
ගලවා දමා මා හැදි
මෘදු සේල පට දෙපසට
ස්පර්ෂ කොට
ඔය සුමුදු දෑතින්
මා නිරුවත් ශරීරය
නෙත් අයා මා තුලින්
මා දෙසම බලාගෙන............
මා සිතුවෙ ඒ
නුඹ කළේ ආදරය.
නමුත් ;
නුඹ දුටුවෙ ම අතුලින්
කිසිදා නො එන
පෙම්වතා දෙස බව
පසක් වූයේ මට
නුඹ කවුළු වැසූ පසුවය....................
2 comments:
කොහොමද...? මේ නිර්මාණය...
මෙය අවිඥානකව හෝ වතාවක් පැරදුනු ආදරයෙන් පෙලෙන ඕනෑම කෙනෙකුගේ සිත තුල ඇති මනෝ භාවය විය නොහැකිද?
Post a Comment