ස්වභාවිකතවයේ හිනි පෙත්තටම ආ අපි , ස්වාභාවික නොවූත් යථාර්තවාදී නොවුත් බොහෝ දේ සොයන සුනිල දිය දහර යට වැඩෙන සුනිල ලදු පත

8/24/14

සඳ සැගව උන්නා හැමදාමත්

පාලු නිසල බව හදවත පතුලෙන් 
දෝරෙ ගලා හැලෙනා එක මොහොතක 
ඔබ පණක් උන්නා මට මතකයි 
මගෙ හදවත අසලින් - ගිලිහෙන 
ඒ සුසුමන් විඳිමින් 

පුරුදු සෙනෙහස කුරිරු ස්වරයෙන් 
හඬ නගා ගැයෙනා එක මොහොතක 
ඔබ පමණක් උන්නා මට මතකයි 
මගෙ හදවත අසලින් - හැඩුම් දී 
ඒ සෝ රස විඳිමින් 

සඳ නොලද ඒ සියොත් රහසින්
ඉකි ගසා තැවෙනා යම් මොහොතක 
සඳ සැගව උන්නා හැමදාමත් 
කළු වළා අතරින් - නිහඬ වී 
නොපෙනෙනා අයුරින් 

-
උෂාන් පෙරේරා -

No comments: