ස්වභාවිකතවයේ හිනි පෙත්තටම ආ අපි , ස්වාභාවික නොවූත් යථාර්තවාදී නොවුත් බොහෝ දේ සොයන සුනිල දිය දහර යට වැඩෙන සුනිල ලදු පත

1/27/10

"ස්වාධීනත්වය"......................


සුදු පාට කඩදාසි
කළු පාට සළකුණු මතින්
තවකෙකුව පාගා දමා
යලි ලියන
ස්වාධීනත්වය
අනෙකාට හොරෙන්
හැංගිලා කළු චතුරස්‍ර කූඩුවක
ගසා දෙපසට
තවකෙකුට ඉරිකෑලි
පරපුරෙන් පරපුර වගා කළ
පණ අදින සිය
"ස්වධීනත්වය"
හැංගුවා කළු ලී පෙට්ටියක .
මෙයද අප පතන
"ස්වාධීනත්වය".................

2 comments:

බිඟූ said...

මම දාපු චන්දේ මොකද්ද කියලා එතන හිටිය ඔපිසර් දැක්කනේ.
අපේ මැතිවරණ පොලේ තිබ්බ පෙට්ටියෙන් පේනවා මොකතඩ දාන්නේ කියලා..
කැතයි වැඩේ..

/බිඟුවා...!

නෙරංජි සුලක්ඛනා said...

ලෝකෙ ස්වාධීනත්වය හිර වුනේ ලොවට ස්වාධීනත්වය උපන් දා මයි...