ස්වභාවිකතවයේ හිනි පෙත්තටම ආ අපි , ස්වාභාවික නොවූත් යථාර්තවාදී නොවුත් බොහෝ දේ සොයන සුනිල දිය දහර යට වැඩෙන සුනිල ලදු පත

8/27/12

බුද්ධ පුත්‍රයකුගේ පාපොච්චාරණය.... !


                                                                                                                මාස 4 යි . දවස් 13 යි . පැය 14 යි .ඒ වෙනකොට  හැමදේම සිද්ධ වෙන්න පටන් අරගෙන . සිකුරු හතෙ ඉපදුනත් හතරකේන්දරේ පාළු වුනත් කිසිම වෙනසක් නැතුව ඒ හැම එකාම එකම තාලෙකට හුස්ම ගන්න පටන් ගන්නවා. ඒත් මම විතරක් මේ බුදු ගේ ඇතුලට වෙලා මුන් හැම එකාම බේර ගන්න කියලා මුළු බුද්ධ මන්දිරේටම ඇහෙන්න පිරිත් කියනවා .
                                                                  
                                                                                                              අප්පච්චි අභයගිරි විහාරෙ දේවතා කොටුව හදද්දි කලා වැව අයිනට වෙලා අපේ අම්මා කෑ ගහන්න පටං ගත්තා .ඒ අම්මගෙ පෙකනි වැල දිගේ එල්ලිච්ච මම අම්මගේ කිරි සුවඳ හොයාගෙන එලියට එන්න හදපු වෙලාවෙ. හැබැයි මාස ගාණක් අම්මගේ පෙකනි වැල දිගේ අම්මාගේ ආදරේ මගේ මුළු ඇග ඇතුලටම කාන්දු වුණා .බඩගිනි වෙලා අඬන්න හදනකොට අම්මගෙ පපුවෙ සද්දෙට මට නින්ද ගියා .ඒත් එදා රෑ පෙකනි වැල මැද්දට ගල් මිටියකින් ගහලා අම්මවයි මාවයි වෙන් කරද්දි මම කෑ ගහලා ඇඬුවා .

                          ඒ වෙලාවෙ අභය ගිරි පන්සලේ ඝාංටාර සද්දෙට මගේ ඇඬියාව නැවතුණා. කලා වැවේ පිළීගඳ මැද්දෙන් ආපු හඳුන් කූරු සුවඳ මගේ හුස්මත් එක්කම ඇග ඇතුලට ගියා .  පිළී ගඳ මුළු ඇඟ පුරාම ගඳ ගහන්න පටන් ගත්තා . හඳුන් කූරු සුවඳත් එක්ක ආපු පිළී ගඳ .ඒ පිළිගඳ මගේ ජීවිතේ  ගොඩාක් කල් යටපත් වෙලා තිබ්බා . කාලයත් එක්කම මට තේරුණා මම ලොකෙට ඉපදිලා තියෙන්නෙ  හතර කේන්දරේ පාළු වෙල කියලා .සිකුරු අතේ තියාගෙන ඉපදුනේ නැති වුණාට අම්ම්ගේ පපුවට තුරුළු වෙලා ඉන්නකොත මට මේ ලෝකෙම මාත් එක්කම හුස්ම ගන්නවා වගේ මට දැණුනා .
                                                                 
