10/31/13
That was a day like today ( Shadow Short Film ) - Film by Ushan Perera
http://www.youtube.com/v/ZZUr8l5vNSs?version=3&autohide=1&autohide=1&attribution_tag=HG6Q2gmC57vTCCKauBNF3g&showinfo=1&autoplay=1&feature=share
10/2/13
පමා වී හෝ එති
හදවත මැදින් බේරෙන ආදරේ දහදිය
දෙපතුල් අරා හිමිහිට බේරී බේරී පියමන් කරයි
පෙර දින මා වෙලු හසරැල් පවන් පොඩි
පමා වී හෝ එතියි සිත පෙරමන් බලයි
දෙපතුල් අරා හිමිහිට බේරී බේරී පියමන් කරයි
පෙර දින මා වෙලු හසරැල් පවන් පොඩි
පමා වී හෝ එතියි සිත පෙරමන් බලයි
9/28/13
නුරා සිත
හදවත ඉරා දෙකුපුල් ඉරා
කඳුළැල් ගලයි මතක හසරැල් මකා
පෙරදා සිනා ඔබ කී කතා
නුරාව වෙනුවට දුක ලං කළා
කඳුළැල් ගලයි මතක හසරැල් මකා
පෙරදා සිනා ඔබ කී කතා
නුරාව වෙනුවට දුක ලං කළා
9/19/13
සුභාවිත
පරාජිත හදවත ඔබ පාමුලට කර
අරාජික විජිතයේ සොහොනකට වී
මලානික පෙම් කවිය ලියනෙම්
සුභාවිත ප්‍රේමයක් වෙනුවෙන්
අරාජික විජිතයේ සොහොනකට වී
මලානික පෙම් කවිය ලියනෙම්
සුභාවිත ප්‍රේමයක් වෙනුවෙන්
9/12/13
බේරෙනා විට ලේ බිඳක්
හදවත හිර වෙලා සීතලට
පැලෙන්නට වෙර දරයි වේගයෙන්
තදකරන් හිත විරියෙන්
දරා ගමි මේ වේදනාවන්
පෙනී පෙනී ලය මතින්
බේරෙනා විට ලේ බිඳක්
සීරුවෙන් එය පිස දමමි එය
ඔබේ නෙත් දැවටෙන්නට කලින්
පැලෙන්නට වෙර දරයි වේගයෙන්
තදකරන් හිත විරියෙන්
දරා ගමි මේ වේදනාවන්
පෙනී පෙනී ලය මතින්
බේරෙනා විට ලේ බිඳක්
සීරුවෙන් එය පිස දමමි එය
ඔබේ නෙත් දැවටෙන්නට කලින්
Subscribe to:
Posts (Atom)