ස්වභාවිකතවයේ හිනි පෙත්තටම ආ අපි , ස්වාභාවික නොවූත් යථාර්තවාදී නොවුත් බොහෝ දේ සොයන සුනිල දිය දහර යට වැඩෙන සුනිල ලදු පත

9/16/10

එදත් අද වගේ දවසක්....... ! ( 3 වන කොටස )


බස් රථය වේගයෙන් ටව්න් හෝල් වෙනතෙක් වේගයෙන් ගමන් කෙරිණ .එතෙක් මා හා ඇය දොඩමළු නොවූවද මා මාගේ සිත තුලින් ඒ වන තුරුත් ඈ හා දොඩමළු වෙමින් සිටියේය .ඒ නිහඬ බව බිඳින . ඒ ඇයගේම ස්වරයෙනි .

" ඔයා ආනන්දෙට නේද යන්නෙ ......... "

" ඔව් . ඔයා කොහොමද දන්නෙ ... "

ඇය සිනාසිණි . " නැහැ . තාත්තත් එක්ක වෑන් එකේ යනකොට මම ඔයාව දවසක් ආනන්දෙ ගාවදි දැක්ක .ඒකයි ...."

මා තුලින් සිනාවක් පැන නැගිනි .

" ඇයි ඔයා හිනාවෙන්නෙ.. " ඈද සිනාසිණි .

" නැහැ ..... ඔයා ඒලවල්ද කරන්නෙ ...."

" ඔව් . බයෝ සයන්ස් .... ඔයා .. "

" මම ආට්ස් කරන්නෙ .. "

" ෂෝක්නෙ . මම මාර ආසයි . මමත් ආට්ස් වලට මාර ආසයි . නිසදැස් එහෙම ලියන්න . ඔයා දන්නවද නිසදැස් ලියන්න .. .. "

" ඔව් "

මා හට ඊලඟ නැවතුමෙන් ඇයගෙන් වෙන්වීමට සිදුව තිබිණි .මා ඊට සැරසුණේය .

" මම ගාමිණී හෝල් බහිනවා . මම ආයිත් දවසක මම ලියපුවා ගේන්නම් . "

ඇය මා දෙස බලා සිනාසිණි .ඇයගේ මුවින් බුදු සරණයි කියමින් මා හට ඇය සමුදෙන්නට විය .

" බුදු සරණයි ."මා මුවින්ද පිට වීය .

බසයෙන් බැසි මා නැවත ඇය දෙස බලා සිනාසුණේය .ඇයද මා දෙස බලා සිනාසුණි .

ඒ දවස මා හට හරියටම මතක නම් මා මෙහි ලිවීමට අපොහොසත් නොවනු ඇත .නමුත් මා එදා මා වෙනුවෙන් ගත් බස් ටිකට් පත දැනුදු මාගේ පර්ස් එක තුල තෙරපෙමින් තිබේ . රුපියල් 22 .00 ක ටිකට් පත . එය තවමත් අවුරුදු 3ක සිට මා සතුව ඇත . ඒ ඇය මා සමග පළමුවෙන්ම කතා කළ දවස සිහි වීම වෙනුවෙනි .

කෙනෙකු තවකෙකු හට ආදරය කිරීමට යම් යම් හේතූන් තිබීමට පුළුවන් වූ නමුත් මා ඇයට ආදරය කරන්නේ ඇයිදැයි මා තවම නොදනිමි .සමහරක් විට ඇයගේ හිනාවට මා දැන් පෙම් කරනවා ඇත .නැතිනම් ඇයගේ ඇස් දෙකට . එසේත් නැතිනම් ඇයගේ මුළු හදවතටම . දැන් මා ඇය වෙනුවෙන් ගී පබදින්නට වෑයම් කරයි . මේසයක් මත නැතිනම් මාගේම අත්ල මත . පංති කාමරය තුල ලියූ හැම වචනයකම අර්ථය ඇය බවට පත් වී හමාරය .නමුත් ඒ ආදරය ඇයට තවමත් නොහැගේ . මන්ද යත් .. මේය තවමත් මා සිත තුලම පොර බදන , සිතින් කරනා ආදරයක් පමණක් වන හෙයිණි .

දවස පෙරසේම අනතය තෙක් ගෙවීයයි . සිතෙහි එක කොනක නිධන් ගත වූ ඇයගේ රූපයද තුරුලු කොට මා නින්දට ගියේ සියලුම පාඩම් කටයුතු හමාර කොටය .

පාන්දර 5 . 30 යි . මා සුපුරුදු බස් රථයට ගොඩවිය .ඇය තවමත් නොමැත . මාගේ අත තුරුල් කොත ගෙන සිටින්නේ ඇය වෙනුවෙන් මා සකස් කළ මාගේ නිසදැස් පොතයි . කාමරය පුරා තැන් තැන් වල විසිර තිබූ පද වැල් ඇය වෙනුවෙන් එකට එකතු විය . ඒ එක පැයක් තුලදීය . ඇය තවමත් නොමැත . මා බසයෙන් බැස ඈත බලා සිටියත් ඇයගේ සේයාවක්දු දක්නට නොමැත්තේය . නමුත් ඇය පිලිබඳව යම් හැඟීමක් මා සිත තුල පොර බදයි .ඒ විශ්වාසය හා චකිතය අතර තනි වු ගන්ධබ්භ හැගීමකැයි මට සිතේ . ( මතු සම්බන්ධයි . )


3 comments:

Sashimal Kasun said...

ela ela mchooo gud luck!!! go ahead...

Sashimal Kasun said...

ko ituru tikat liyapnko ikmanata..

අන්තිමයා said...

ඔන්න එහෙනම් ඊළඟ කොතසත් දැම්ම . බලන්නකො මොකද වෙන්නෙ කියලා .