ස්වභාවිකතවයේ හිනි පෙත්තටම ආ අපි , ස්වාභාවික නොවූත් යථාර්තවාදී නොවුත් බොහෝ දේ සොයන සුනිල දිය දහර යට වැඩෙන සුනිල ලදු පත

9/12/10

ගොළු හදවත



කොතැනක සිටියත් දෙනෙතින් වෙන්වී
දසුනක් වී ඔබ යලි එනවා
එක තැන සිටියද දොඩමළු වී ඔබ
වෙනතක ඔබ සිත මුසු වෙනවා......... //

සුසුමන් මුසු කර රැව් දෙන ලය තුල
ඔබ රුව පමණක් නැලවෙනවා
ඒ හද තුල ඔබ නැලවෙන තාලෙට
ඔබ සිත නිහඩව නැලවෙනවා ........... //

තනි අහසට පෙම් කරනා ලෙස අපි
සඳ තරු සේ පෙම් ගී ලියනා
පෙම් ගීයේ අග තිතට බයේ ඔබ
තවමත් නිලුපුල් ගොලුවෙනවා .......... //

3 comments:

කංචු said...

මොකෝ ආදර කතාව අතර මැදට ගී පොඩ්ඩක් අමුනල...... පද ටික ලස්සනයි...... ආදර කතාවෙම එක් කොටසක්ද මේ පද වැල්......

Anonymous said...

!! coment 1 danna bari wuna ta very sry..u hv gd future ..
keep it up..
thnz 4 ur help!!!!

kawadha hari api hamu wemu,,,!!

Anonymous said...

thnzz ayiya...
sry 4 the late
u hv gd future
keep it up..!!!!