ස්වභාවිකතවයේ හිනි පෙත්තටම ආ අපි , ස්වාභාවික නොවූත් යථාර්තවාදී නොවුත් බොහෝ දේ සොයන සුනිල දිය දහර යට වැඩෙන සුනිල ලදු පත

11/2/10

උඹ නිරුත්තර වේවි ..... !


මා විශ්වාස කලෙමි
නිසැකවම ඔබ
විශ්වාස කළ බව මාව
ඔබටත් වඩා
මා සිත විශ්වාස නොකලද ............ !

" කෝ උඹේ හදවත "
ගොළු විය මා වදන්
ඇසූ පමණින්
නොඅඩුව වේගයෙන්
පුපුරා ඇදෙන ව්දුලි සැර .............. !

නොමැත මා ළඟ පිළිතුරු
වෑයම් නොකරමි
පබදින්න පිළිතුරු ........ !

බලාපං හෙටින් පසු
කටු ගෙදර බිත්තියක
තිබෙන හැටි
උඹ ඇසූ හදවත
මිහිදන්ව......... !

එවිට
බොහෝ අය අසාවි
" කෝ උඹේ හදවත "

උඹ නිරුත්තර වේවි ..... !

1 comment:

හිස් අහස said...

පිහි පාරවල් වැනි වදන් කීපයක් . නියමයි මම ඒ වදන් වලට කැමතියි

ලස්සනයි සහෝදරයා !

ජයවේවා !!