ස්වභාවිකතවයේ හිනි පෙත්තටම ආ අපි , ස්වාභාවික නොවූත් යථාර්තවාදී නොවුත් බොහෝ දේ සොයන සුනිල දිය දහර යට වැඩෙන සුනිල ලදු පත

9/16/10

මා සිත ඇය අයිති කරගෙන .......... !


පුදුමාකාර හැඟීමක්
මා හට පමණක් අයිති වූ
මුළු හදවතම
ඇය අයිති කරගෙන
කොයිබදෝ අතරමං කොට
මා හටත් සොයාගත නොහැකි
අනන්තයටත් එහා දිවගිය
ආදරය පමණක් බුදින
ආදරය පමනක්ම පානය කරන ...................!

සිත තුල තිබූ
ලස්සන යැයි සිතුන
මාවත් නොදුටු ලස්සන හැමදේම
ඒ ලොව අහස සේ
වියන් ගත වී මා හිසට ඉහලින් ..................!
එයම පමණයි
ඒ ලොව පොලෝ තලයත්
අහස තෙක් නැගි
නීල තලයත් ..................!

පෙනෙන්නට ඇති සියලු දේ තුල
දකින්නට බැරි
ගැඹුරුම අනන්තය තුල
කඳුල සිනහව සිර කොට
හැඟීමක් නැති
ගන්දබ්භ දසුනක ..................!

අතරමං කර
කිසිදා හුදෙකලා නොවූ
මාගේ අහිංසක හදවත
මා හටම පෙන්වයි
පණ ගැහෙන මාගේම හදවත
ඒ තුලත් ඇයම පමණක්
චිත්‍රනය කොට ............................!

නොදනිමි
කුමක්දැයි මේ වෙනස .

මා සිත ඇය අයිති කරගෙන .
මා මුළු ගතම පරඩැලක් සේ
නිර්වින්දනය කොට ...................... !

11 comments:

Anonymous said...

"මා සිත ඇය අයිති කරගෙන
මුළු හදවතම .........
කොයිබදෝ අතරමං කොට
මා හට පමණක් අයිති වූ
පණ ගැහෙන මාගේම හදවත
ඒ තුලත් ඇයම පමණක්
මාගේ අහිංසක හදවත

කඳුල සිනහව සිර කොට
ආදරය පමණක් බුදින
අනන්තයටත් එහා දිවගිය
හුදෙකලා වූ පණ ගැහෙන මාගේ හදවත

Unknown said...

නියමයි උෂන්.... ලස්සනයි.... සුපර්... මචෝ..

Unknown said...

නියමයි උෂන්.... ලස්සනයි.... සුපර්... මචෝ..

Unknown said...

නියමයි උෂන්.... ලස්සනයි.... සුපර්... මචෝ..

Anonymous said...

patta ah..
keep it up

Unknown said...

woow ... this is super.. i am very proud of you my dear friend..

රවා said...

හිතෙ ඇදුණ දෙ ලස්සනයි මිත්‍රයා, අන්තිමයා... ස්තුති බෙදා හදා ගත්තට.

Geeth Nuwan said...

මා සිත ඇය අයිති කරගෙන ගොඩක් කල්..
ඒත්,
ඒ සිත ආපසු ගන්නෙ කෙසේද .. ??

CBTBlogger said...

@ගීත් | Geeth
ඒත් ඇයිමේ හිත ආපහු ගන්න හදන්නේ

sahan ළියනගෙරත්ගමයා said...

ලස්සනට ලියනවා සොයුර..එත් ආදරේ ගැන ලියනවා වැඩි කියලා රත්ගමයට හිතෙනවා..වෙන මාතෘකාවක් ගැනත් ලියපුද...සුබ පතනවා සහෝ......

අන්තිමයා said...

හැමෝටම ගොඩක් ස්තූතියි ...... තව ඉස්සරහට ලස්සන ලස්සන ඒව දන්නං ........