ස්වභාවිකතවයේ හිනි පෙත්තටම ආ අපි , ස්වාභාවික නොවූත් යථාර්තවාදී නොවුත් බොහෝ දේ සොයන සුනිල දිය දහර යට වැඩෙන සුනිල ලදු පත

8/25/14

මියුරු ගී ගැයෙනා මේ රාත්‍රිය

මියුරු ගී ගැයෙනා මේ රාත්‍රිය 
ඔබේම වී සිත පාරනවා 
නිදා වැටුණු මගෙ පෑරුණු  නෙත් යුග
එළිය වැටෙන විට දළුලනවා 

ඔබ මා සුව විදි සරසවි අසුනේ    
වත් සුනු සුවදට  රැවටෙනවා
අපෙ ළගින් සිටි පූසි පැටව් ටික 
හැමදාමත් එතනට එනවා 

ඇහැල ගහ යට ඇහැළ මල් පෙති 
සුළගට තවමත් විසිරෙනවා 
අපේ ළගින් හුන් අපේම යාලුවො
අද ඒ මල් පෙති අහුලනවා 

පෙම් බැම්මෙ ලියු අපේම  පෙම් කවි 
අපිටත් නොකියම නොපෙනී යනවා 
ඔබේ මගේ ඒ නොපෙනෙන කවි මත 
තව අලුතෙන් කවි ලියවෙනවා 


- උෂාන් පෙරෙරා - 


No comments: