ස්වභාවිකතවයේ හිනි පෙත්තටම ආ අපි , ස්වාභාවික නොවූත් යථාර්තවාදී නොවුත් බොහෝ දේ සොයන සුනිල දිය දහර යට වැඩෙන සුනිල ලදු පත

1/18/21

ගල ගලා හැලෙනවා ගුම් නැගූ ආදරේ

පිරි පිරී දැනෙනවා මා පැතූ ජීවිතේ

ආදරෙන් වෙලී හසරැල් මැවූ ඒ සිනා

පායන්න ආයෙ පායන්න ආයේ

හැඩකාර යෞවනේ


කුමුදු රූ දරා - සැගවෙන්න ආවේ

මේ මාගේ තුරුලේ

සැනසෙන්න අපගේ මේ ජීවිතේ

අපි අපිම වී ආදරෙන්


මතු ඈත භවයේ හමුවෙන්න ආයේ

පැතුමන් ඇදි මාවතේ

ඉගිලෙන්න අහසේ පින්සාර සිහිනේ

අපි අපිම වී ආදරෙන් 

6/19/20


4/14/20

හිම සළන සඳ සාවියේ















සුමුදු සිත ඔබේ - මා ලයෙහි හොවා
සතපාල සයනේ මා හැඟුම් පෙරා
භවයෙන් භවේ බැඳුණා ලෙසේ
දැනුණා නයනාවියේ
සිතැඟින් බැඳී බැඳුණා වගේ 
දැණුනා නයනාවියේ

හිරිපොදට ගුලි වී - උණුසුමට තැවරී
සනසන්න මේ ජීවිතේ
සුවඳයි ඔබේ -  සුසුමන් සුසුම්
මකරන්දයක් වගේ
මගෙ හීන අමුණන්නියේ

සෙනෙහෙන් ගැයූ ගී - ඔය දෙතොලෙ පැටලී
මුමුණන්න ඒ ආදරේ
මිහිරියි ඔබේ -  පැසසුම් වදන්
ගීතයක් වගේ
හිම සළන සඳ සාවියේ 


4/13/20

ඔබටත් කළින්

මන්දාකිණිය පීරා ඔබ කෙරෙහි ඇදුණා
ඇසිල්ලක් හෝ ලැබේයැයි
යටි සිතින් සිත සිතා
හිත යටින් - ඔබව ඉම්ඹා

හුදෙකලාව මිරිකා  ආදරේ ගැලුවා
ඉන්ද්‍රජාලික ප්‍රේමයේ  මුළු හිතම ගිලුණා
මනලෝල වූවා
සුසුම් ළං වූවා
ඔබටත් කළින් මං - මං නුබව ඉම්බා

නුබ දුටු ඇසිල්ලේ ආලයෙන් තෙමුණා
ලිහිණි ස්වරයට මගේ හිත කීරි ගැහුණා
සියොළඟම හිරිවැටුණා
දෑස් මගේ වැහුණා
අපිටත් හොරෙන් දෙතොල් පෙති තෙමුණා

Ushan perera

පටාචාරා

කළුවර වෙලී ඡායා මවා
මා සිත ගිලී වැහි දිය පොදින්
පැටලී පැටලී දෑගිලි තදින්
නුබ සොයා සුසුමන් ගලයි
පටාචාරා..පටාචාරා

දියරැලි නැගූ නදී තෙරවන්
කෙහෙරැලි මැවූ සුපසන් දසුන්
සැලී සැලී මැවී මැවී
මා වෙලාලයි පෙමින්
මා වෙලාලයි පෙමින් -මා වෙලාලයි
පටාචාරා

මුකුලිත වෙවී පිපෙනා නුවන්
පෙම්බර වෙවී වැටෙනා දෙතොල්
යා වෙවී සුව එතී
මා දවාලයි සිතින්
මා දවාලයි සිතින් -මා දවාලයි
පටාචාරා