ස්වභාවිකතවයේ හිනි පෙත්තටම ආ අපි , ස්වාභාවික නොවූත් යථාර්තවාදී නොවුත් බොහෝ දේ සොයන සුනිල දිය දහර යට වැඩෙන සුනිල ලදු පත

2/22/13

2012 යොවුන් නාට්‍ය උළලේ කෙටි නාට්‍ය කිහිපයක් පිළිබඳව විමංසාවක්


                     යොවුන් නාට්‍යකරුවා යනු නිර්මාණශීලීත්වය සම`ග යෙදෙමින් අලූත් දේ සොයා යන්නෙකි. සම්මතය හා අසම්මතය තුල රැුෙ`දමින් සම්ප‍්‍රධායන් වෙනස් කරන්නේද නව සම්ප‍්‍රධායන් නිර්මාණය කරන්නේද මොවුන්මය. මොවුන් නිතරම විමර්ෂණශීලීහු වෙති. ඒ තුල සියලූ න්‍යායන් සංස්කෘතීන් සම`ග ගැටෙන්නත් වෙති. ඒ තුල ඔවුන් ඔවුනට අවැසි දේ මුදුන් පමුණුවා ගැනීම වස් තර`ග කරන්නාහුය. ක‍්‍රි. පූ. 6 වන සියවසේ ග‍්‍රීසියේ විසූ ”තෙස්ජිස් ” ද එවැන්නෙකි. නර්තන ගායන සම්ප‍්‍රදායන් සුනු විසුනු කොට ඔහු න`ඵවකු ලෙස ප‍්‍රථම භූමිකාව නිරිමාණය කරයි.
                                                                                      එදා මෙදා තුර ලෝකයේ විවිධ වූ නාට්‍ය රීතීන් ශෛලීන් බිහි වෙමින් පවතී. ඒ අතරතුර යොවුන් නාට්‍ය කරුවා තෙස්ජිස්ගේ මුහුණුවර තව තවත් ප‍්‍රතිසංවර්ධනය කළහ. නාට්‍ය යන්න ආරම්භ වූ දා පටන්ම නාට්‍යකරුවා උත්සහ දරන්නේ නාට්‍ය භූමිකාව හැකිතාක් පේ‍්‍රක්‍ෂකයාට සමීප කරවීමටයි. ඒ අතරතුර සෙසු න්‍යායගත ශෛලීන්ද බිහි නොවුනාද නොවෙයි. කෙසේ වුවද ශෛලිගත සම්ප‍්‍රදායයන්ගෙන් ඔබ්බට විසි වන නාට්‍ය පසුව යථාර්ථ වාදී නාට්‍ය ශෛලියකට අත පොවයි. ඒ තුලද වැඩෙන නාට්‍යකරුවා ගතානුගතික න්‍යායන්ගෙන් බැහැරව මේ වන විට අධි යතාර්ථවාදී න්‍යායන් තුලට පිවිස තිබෙයි. මේ කියන්නා වූ ප‍්‍රවර්ධනය තුල පෙරමුණෙහි ලා සිය කාර්ය සාධනයන් නාට්‍ය කලාව තුලට ගෙන එනු ලබන්නේ නවමු චින්තකයන්ය. පවතින දෙයට වඩා ඉන් එපිටට ගොස් යම් ප‍්‍රපංචයක් විනිවිද දකින්නවුන්ය. ඒ යොවුන් පරපුරයි. මොවුන් නාට්‍ය රීතීන් හදාරන්නවුන්ය. ලෝකය දෙස වෙනස් ලෙස බලනවුන්ය. හතරවන චිත්තය වෙනස් ආකාරයකට සකස් කරන්නට වෙර දරනවුන්ය. එම නිසාම තරුණ සේවා සභාව හරහා එළිදකින යෞවන සම්මාන නාට්‍ය උළෙල මොවුනට පර්යේෂණාගාරයකි. පර්යේෂණාගාරයේ සිය ප‍්‍රතිඵලය  සමාජගත කිරීම ස`දහා වූ අවස්ථාවකි. එම ප‍්‍රතිඵල විනිශ්චයට ලක් කිරීමට අවස්ථාවකි.
                                                                                         නූතනය වන විටත් අපට අසන්නට දකින්නට ලැබුණු පොදු සත්‍යතාවයක් වන්නේ වේදිකා නාට්‍ය බැලීම ස`දහා පේ‍්‍රක්‍ෂක හි`ගයක් තිබෙන බවයි. ඒත් දැනට වසර 4ක 5ක පමණ කාල පරාසය තුල වේදිකා නාට්‍ය නැරඹීම ස`දහා වූ පේ‍්‍රක්‍ෂක පිරිසෙහි වැඩි වීමක් දක්නට ලැබෙයි. එම නිසාම විවිධ වූ නාට්‍ය උළෙලවල් ආරම්භ වී තිබීමද සතුටට කාරණාවකි. එසේ නම් දැන් දැන් නිර්මාණශීලී වේදිකා නාට්‍ය කළ යුතු වෙයි. සිංහල වේදිකාව 60, 70 දශක වල තිබූ තරමට ස්වර්ණමය කළ යුතු වෙයි. පසුගිය දා පැවති යෞවන නාට්‍ය උළෙල පිළිබ`දව විමර්ශනයක යෙදෙන විට ඉහත කී කාරණාව තව තවත් කොතැනින් ප‍්‍රවර්ධනය කළ යුතුද යන්න පැහැදිලි කර ගැනීමට පු`ඵවන.
                                                                                                                      මෙවර පැවති යෞවන සම්මාන නාට්‍ය තුළ තිබුණු පොදු කාරණාව වන්නේ බොහෝ නාට්‍ය තුල කතාකොට තිබුණේ දැනට වසර 10 ක් පුරා නාට්‍ය තුල කතා කරන පොදු කාරණාවන්මය. ඉන් ඔබ්බට ගොස් තිබුණේ නාට්‍ය කීපයකි. කෙසේ වුවත් මෙවර නාට්‍ය තුල හො`ද අර්ථකථන හො`ද මතවාද ගෙන ආ නාට්‍ය කීපයක් තිබුණද ඒවා තුල එම වස්තු බීජ අමු අමුවේ මරා දැමීමක් එම නාට්‍ය තුල තිබුණි. මුල සිට අගට වස්තු බීජය වර්ධනය නොකොට බීජය පමණක් වේදිකාව මතට ගෙනවිත් පේ‍්‍රක්‍ෂකයා අතරමං කරවීමක් තිබුණි. උදාහරණයක් ලෙස විචාරයට ලක් කරන විට ප‍්‍රමිල සමරකෝන්ගේ නිර්මාණයක් වූ ..්ටරුැපැබඑ..  වේදිකා නාට්‍යයේ ඉහත කී කාරණය තිබුණි. එම නාට්‍ය වි`දින පේ‍්‍රක්‍ෂකයාට සරලව පෙනෙනුයේ එක් විද්‍යාඥයෙක් සතුටින් පුද්ගලයෙක්ව මරන්න දරණ ප‍්‍රස්තූතයකි. සමාජය තුල මේ වන විට විවිධ වූ සිහින වෙන්දේසීන් තුල තම සිහින විකුණා සතුට භුක්ති වි`දීමට උත්සහ දරයි. නමුත් ඒ තුල ඔවුන් පණ අදින්නට පටන් ගනියි. ඔවුනට තව තවත් සිහින ගෙන එන සමාජ ප‍්‍රපංචයන් තුලට ඔවුන් ආදරය කරයි. නමුත් ඒ තුලත් තමාව වෙන්දේසි වී විසි වී යන ගිවිසුමකට යට වන බව දැනෙන විට ඔවුන්ගේ අත පය කපා දමා හමාරය. ඔවුන්ට ඉතිරිව ඇත්තේ සමාජ ව්‍යුහය තුල ඔවුන්ට යැපෙන්නට තිබෙන ගිවිසුම මත වැතිරීම පමණකි. මෙම උක්ත කාරණාව මාගේ විඥණයට අනුව උක්ත නාට්‍යය තුල අධ්‍යක්‍ෂවරයා කතා කිරීමට උත්සහ දරන්නට ඇතැයි විශ්වාස කිරීමට පු`ඵවන. නමුත් මෙම කාරණාව කෙතරම් දුරට එම නාට්‍ය තුලින් සාධාරණීය වූවාද යන්න ගැටලූවකි. ..්ටරුැපැබඑ.. නාට්‍ය තුල මුල සිට දෙදෙනෙකු අතර යම් ගිවිසුම්ගත සංවාද පෙළක් තිබුණි. ඒ තුල පර්යේෂකවරයා අනෙකාව සතුටින් තබන්නට උත්සහ දරණ වෑයම තුල එහි අවවසාන ඵලය අනෙකාගේ  ”මරණය” යන ගිවිසුම අනෙකාට පැහැදිලි වෙත්ම ඔහු පර්යේෂක වරයා මතට සිය සතුට පොදි කොට ගසා පිටව යයි. පසුව යලිත් ඔහු පැමිණ පර්යෙෂක වරයා මවන සිහින කතාන්දර වලට ආලය කරයි. නමුත් මෙම අවස්ථාව අධ්‍යක්‍ෂක කාර්ය තුල දැක තිබූ ආකාරය අපැහැදිලිය. කෙටියෙන් කිවහොත් නාට්‍ය උච්ච වූ තැනකට ගෙන ගොස් බලෙන් හකු`ඵවා තබා අවසන් කිරීමක් ලෙස තිබුණි. මෙය තුල පොදු පේ‍්‍රක්‍ෂකයාට මෙම නාට්‍යය තුල කියන්නට උත්සහ දැරුවේ කුමක්ද යන්න පිළිබ`දව ගැටලූවක් ඇති විය. ප‍්‍රමිල සමරකෝන් නිර්මාණ කරුවාට මෙම නාට්‍ය ප‍්‍රස්තූථය තුල තව තවත් වැඩ කිරීමට අවකාශය තිබුණා යැයි පෞද්ගලිකවම දැනෙන මතයයි. එම උක්ත බීජය නාට්‍ය නරඹන සහෘදයාට පෝෂණිය ආකාරයෙන් නිර්මාණය කොට බීජය වේදිකාව මත වපුරාලීමට ,්ටරුැපැබඑ, කෙටි නාට්‍ය තුල තව තවත් අවකාශය තිබෙයි. එහි ඵලය පමණක් සහෘදයාට ගෙන යාමට මෙම අධ්‍යක්ෂකවරයාට කටයුතු කළ යුතු වෙයි. 


m%ñ, iurfldakaf.a
"Agreement"  kdgHh

              නාට්‍ය බලන්නට පැමිණෙන පේ‍්‍රක්ෂකයා ර`ගහලට ඇතුල් වෙනුයේ බාහිරව ඔවුන් වි`දින, දකින අසන ව්‍යාකූල පාරිසරික සාධකයන්ගෙන් මිදී අපූර්වත වු සෞන්දර්යාත්මක ආස්වාදයක් ලැබීමටයි' එසේනම් නාට්‍යයක ප‍්‍රධාන අරමුණ විය යුත්තේ රසවින්දනය යන්නයි. බොහෝ සහෘද පේ‍්‍රක්ෂකයන් නාට්‍යයක් බලා ඒ තුළින් නැවතත් ප‍්‍රශ්න වල අතරමං වීමට නොඑති. මිනිසා නිරන්තරව හේතු ඵල සම්බන්ධතාවයන් උත්තර ප‍්‍රත්‍යුත්තර නිතරම ගොඩනගිමින් අසන දකින දෙය පිළිබ`දව තර්ක කරයි. ඒ තුලින් ජීවිතය සොයයි. සත්‍ය සොයයි. එසේ ර`ගහල තුල සිටින්නේද එවන් වූ පිරිසකි. එවිට වේදිකාව මතට ගෙන එන නිර්මාණකාර්ය පිලිබ`දව වගකීම් අධ්‍යක්ෂකවරයා මෙන්ම සියලූම පාත‍්‍රයා දැරිය යුතු වෙයි' නාට්‍ය තුලින් ගෙන යන අර්ථ කථනය පිලිබ`දව ඔවුන් වගකිව යුතු වෙයි'නමුත් වේදිකාව මත දිග හැරෙන නිර්මාණ තුලින් පේ‍්‍රක්ෂකයාගේ අතපය ගැට ගසා ගන්දබ්භ ස්ථාවරයක අතරමං තරයි නම් එතුලින් පේ‍්‍රක්ෂකයා මානසික අරගලයක පත් වෙයි'

                                                                                                                                      තව දුවන්න ද   - මධුරංග ශ‍්‍රී ලාල්ගේ නිර්මාණය තුල ඉතා හො`ද වස්තු බීජයක් තිබුණි. එය එක් පසකින් විග‍්‍රහ කළහොත් වෙළ`ද සමාජය තුල සියලූම දේ විකිණෙයි. කුස තුල සිටින දරු කැළලය පවා විකිණෙයි. මෙම සමාජ ව්‍යුහය තුල තිබෙන ,රක්ෂණය, නම් ජීවිත උකසටද මේ සියල්ල නතුය. දරු කැළලය පවා ඊට නතුය. මවු කුස තුලදීම වෙළ`ද භාණ්ඩයකි. නමුත් මෙහි රක්ෂණ කරුවා ගෙන්වා තිබෙන්නේ තාත්තාමය. එසේ නම් අර්ථ කතනය තවත් පසකින් විග‍්‍රහ කිරීමට පු`ඵවන. මවු කුස තුල වැඩෙන දරු කළලයට අවුරුදු විසි ගාණනකි. මවු කුස තුලින් එළියට නොයෙන මෙම කැළලය මව තුලම වැඩෙමින් සමාජය දකියි. සමාජය කියවයි. ආසියාතික සමාජ පරිසරය තුල වැඩි පුරම පීඩාවට ලක් වන්නේ ගැහැණියයි. එසේනම් මෙම දරු කැළලය වැඩෙන්නේද මෙම ආසියාතික මව් කුසකමය. සමාජය දකින්නේ එම ඇසිනි. සමාජය කියවන්නේ එම ගැහැණියගේ මනසනි. නමුත් එය තුල පවතින සත්‍ය න්‍යාය සමාජගත කිරීමට නුපු`ඵවන. එම නිසාම කුස තුල සිට මොහු ලියයි. නමුත් එය පළවන්නේ පියාගේ නමිනි'


                               uOqrx. Y%S ,d,af. - ";j ÿjkak o"  

තවත් පසෙකින් මෙහි පියාගේ බලාපොරොත්තු රැුගත් භූමකාව රංගනය වෙයි. නමුත් එම චරිතය උක්ත කාරණාවන් මුදුන් පැමිණෙන විට යටපත් වෙයි. මෙයාකාර වූ උභය කාරණාවන් රැුසක් මෙම නාට්‍ය තුල විටින් විට අනාවරණය වන්නට පැමිණියද නාට්‍ය තුල එකි අනාවරණයන් තුල නාට්‍යකරුවාගේ අර්ථකතනය කියවා ගැනීමට අපොහොසත් විය. ඊට හේතුව ප‍්‍රධාන ලෙස දකිනුයේ නාට්‍ය සියලූ හේතු කාර්ය සාධකයන් තුලින් ප‍්‍රධාන උද්දෘතයට කරනු ලබන සේවය පැහැදිලි නොවීමයි. මධුරංග ශ‍්‍රී ලාල්ගේ තව ,දුවන්නද, යන නාට්‍ය තුල පමණක් නොව එකී කාරණාව    ,,ඍදදප භමපඉැර ඔයසරඑැැබ, , යන නාට්‍ය තුලද ප‍්‍රධාන කතා බීජය සංවර්ධනය කිරීමට දක්වන දුප්පත්කම දක්නට ලැබුණි. එම නිසාම ඉතාම හො`ද කතා මූලයන් තුලින් ගන්නට තිබුණු සේවය මග හැරී යාම එම නිර්මාණ කරුවන්ට අවාසියකි.
                                                                  නිලංක දහනායකගේ ,අපේ කතාව, වේදිකා නාට්‍ය අපූරූ ආරම්භයකි. පේ‍්‍රක්ෂකාගාරය තුල නැවුම් ආකර්ෂණයකට ලක් කළ ආරම්භයක් ගත් සේම ඊට හේතුව වූයේ වේදිකාව මත රූපවාහිනිය නමැති පසුතලය පාවිච්චි කළ ආකාරය අනුවය. ස්වභාවිකත්වයට හැකිතාක් රංගනය ගෙන ඒමට ඔවුන් මේ තුලින් දරන්නට ඇත. නමුත් වේදිකාව තුල රූපවාහිනි යන්ත‍්‍රයෙන් මිදී සියලූ අවකාශයන් ආලෝකමත් වූ විට වේදිකාව මත පසුතල කීපයක් තිබුණද හිස් බවක් සිද්ධි දාමය තුලම දකින්නට ලැබුණි. ඊට ප‍්‍රධානම හේතුව වන්නට ඇත්තේ ප‍්‍රධාන වශයෙන්ම නාට්‍යානුරූපීව ලබා ගත යුතු අනුශාංගිකයන්ගේ සහය ලබා නොගැනීමය. ඇතැම් නාට්‍ය තුල පසුතලය ලෙස ඇත්තේ එක් පුටුවක් පමණකි. නමුත් වේදිකාව තුල ගලායන සිද්ධිදාමය තුල හිස් බව නොදැනෙයි. ඊට හේතුව වන්නේ එම වස්තුව තුලින් රංගනයට දෙනු ලබන දායකත්වය හා වේදිකාව මත ඊට ලබා දෙන වැදගත්කම අනුවය. විටෙක මෙම නාට්‍යයේ පසුතිර ආලෝකය ම`ගින් ඉදිරියට ගෙන ඒමට දෑරූ උත්සාහයන්ද නිශ්එල වූ බව පෙනුණි' මේ සියල්ල අතර තුල අප මෙම නාට්‍ය තුල තිබුණු ක‍්‍රියාකාරී ගොනුව පිළිබ`දව විග‍්‍රහ කළ යුතු වෙයි'




                                    
                                     ks,xl oykdhlf.a "wfma l;dj"

                                                මෙම නාට්‍ය තුල දක්නට ලැබුනේ සරළ එදා මෙදා තුර කථා බහ කරන කථා කිහිපයකි. මෙය බහු වචනයෙන් අර්ථ ගැන්වූයේ මේ තුල කතා කිහිපයක ගොනුවක් තිබූ හෙයිනි. මෙහි මෙගා පිටපත් ලියන රචකයන් දෙදෙනෙකු සිටී. මෙගා පිටපතක තම චරිතය රැුක ගැනීම වෙනුවෙන් පැමිණෙන කාන්තාවක් සිටී. මැදකදී පැමිණෙන චරිතය අවශේෂ චරිතයකි.
                                                                                           සරල වශයෙන් නාට්‍යයේ තම චරිතය තව දුරටත් පවත්වා ගැනීම තුල ජීවිතය තුල පොර බදින ගැහැණියක් සිටි. ඇය වටා රචකයන් දෙදෙනාව ගමන් කරවයි. නමුත් මෙම නාට්‍ය තුල මේ කියන්නා වු ගැහැණිය මගින් ගැඹුරු වූ සමාජ කාරණාවක් හෝ අනාවරණය නොවේ. මෙම ගැහැණිය වටා දිවෙන රචකයන් තුලින්ද කිසිවක් අනාවරණය නොවේ. නාට්‍ය තුල දිගින් දිගටම සිදුවන්නේ එකිනෙකා පිටපත් රචකයෙකුගේ වාර්තා කරුවන් ලෙස ක‍්‍රියා කිරීම පමණි. මෙහි එක් රචකයෙකුගේ වම් අත පණ නැත. ඒ තුළින් සරළ වාමාංශික චරිතයක පැති කඩක් පෙන්වීමට උත්සාහ දරයි. ඒ තුල ආදර කතාවක්ද මොහු සහ ගැහැණිය වටා ගොතයි. නමුත් මේ කිසිවක් නාට්‍ය තුල ඉලක්ක වූ කේන්ද්‍රගත කතාවක් නොමැත. කතා රාශියක් ගෙන එය පටලවාගත් ස්වරූපයක් මෙහි දක්නට ලැබුණි. අධ්‍යක්ෂක කාර්ය තුල විවිධ වු කතා කිහිපයක් වේදිකාව මත කියා පෑම ස`දහා කටයුතු කොට තිබීමක් පෙනුණි. මෙහි ,ග`ගන, ගේ චරිතය හුදෙක් පෙනුණේ ,,භ්ර්එදර, , කෙනෙකුගේ චරිතයක් ලෙසටය. සම්බන්ධයක් නොමැත සරලවම මෙම නාට්‍යය තුල අධ්‍යක්ෂකවරයා පිටපත හා සිද්ධි මත බාහිරව උඩින් ඇවිද ගොස්  තිබෙන ආකාරයක් දක්නට ලැබුණි. පොදුවේ ගත් විට ,පොදු එ්ක මතිකයක් , දක්නට නොලැබුණි. මෙම නිසා මෙම නාට්‍ය පටන් ගැනීමේදි ගත් ප‍්‍රාණවත් ප‍්‍රාතිහාරාත්මක ආකර්ෂණය ටිකෙන් ටික බි`ද වැටෙන්නට විය.

                    නාට්‍යයක ප‍්‍රධාන මුල්ම අභිප‍්‍රාය වන්නේ රසවින්දනයයි යන්න ඉහතදී ද දැක්වීමූ. අප එදිනෙදා කතා කරන අත්දකින ප‍්‍රශ්න ප‍්‍රස්තුත වූවද ඉන් එහාට නිරිමාණයකට අපුරූ ආකාරයෙන් යොදා ගත හැකිය. යොවුන් නාට්‍යයකරුවාගේ තිබෙන ලක්ෂණයද එයයි. මෙවර කෙටි නාට්‍ය උළෙල තුල එක් සංදිස්ථානයක් ලෙස ලසදුනී ජයවර්ධනගේ ,,භදඑ ධමඑ, , නාට්‍යය දැක්වීමට පිළිවන. බැලූ බැල්මට දැනට ලංකාව තුල පවතින රාජතාන්ත‍්‍රික දේශපාලනික අධිකාරීත්වය මෙම නාට්‍ය තුල කතා කරනු ලබයි. නමුත් වේදිකාව මත දිග හැරනුයේ උක්ත දේශපාලන කතාව වෙනුවට හාස්‍ය ජනක රජකු සහ රටවල් කිහිපයක් අතර පවතින ක‍්‍රිකට් තර`ගාවලියකි. කටෝර දේශපාලනික පසුබිම කතා කරනු ලබන්නේ මේ තුලය. රජය විසින්  ඕනෑ එපාකම් වෙනුවෙන් සිය නීති තමනට ඇවැසි පරිදි වෙනස් කරනු ලබයි. ඒ තුල රාජතාන්ත‍්‍රික ඒකාධිකාරයම පමණක් ජයග‍්‍රහණය කරයි. නමුත් එම ජයග‍්‍රහණයන් තුල රාජ්‍ය තුල පවතින සියලූ භෞතිකමය සංස්කෘතිමය වස්තූන් පිටරටට ගිවිසුම් ගත වෙයි. අවසානයේ මේ සියලූම දේ කරපින්නා ගැනීමට ජනතාවට සිදුවෙයි. පළමුව දේශපාලනය තුලින් පෙන්වන ක‍්‍රියාකාරකම් ඵෙශ්චර්යය තුල ජනතාව මෝහනය වී සිටියි. එම නිසා ජනතාව ක‍්‍රියාකාරකම් උණුහුම තුල නිරිවිනදනට පත්ව තිබේ. ජනතාව යලි යතාර්ථයට පැමිණෙන විට ඇදිවත පවා තමන්හට අවිනිශ්චිත බවට පත්ව තිබේ. ඉහත කී කතා මූලය ,,භදඑ ධමඑ, , නාට්‍යයේ දිවෙයි. නමුත් මෙම සරල දේශපාලන කතා බීජය වේදිකාව මත දිග හැරෙන අපූර්වත්වය නිසාම ප්‍රේක්ෂකයාව ඇ`ද බැ`ද තබා ගැනීමට සමත් වෙයි'


     ,iÿkS chj¾Okf.a "'"Not Out"" kdgHh

                                  වේදිකාව නාට්‍ය තුල තාක්ෂණය හා ආනුශංගික අංග යන ප‍්‍රපංච නිරි්මාණය වී තිබෙන්නේ එකී දේවල් වේදිකාව මත දිග හැරෙන යම් හෝ දෙයක් වේද එය පේ‍්‍රක්ෂකයාට තව තවත් සමීප කරවීමට, නැතිනම් රසවින්දන කාර්යය මුදුන් පැමිණ වීමට සහය වන නිසාමය. ලසදුනි ජයවර්ධන නම් වු යොවුන් නාට්‍ය අධ්‍යක්ෂවරිය සිය වේදිකා නාට්‍යය වේදිකාව මතට ගෙන ඒමේදී එකී ආනුශංගිකයන්ගෙන් ගත යුතු උපරිම සාධනීය දායකත්වය ලබාගෙන  තිබීම ඉතා වැදගත්ය. විශේෂයෙන්ම මෙම නාට්‍ය තුල දිවෙන විවිධ වූ චරිත වෙනුවෙන් නිරිමාණය වී තිබෙන ඇ`දුම් නිර්මාණය සහ රංග වින්‍යාසයන් මගින් නාට්‍ය තුලට ආලෝකයක් ලැබී තිබුණි. ඒ ඒ චරිතයන්ට පණ පොවන රංගධරයන්ට සිය චරිතයන්් තව තවත් වේදිකාව මතට ගෙන ඒමට එම අනුශංගිකයන් සහය වී තිබුණි. විශේෂයෙන්ම මෙම නාට්‍ය තුල වූ රංග වින්‍යාසය ගැන මෙන්ම තාක්ෂණික මුහුුණුවරද කතා කළ යුතුමය. භාවිත භාෂාවෙන් ගත් විට ,ීකදඅ-පදඑසදබ, සහ ,ත්‍්ිඑ-ත්‍දරඅ්රා, ,  වැනි රංග දාමයන් කීපයක්ම මෙම නාට්‍ය තුල දක්නට ලැබුණි. ඊට සමගාමීව එහි රංගනය කළ රංග පාත‍්‍රයන් ඊට හො`දින් පුහුණු වී තිබුණු ආකාරයක් දක්නට ලැබුණි. නාට්‍ය තුල කඩුලූ පවා ගැලවී ගොස් නැවත එයාකාරයෙන්ම විලම්බ චලනයෙන්ම සැකසෙන ආකාරය අපූරුය'
                              
                                                     

 මෙවර ජාතික යෞවන කෙටි නාට්‍ය තර`ගාවලියේ කාගේත් කතා බහට ලක්වුණු සංවාදයට තුඩු දුන් නාට්‍යයක් ලෙස ,ක`ඵ කුරුමිණියා, නාට්‍ය දැක්වීමට පු`ඵවන. ඒ තුල කතා කරනු ලැබුවේ සරල වශයෙන්ම මිනිසාගේ ඉපදීම ජීවත් වීම වයසට යෑම යන කාරණාව ඔස්සේ ඊට බාහිර ඇතිවන මානව සම්බන්ධතා ගැනය. මෙම තරගාවලියේ තිබුණු සියලූම නාට්‍ය සම`ග බලන විට මෙම නාට්‍ය සපුරා වෙනස් මාධ්‍යයක් ආකෘතියක් උක්ත කාරණාව ගෙන ඒමට යොදා ගෙන තිබුණි. මා මෙම කෙටි නාට්‍යය දකිනුයේ පර්යේෂණාත්මක උත්සාහක ප‍්‍රතිඵලයක් වශයෙනි. දැන් දැන් වේදිකාවට අවැසි වන්නේද එයයි. න්‍ැර‘හ ඨදඑදඅිනස  විසින් හදුන්වා දුන් දිලිදු රංගනය :ඡුදදර එයැදඑැර* සහ ී්පම්ක ඊැජනැඑඑ වැනි අය ලබා දුන් ්ඉිමරාසිඑ එයැදඑැර  යන ආකෘතින්ගේ සංකලනයන් මෙම නාට්‍ය තුල තිබුණි. බැලූ බැල්මට මෙම නාට්‍ය තුල සියලූම චරිත යොදා ගෙන තිබුණු රංග වස්ත‍්‍ර තනි කලූය. චරිත හුවා දැක්වීමට විශාල ලෙස රංග වස්ත‍්‍ර භාව්තා කොට නැත. හුදෙක් නාට්‍යයක් ලෙස පමණක්ම මේ චරිත ද්විත්වයක් පමණක් යන මානයේ සිට කතාව ගලා යාමට ඉඩ සලස්සවයි. මෙම වේදිකා නිර්මාණයේ තිබෙන සුවිශේෂිතයන් වු දෙය වන්නේ දෙබස් ආකෘතියයි. මෙම නාට්‍ය තුල පවතින විශේෂ වු පර්යේෂණික ආකෘතිය එලියට පනින්නේ ඒ හරහාය. ඒ ඒ චරිත අතර හුවමාරු වන දෙබස් අතර සම්බන්ධයක් නොමැත. උත්තර ප‍්‍රත්‍යුත්තර වශයෙන් ගලායන නාට්‍යයේ සංවාද අතර බැලූ බැල්මට සම්බන්ධයක් නොමැත. නමුත් ඒවාහි ඇතුලත සම්බන්ධයක් ගොඩ නැගෙයි. මතු පිටට නොපෙනෙන එම සම්බන්ධය අවසාන කේන්ද්‍රගත ඵලයක් වෙත ඉලක්ක වෙයි. අභූත රූපී නාට්‍ය ආකෘතීන්හි ලක්ෂණයද වන්නේ මෙයයි. යෞවන නාට්‍ය උළෙල තුල වේදිකාගත වුණු එකම රැුල්ලක් දිවෙන කතා මූලයන්ගෙන් සපුරා මෙම නාට්‍යයේ ඇති ගති ලක්ෂණ වෙනස්ය. එම නිසා මෙහි පවතින දේ සෙසු නාට්‍ය හා සංසන්දනය කරමින් විමසීම නොකළ යුතු වන්නේය.

