ස්වභාවිකතවයේ හිනි පෙත්තටම ආ අපි , ස්වාභාවික නොවූත් යථාර්තවාදී නොවුත් බොහෝ දේ සොයන සුනිල දිය දහර යට වැඩෙන සුනිල ලදු පත

12/2/14

ඈ උප්පලවන්නා නම් විය


උපුල් නෙතග දරනා මියුලැසියේ 
ඔබ වඩිනා මග මල් සුවඳක් වී 
සුළඟට මුසු වෙන්නම් - මා 
සුළඟට මුසු වෙන්නම් 

සිල් සුවඳක් ඇති - සෙනෙහෙ දසුන් ඇති 
ප්‍රේම හැඟුම් නැති - නෙතග බැලුම් නැති 
ඔබ යන මග වැතිරී  හිදින්නම්
ඔය නෙතු යුග දකිමින් 

සිනිදු සේල පට - මිණි රන්දම් නැති 
දැහැනුදු බිඳලන සන්සුන් රුව ඇති 
නුඹ ළඟ පරවෙන්නම් මලක් වී
නුඹ ළඟ පරවෙන්නම් 
  
- උෂාන් පෙරේරා -

No comments: