ස්වභාවිකතවයේ හිනි පෙත්තටම ආ අපි , ස්වාභාවික නොවූත් යථාර්තවාදී නොවුත් බොහෝ දේ සොයන සුනිල දිය දහර යට වැඩෙන සුනිල ලදු පත

10/2/10

එදත් අද වගේ දවසක්....... ! ( 4 වන කොටස )


පාසල් ගවුමක් ඇඳගත් කෙනෙකු මා හට ඈතින් එනු පෙනෙයි .ඔව්..... ඒ ඇය යයි මා සිත විශ්වාස කරයි .කෙමෙන් ඈ බස් රථය දෙසට ඇදින .මා තුල ඇය ඉදිරියට වී මුහුණ දීමට ධෛර්යයක් නැතිදෝ හෙයින් මා ඇය බව හඳුනා ගත් සැනින් ඒ අසල වූ ටිකට් පත් කුටියට මුවා වුයේ මා ඇය එනතුරු බලා සිටියේ යැයි ඇයට නොදැනීම පිණිසය .

ඇය බස‍යට නැග වාඩි වූයේ කවුළුව අසලමය .මා ටික වේලාවක් එතනට වී බලා සිට ඇයට නොපෙනෙන සේ බසයේ ඉදිරි දොරටුවෙන් බසයට නැංගේය .පසුව මා ඇයව හදිසියේ දැක්කා සේ ඇය ලගින්ම වාඩි විය .මා පිළිබඳව කිසිඳු චකිතයකුදු නොමැති වූ ඇය මා සදාදර ලීලාවෙන් පිළිගත් බව මතකය .

" ගුඩ් මෝනින් " මා ඇයව පිළිගත්තේ ය .

" ගුඩ් මෝනින් " ඇයගේ මුවින් පිට විය .

ම ඇය වෙනුවෙන් එකතු කොට මාගේ නිසදැස් එකතුව බෑගය තුල තාමත් තෙරපෙයි . ඇය මාගෙන් එය ඉල්ලාවිදෝ කියා මා තුල නොඉවිසිල්ලක් මතුවෙයි .

" ඔයා ගෙනාවද මම ඊයේ කියපු දේ......."

" මොනවද.... ? නිසදැස් පොතද ...... " ඇය මා දෙස බලා එය යැයි අනුමත කලේ ය .

" ඔව් . මෙන්න ." මා ඇයට මා ගෙනා පොත අතට දුන්නේය .

" අම්මෝ .... මෙච්චර ගොඩක් . මම මෙච්චර ඒව ගේන්න කිව්වෙ නැහැනෙ . කොහොමත් මට මේ ඔක්කොම නම් කියවන්න බැරි වේවි . "

" කමක් නැහැ..... ඔයා ඒක කියවල ගෙනත් දෙන්න "

" ඒ උනාට........ "

" කමක් නැහැ .ඔය ඒ ගැන හිතන්න එපා . මට ඕක පස්සෙ දවසක් ගන්න පුළුවන්නෙ ..... "

ඇය සිනාවක් පාමින් මාගේ නිසදැස් කියවන්නට විය .ඒ සමගම නිහඩ තාවය රජ කරන්නට විය . මේ නිහඩතාවය මාගේ නිසදැස් පොත නිසාය . මා තුල දැන් ඇය වෙත ගෙනා පොත පිලිබඳව වෛරයක් ඇති වෙයි .එය මා හා ඇය අතරට ආ බාධාවක් යැයි මට දැන් හැඟේ .

මා හට තවත් ඒ නිහඩ බව ඉවසීමට නොහැක .මා විසින්ම ඒ නිහද බව බිඳිණ .

" ඔයා මේ ළඟ නේද ඉන්නෙ ....."

" මේ දැන් ඉන්නෙ ඔයා ලඟ" ඇය මාගේ කීම විහ්ළුවකට පත් කලේය .

" නැහැ මම ඇහුවෙ ඔයාගෙ ගෙවල් ගැන ..... "

" ඇයි ඔයා එහෙම අහන්නෙ.... ? '

" නැහැ ... මම දැක්කා ඔයා අර පැත්තෙ ඉදන් එනවා ."

ඇයගේ මුවගට සිනාවක් ඇතිවිය .එකෙනෙහිම ඈ මාගේ නිසදැසක් කියවමින් .......

" ඔය්ය ඇයි මම එනකන් බලන් හිටියෙ... " ඇය එය අසුවේ උපහාසයෙනි .

නමුත් මගේ මුවින් එය පිටවී හමාරය .මා හට මද ලැජ්ජාවක් වැනි හැඟීමක් ඇති වුවද මා එය යටපත් කර ගනිමින් ඇය හා කතා කලේය .

" එහෙම නෙමෙයි .මම එනකොට දැක්කා ඔයත් අර පැත්තෙ ඉදන් එනවා . ඒකයි . "

" එහෙමද ......" ඇය කවියක් කියවමින් පිළිතුරු දුන්නේය.

' හ්ම් " මාද ඊට ප්‍රතිචාර දැක්වීය .

නැවතත් නිහ්ඩ බව අපි අතරට ආවද එය බිඳ දමමින් බස් රථය ගමන් ආරම්භ කෙරිණ . ඒ සමගම ඇය මා වෙත හැරී මා ලියූ කවියක් පෙන්වීය .

" මේ .. මෙන්න මෙතන මේ අකුර වැරදියි නේද... ?"

: අහ්... ඔව් .මේකයි .... හදිස්සියට ලියන ඒවනෙ .ඒකයි ."

" අත්තටම මම මෙවට ගොඩක් කැමතියි . මම මේ ඇත්තමයි කියන්නෙ . ඔයා කවද හරි හොඳ කලා කාරයෙක් වේවි ."

ඇය මා ලියූ නිසදැස් ප්‍රශංසාවට ලක් කළේය්ය .මා හට එය මා ජීවිතයේ ලබපු ප්‍රශංසනීයම වචන කීපය බවට පත් විය .නමුත් එය මා අයගේ මුවින් ඇසූ අන්තිම වචන කීපය යැයි මා හට දැනිණ .


No comments: