ස්වභාවිකතවයේ හිනි පෙත්තටම ආ අපි , ස්වාභාවික නොවූත් යථාර්තවාදී නොවුත් බොහෝ දේ සොයන සුනිල දිය දහර යට වැඩෙන සුනිල ලදු පත

8/9/14

ඉසුරු මුණි පෙම් අප්සරාවී



ගලා හැලෙන සෙල් උකුළ තලාවේ 
මන්දනීය පෙම් හැගුම් නැහැ වෙයි 
ප්‍රේමයේ මන ලෝචනී නුඹ
පුදුමයි නුඹ වගේ මට 
පෙම් කරනු බැරී 
ඉසුරු මුණි පෙම් අප්සරාවී ..... //

රාගයේ උපත වී නුඹ 
ආලයේ හිස් තැනත් වී නුඹ 
නිසොල්මන් රුවන් තලයෙහි 
ආල වඩනු ඇයි 
ඉසුරු මුණි පෙම් අප්සරාවී 

උණුහුමේ පැහැය වී නුඹ 
සීතලේ අරුත වී නුඹ 
ඔය තරම් අඳුරු මුහුණින් 
අයා සිටිනු ඇයි 
ඉසුරු මුණි පෙම් අප්සරාවී 

ගලා හැලෙන සෙල් උකුළ තලාවේ .......//


Lyrics by උෂාන් පෙරේරා - 

No comments: