ස්වභාවිකතවයේ හිනි පෙත්තටම ආ අපි , ස්වාභාවික නොවූත් යථාර්තවාදී නොවුත් බොහෝ දේ සොයන සුනිල දිය දහර යට වැඩෙන සුනිල ලදු පත

12/2/10

එදත් අද වගේ දවසක්........ ! (6 වන කොටස ) .


හදවතෙහි ස්වර නිහඩය .හදවත ගැහෙන රිදමය තනුවෙන් ඈත් වී ගැයෙයි . මා දරා සිටි මේ මුළු ලෝකයම මා අනිකර දමා තනියෙන් හුස්ම ගන්නාක් සේ මට දැනෙයි . ඈ හට කුමක් සිදුවි ඇත්ද.... ?මා සිත මාගෙන්ම ප්‍රශ්න කරයි .එදින වේලාසන පාසල ඇරුණමුත් මා ගෙදර එනවිට වෙනදාටත් වඩා ප්‍රමද වි තිබුණි .ඒ මා බොහෝදුර පයින් ඇවිද සිටි නිසා බව තේරුම් ගියේ ගෙදර පැමිණ වේලාව බැලූ පසුවය .
බලාපොරොත්ත් උව මා ජිවත් කරවයි .හිස ලූ ලූ අත මනස වෙහෙසූ මා සිතිවිලි වලින් පීඩිතව සිටියේය .මා වෙනදාට වඩා ඉක්මනින් මා නින්දට වැටුනමුත් නින්ද අහලකටවත් නොආවේය .දැන් මා අදරය කෙරූ අන්ධකාරය මා ඇසි පියන් යට හොල්මන් කරයි .රෑ පුරා නිදි වැරූ මා එලිවනතුරුත් ඈගේ චායාව සමගින් දොඩමළු වූයේය .තවමත් ඈවත් නොදත් ආදර බැඳීමක් මා ඇය කෙරෙහි ඇති කර ගත්තේ කෙසේද ...... ?ඇය විසින් මා අසරණ කර ඇතැයි විටෙක මම ඇයට ශාප කළෙමි .

එදින මා සිත පෙළු මුලු වේදනාවම වචන තුල සිර කර තැබිමට උත්සහ කළේය .නමුත් මා ඒ ලියූ සියලු දේ කෑලි කෑලි වන තෙක් ඉරා දැමීය .වෙනදා වේගයෙන් අවදි වූ උදෑසන තවමත් ප්‍රමාදය . මා හැකි තරම් උදෑසන ගෙදරින් පිටත් විය .හදවතේ දෝංකාරය ගතද වෙව්ලවමින් නැගෙන්නා සේ මට දැනෙයි .

පාන්දර 5 පමණ විය .මධ්‍යහන තුල ඝෝෂාවෙන් තෙරපෙන මුලු නගරයම එකම නිහඩ අන්ධකාරයක ගිලී ගොසින්ය .උදෑසන දුර බැහැර යන වුන් ඒ මේ අත දුවයි .මා පමණක් බස් නැවතුම අසල රැඳී සිටියි .නගරය අභිබවා නැගි සිටි ඔරලෝසු කනුව විටින් විට නාද වන්නේ මතක ඇති කලෙක් ගමන් නොකෙරුණු ඔරලෝසු කටු පහලට හෙලා ගනිමිනි .

තව සුළු මොහොතකින් නගරය තුල වූ නිහඩ බව පුපුරා යනු ඇත .මා බලා පොරොත්තුව තවමත් එසේමය .වළා කුලු වේදනාවෙන් තෙරපෙනු මට පෙනෙයි . තවමත් ඇයගේ රූප මායාවක් හෝ නොමැත .ඇය දැන් ආ යුතුය .නගරයම දෝන්ල්කාර දෙයි . සැම තැනම මිනිසුන්ගෙන් වැසී ගොසිනි .ඒ අතර ඇය සැඟවි ඇත්ද .... ? මා නොදනිමි .ඇය තවමත් නොමැත .විටෙක මා ඒ සෙනග අතරින් සුදු ගවුමක් දුටු විට ඒ හා හඹා ගියේය . නමුත් ඇය හමුවූයේ නැත .

මා සිත තුල තිබූ සියල්ල හිස්ව ගොසිනි .තවදුරටත් ඇය නො එනු ඇත . සියල්ල අතහැර දමා අසල වූ බස් රථයට ගොඩවිය .මා දුටුවේ මා පෙර දිනක වාඩි වී ගිය ආසනය හිව තිබූ බව පමණකි .ඇය තවත් මා සොයා නො එනු ඇති .එයින් තොර වෙනයම් පිළිතුරක් මා ළඟ නොමැත ...............

9 comments:

අමුතු said...

අපොයි හරිම දුක්මුසු කතාවක්නෙ මිත්‍රයා :(

anisha batepola said...

wow harima lassanai....

Ranga Rathnayake said...

aththatama aduna machan

සිහිනයක මියැදුණ සිතක් said...

කාතාව ගලාගෙන යන විදිහ ලස්සනයි දුක හිතුනා ඉදිරියටත් එන්නම් මේ පැත්තට කියවන්න.

කියන්න ඕනේ දෙයක් ලියන ශෛලයට ලියද්දි ව්‍යාකරණ ගැන හිතන්න ලියන ශෛලයට ලියද්දි කියවන්න ආස යි හැබැයි ව්‍යාකරණ ගැන සැලකිල්ල නම් දියුණු කරගන්න ඕනෙ වේවි.

නොදන්න කමට වඩා තියෙන්නේ ඒ ගැන සැලකිල්ලක් දක්වලා නැතිකම කියලයි මට හිතෙන්නේ මෙහෙම කරන්න මේ හැම බ්ලොග් එකක්ම් එඩිට් ගිහින් එතන ඉදගෙනම කියවගෙන යන්න හම්බෙන හම්බෙන වැරදි තැන් නිවැරදි කරන්න කතාව ගොඩක් හොදයි අවසන් වසයෙන් කියන්න තියෙන්නේ එච්චරයි. මම ලියන එව්වගේත් වැරදි ඇති කොටියක් විතර අනුන්ගේ ඇදේම නෙ පෙන්නේ එච්චර ගනන් ගන්න එපා

අන්තිමයා said...

aththatama oe machan...godak waradi thibba.. mama ita passe ewa hadala ekak type kora...methana kotas widihata thiyena nisa...hena welawak ganna wenawa oya tka hadanna ... balamu balamu...e tikath hadala danna one thnx machan ..penwa deemata ...keti katha group eke athi ewwa hadala dapu post eka .... !

Jaliya Roshan said...

kaalekin hadawaththama danunu tikak kiyewuwe machan.man mulu hadawathinma suba pathanawa uabata.jaya wewa.......!

Jaliya Roshan said...

kaalekin hadawaththama danunu tikak kiyewuwe machan.man mulu hadawathinma suba pathanawa uabata.jaya wewa.......!

Jaliya Roshan said...

kaalekin hadawaththama danunu tikak kiyewuwe machan.man mulu hadawathinma suba pathanawa uabata.jaya wewa.......!

Jaliya Roshan said...

maru bn maru