ස්වභාවිකතවයේ හිනි පෙත්තටම ආ අපි , ස්වාභාවික නොවූත් යථාර්තවාදී නොවුත් බොහෝ දේ සොයන සුනිල දිය දහර යට වැඩෙන සුනිල ලදු පත

8/30/14

සිත පුරා ඇදි පෙම් හැගුම්

සිත පුරා ඇදි පෙම් හැගුම්
ඔය නුරා කැල්මන් යදියි
මා තරම් අවිහින්සක රැයත්
මට වඩා සැනසුම් විදියි

කොපුල් තල මත රැදි සුසුම්
සීත සුළඟට මුසු වෙමින්
උණුහුමක් රැඳී කොපුල් සෙවනක්
හමුවනා තුරු පෙරමන් යදියි

නුවනගෙහි රැඳී නෙත් කැලුම්
නෙත් පියන් තුළ සැගවෙමින්
සිත මැවූ ඒ එකදු  දසුනින්
කිදුරු පෙම් රූරඟ දකියි


- උෂාන් පෙරේරා -

No comments: