ස්වභාවිකතවයේ හිනි පෙත්තටම ආ අපි , ස්වාභාවික නොවූත් යථාර්තවාදී නොවුත් බොහෝ දේ සොයන සුනිල දිය දහර යට වැඩෙන සුනිල ලදු පත

4/13/20

පටාචාරා

කළුවර වෙලී ඡායා මවා
මා සිත ගිලී වැහි දිය පොදින්
පැටලී පැටලී දෑගිලි තදින්
නුබ සොයා සුසුමන් ගලයි
පටාචාරා..පටාචාරා

දියරැලි නැගූ නදී තෙරවන්
කෙහෙරැලි මැවූ සුපසන් දසුන්
සැලී සැලී මැවී මැවී
මා වෙලාලයි පෙමින්
මා වෙලාලයි පෙමින් -මා වෙලාලයි
පටාචාරා

මුකුලිත වෙවී පිපෙනා නුවන්
පෙම්බර වෙවී වැටෙනා දෙතොල්
යා වෙවී සුව එතී
මා දවාලයි සිතින්
මා දවාලයි සිතින් -මා දවාලයි
පටාචාරා

No comments: