
මට සමාවෙන්න ලොකු හාමුදුරුවනේ .... ගමේ උන්ට ලොකුවට ඕක දැනිච්චාවේ .මම ඒ උපාසක අම්මත් එක්ක කතා කරන එක ඇත්ත හාමුදුරුවනේ.මමයි ඒ උපාසක ඇත්තිට ඉගෙන ගන්න පොත් පවා දුන්නෙ .දවසක් ඒ ඇත්තිට කන්න අරන් දුන්නා හාමුදුරුවනෙ ගමේ කඩේදි . ඒ හින්ද වෙන්න ඇති හාමුදුරුවනෙ ගමේ උන් රෑට රෑට පන්සල් වත්තට ගල් ගහන්නෙ ....... . මට සමාවෙන්න අපෙ හාමුදුරුවනේ ...... ඒ මගේ එක බඩ වැල කඩාගෙන ආපු නංගි . අත්තම්මා ළඟ හැදිච්ච කෙල්ල මමයි හාමුදුරුවනේ කොළඹ එක්ක ඇවිල්ලා උගන්නන්නේ .බෝඩිමට සල්ලි හොයන්නෙ ඒකි කුලී වැඩ කරලා . එකිගෙ අත්වල කර ගැට හාමුදුරුවනේ ..... හැමදාම කහට උගුරක් බීලා පංති යන කොට , මම කොහොමද හාමුදුරුවනේ බලාගෙන ඉන්නෙ ..... ? මේ සිවුර ඇතුලෙ ඉන්නෙ මනුස්සයෙක් හාමුදුරුවනෙ.... .ගමේ උන්ට ඒක පේන්නෙ නැහැ .මම රහත් වෙලා නැහැ . මම තාම පෘත්ග්ජනයි අපෙ හාමුදුරුවනේ....... මම තාම පෘත්ග්ජනයි .
5 comments:
සොයුර,,වචන නැත කියා ගන්නට.... සසල විය සංවේදී හදවත... ඔය සංවේදී පංහිඳෙන් තව තවත් මේ වන් දෑ ලියවේවා!
ඔබට තුති ...... . නිසැක මා හා රැදේවාමෙලෙසම.
මම රහත් වෙලා නැහැ......!
"ඒ මගෙ නංගි හාමුදුරුවනේ" කියන කොටස අගට ආවනම් මීටත් වඩා සංවේදී ව දැනෙනවා ඒක..
මාරයි. හදවතටම දැනෙනවා....
Post a Comment