                                                                              සත්‍ය වශයෙන්ම ජාතික යොවුන් නාට්‍ය උළෙල තුල පවතිනුයේ තර`ගයකි. නාට්‍ය කෘති හරහා දිවෙන තර`ගයකි. එය එකහෙලා පිළිගත යුතු කාරණාවකි. එම නිසා මෙහි නාට්‍ය නිර්මාණකරුවන් සිය නිර්මාණ වල පවතින ගුණාගුණ සංවර්ධනය කර ගැනීමට නිතැතින්ම උත්සාහ දරයි. අවසාන ඵලය වේදිකාව මත තර`ග කිරීමට සූදානම් කරවයි. ඔවුනොවුන් අතර මෙම නාට්‍ය කෘති අරගලය දිවෙන විට පේ‍්‍රක්ෂක අප හතර වන බිත්තියෙන් මෙපිට සිට බලන්නාහුය. අපි ඒවා අර්ථ ගැන්වීම් කොට ගනිමින් කියවන්නෙමු. එහිදී මෙවර යොවුන් නාට්‍ය උළෙලේ පෙනී ගිය ප‍්‍රධානම සාධකය වන්නේ එම තරුණ පිරිස් අතර ඉතාමත් හො`ද කතා මූලයන් තිබුණද ඒවා වේදිකාවට මනා ආකාරයෙන් සංවර්ධනය කොට නොතිබීමයි. එම කතා බීජ තුල තව තවත් වැඩ කිරීමට ඇති හිඩසක් පෙනුණි. මොවුන්ගේ නාට්‍ය කෘති ස`දහා ලබාගත යුතු ආනුශංගික මූලයන්ගේ වටිනාකම ගෙන නොතිබුණි. එම නිසාම කාලයක් යොවුන් වේදිකාව තුල දකින්නට ලැබුණු ඒකාකාර භාවිතයන් මෙවර දක්නට ලැබුණි. එම නිසා මෙම නාට්‍යකරුවන්ට තව තවත් වේදිකාව තුල ගන්න තිබෙන සේවය වැඩි බව සිතෙයි. ආලෝකය, පසුතලය, සංගීතය මේ සියලූම දේ නාට්‍ය වලට අවශ්‍යය. නාට්‍ය කරන්නේ පේ‍්‍රක්ෂකයාටය. තත්පරයෙන් තත්පරය වෙනස් වන රූ චලන පෙළ කෙරෙහි සෑම රූප චලනයක්ම ඒවා තුලින් වර්ණ කළ යුතුය. සෞන්දර්යාත්මක වින්දනයක පේ‍්‍රක්ෂකයා ගෙන යාමට නිතරම උත්සාහ දැරිය යුතුය. මෙය අධ්‍යක්ෂක කාර්ය භාරයකි. යොවුන් නාට්‍ය අධ්‍යක්ෂකවරයාගේ වගකීමකි. 

- උෂාන් පුෂ්පකුමාර පෙරේරා - 
         ^ අන්තිමයා &





1 comment:

Unknown said...

දිගයිනෙ... ඇස් රිදෙනවානෙ.. අකුරු චූටයි.. අතින් ලියපු එක ඕනේ!!!!!!!!!!!!