනම දමා යලිත් වෙනත් තැනක් සොයා යයි. නැවතත් ඔවුනොවුන් ඔවුන්ගේ යතාර්ථයන්ට මුහුන දෙනු ලබයි.

"උතුරු කොනට පටු පාරක් " නට්‍යයේ රංගනය තුළ දැකිය හැකි විශේෂත්වය වන්නේ සංවාද කීමට වඩා එහා ගිය රංගන පෞරුෂයක් ගොඩ නැගී තිබීමය.එය මනා ලෙස නාට්‍ය අධ්‍යක්ෂක විසින් හසුරුවා ඇත. රංගාලෝකය අප නාට්‍යක් සඳහා යොදා ගත යුත්තේ හුදෙක් නළුනිළියන්ගේ අලංකාරයට නොව නාට්‍ය පෞරුෂයට බව පිළිගත යුතුය. රංගාලෝකය මගින් පාත්‍ර වර්ගයාව ප්‍රේක්ෂකයාට පෙනිය යුතු සේම ,නාට්‍ය දේහයටද සාධාරණීකරනයක් ඉටු විය යුතුය. මෙමේ "උතුරු කොනට පටු පාරක් " නාට්‍යයේ මෙම කාරණය මැනවින් වටහාගෙන තිබෙන බව සහෘද අපට වැටහේ. නාට්‍යයේ සිදුවන සිද්ධි මාලාවට ,වේලාවට,සිදුවන පරිසරයට උචිත පරිදි අවශ්‍ය රංග ආලෝකය නිර්මාණය කොට ඇත. නාට්‍යයේ සාර්ථකත්වයට එයද පිටිවහලක් වී තිබෙන බව කිව යුතුය.