ස්වභාවිකතවයේ හිනි පෙත්තටම ආ අපි , ස්වාභාවික නොවූත් යථාර්තවාදී නොවුත් බොහෝ දේ සොයන සුනිල දිය දහර යට වැඩෙන සුනිල ලදු පත

2/7/11

පැමිණිල්ල...... !


සිත
අතහැරී ගොස් අතරමග.

ගියෙමි නැවතත්
ඒ වැටුණු මාවත දිගටම .
නමුත් කවුරු හෝ
සිත අහුලගෙන .........

ගියෙමි දමන්නට පැමිණිල්ල
සියල්ලට පෙරාතුව
යමක් වෙන්නට.........

නමුත් ;
මා නගින්නට පෙරාතුව විත්තියට
විත්තියට නැග උන්නු
අතහැරුණු මගේ සිත
ලියා ඇත පැමිණිල්ල
මට විරුද්දව......... !

3 comments:

පූසා said...

යන්තම් ඇති උඹ ලියන්න ගත්තා!

හසී said...

පැමිනිල්ල විභාග කලේ නැද්ද ඉතින්.....

Anonymous said...

දිගටම ලියමු.. :)