                               අම්මගෙ අත් දෙකෙන් ටිකෙන් ටික ගල්ලැහැ පැදුරට එන්න වුණා .කලා වැවේ පිළි ගඳ මැද්දෙ නිදා ගත්ත මට කවදාවත් හිතුණේ නෑ මේ හඳුන් කූරු සුවඳ මැද්දට එන්න වෙයි කියලා .කරගැට හැදිච්ච අපච්චිගේ කකුල් දෙක අල්ලලා උද්දිකාරෝ අලිංගිත්වා කියලා බුදුබව ප්‍රාර්ථනා කරලා , කරගැට හැදිච්ච අම්මගේ අත්දෙකෙන් විවරණ ලබන්නත් කලින් පන්සලේ  ලොකු හාමුදුරුවන්ගේ කකුල් දෙක අල්ලලා වඳින්න සිද්ධ වුණා.  ඒත් කවදාවත් ඒ අත්වල මට දැනිච්ච කරගැට වල සැරව සුවඳ දැණුනේ නෑ .මං ඒ සුවඳ හොයාගෙන කලා වැව අයිනට ගියා .කෑ ගහලා කට පුරාම අම්මේ කියලා කෑ ගහන්න මත හිතුණා .ඒත් ඊට කළින් අම්මගේ නැළවිලි ගීය මැද්දෙන් පොඩි සාදු කියලා ඇහුණා .මට ඒ වෙලේ දැණුනෙ මගේ කකුල් දෙක මැද්දෙන් පොළව කිඳා බැස්සා වගේ .මට ඒ වෙලාවෙ මගේ ඇඟ ඇතුලට රිංගගෙන හිටපු පිළී ගඳ ආයිත් දැනෙන්න පටන් ගත්තා .මම ආයිත් ඒ ගලලැහැ පැදුරෙ වාඩි වෙන්නෙ කොහොමද .. ? ඒ හැමතැනම සුදු රෙදි දාලා .

                                       මට දැන් මේ බුදු ගේ ඇතුලේ හැම තැනකම අම්මගේ පෙකනි වැල දිගේ ගලාගෙන ආපු හුස්ම ගන්න හඬ ආයිත් ඇහෙනවා .ඒත් ඒත් මට ආයිත් කලා වැව ගාවට ගිහිල්ලා අම්මගේ මූණ දිහා බලාගෙන අම්මේ කියලා කියන්න ශක්තියක් නෑ . මේ ලෝක් විනාසෙට කලින් මම බුදු ගේ ඇතුලට වෙලා පිරිත් කියනවා . ඒත් මං කොහොමද ලෝක විනාසෙට කලින් නිවන් දකින්නෙ ..? . කොච්චර වීර්ය කලත් මම තාම පෘතග්ජනයි  බුදු හාමුදුරුවනේ ...මම තාම පෘතග්ජනයි .. !

11 comments:

නෙරංජි සුලක්ඛනා said...

එළිපිට කියන්නට බිය වූ, තවත් එක් සත්‍ය කතාවක්. ( අසත්‍ය වග බොහෝ දෙනා පවසන ලද)

Bunny said...

උත්කෘශ්ඨයි පුතා!! :D

චමිලාතුෂාරි said...

කොහෙන් එන සිතිවිලිද අප්පා මේ. හරිම ලස්සනට ගලපලා ලියල තියෙනවා කතාව නිකම් මැවිලා පේනවා වගේ කියවන් යද්දී. මේ විදිහට ලියනව නම් දවසක් වුනත් කියවන්න පුළුවන්

චමිලාතුෂාරි said...


කොහෙන් එන සිතිවිලිද අප්පා මේ. හරිම ලස්සනට ගලපලා ලියල තියෙනවා කතාව නිකම් මැවිලා පේනවා වගේ කියවන් යද්දී. මේ විදිහට ලියනව නම් දවසක් වුනත් කියවන්න පුළුවන්

චමිලාතුෂාරි said...

කොහෙන් එන සිතිවිලිද අප්පා මේ. හරිම ලස්සනට ගලපලා ලියල තියෙනවා කතාව නිකම් මැවිලා පේනවා වගේ කියවන් යද්දී. මේ විදිහට ලියනව නම් දවසක් වුනත් කියවන්න පුළුවන්

The Judicious Bystander said...

හරිම ලස්සනට වචන ගලපල අවංක සිතුවිල්ලක සාරය අරන් කරපු අගනා නිර්මාණයක් මල්ලි. සුබපැතුම්.....

Rohan Jayasinghe said...

Hathara Warigayama Mudhawana Giya Ek Minis Puthekugee Kathawak.

හිරුහිමාවී said...

හිතට දැනුන ලියවිල්ලක්!

Chinthaka said...

මිත්‍යා විස්වාස නිසා හෝ දුප්පත් කම නිසා බලෙන් සසුන්ගත කරවූ දරුවෙකුගේ ආත්මය කියවීමක්.

Chinthaka said...

මිත්‍යා විස්වාස නිසා හෝ දුප්පත් කම නිසා බලෙන් සසුන්ගත කරවූ දරුවෙකුගේ ආත්මය කියවීමක්.

Kathandara Karaya said...

දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
ලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!