
පියවර මැවුණි
ගන අන්ධකාරය තුලම
විසිරුණු සිනහ සමගින් .
කඳුළු හන්ගා
ඇස් පියන් යට
කරයි එක ඉඟි පෙලක්
රාත්රිය පුරාවට
සිත පවා නිහඩ කරගෙන ............... .
වසා තම නෙත්
ඇයටත් හොරෙන්
මුසපත් කළා වර්ණ පටලය
මදකට වසා
පව්කාර අතීතය ...........
ඒත් ..... ඇය
තවම නිහඩයි .
ඇගේ රත්වන් කමුල් මත
වැටුණි එක හාදුවක්
සලිත කරමින් දෙපාතෙක් .
ඒ සමඟ ;
බේරුණා එක කඳුළු බිඳුවක්
ඇගේ හදවත තුලම
ඉරාගෙන පව්කාර අතීතය
ඒත් ...... ඇය නිහඩ විය ................
3 comments:
කීප වරක්ම කියවලා රස වින්දා. අගෙයි නිර්මාණය.
බොහෝම ස්තූතියි .......
✉ ✉ ✉ ✉ ✉ ✉ ✉
All Sri Lankan Bloggers invited to join the
one and only Multi lingual
DIRECTORY OF SRI LANKAN BLOGGERS
Orchids
http://www.orchidslk.co.nr/
✉ ✉ ✉ ✉ ✉ ✉ ✉
Post a Comment