ස්වභාවිකතවයේ හිනි පෙත්තටම ආ අපි , ස්වාභාවික නොවූත් යථාර්තවාදී නොවුත් බොහෝ දේ සොයන සුනිල දිය දහර යට වැඩෙන සුනිල ලදු පත

5/15/10

අහිංසකයාගේ සිහින වෙන්දේසිය


අපි මහ පොළොව මත ජීවත් වන්නෙමු . ඒත් ඒ නිකනිදු නොවෙයි .බලාපොරොත්තු , ආශාවන් , කොටින්ම කියතොත් සිහින එක් රැස් කරමිණුයි . ඒ සිහින දවසින් දවස සැබෑ වෙනවා වෙන්නට පුළුවන . නැතිනම් මියැදෙනවා වන්නටද පුළුවන . කෙනෙකුට ආදරය සිහිනයකි . කෙනෙකුට ජීවිතය සිහිනයකි . තවකෙකුට වෙනත් සිහිනයකි . මේ සියලු දෙනා මෙම සිහිනයන් සඵල කර ගැනීමට උත්සහ දරන්නේ මෙම සමාජ සංකල්ප්ය තුළ ශූණ්‍ය නොවී දැඩි චරිත බවට පත්වීමටයි . එහිදී තම ජීතය යනු ඔහුට කුමක්ද ? ආදරය යනු ඔහුට කුමක්ද? .
ඇමරිකාව තුළ " ඇමරිකන් අයිඩල් " වලින් ඇරඹුණු සිහින වෙන්දේසිය අද ලෝකය පුරා යන්ත්‍ර ලෙස ක්‍රියාකරයි . එය ලංකාව තුළද විවිධ වූ නම් වලින් කෙරයි . ජීවත් වීමට වෙර දරණ අපේ තාරුණ්‍යය අද සිහින තරු මාවතේ සිඟාකයි . නිර්වින්දණීය වූ රෝගීන් බවට පත්ව සිටියි . කෙසේ වුවද විශ්ව ගම්මාන සංකල්පය තුළ සුපිරි තරු බිහිකිරීමේ ක්‍රියාව සාධාරණීය වීමටැ පුළුවන .නමුත් ඒ හීනය දකින ඇතමුන්ගේ දුර්වලතා මෙම නාළිකාවන් තුල ප්‍රචාරක මාධ්‍ය බවට පත් කර ගැනීමට අවශ්‍ය නැත . මෙම ඛේදවාචකය ඔබ මා සියැසින් දිටිමු . සුපිරි තරු වේදිකාවේ අපූරු වූ මන නන්දනීය රැඟුම් අපද දුටහ .නමුත් ඒ අතර අහිංසක සිහින දකින උන්ගේ අහිංසකකම එදා ඒ වෙදිකාව මතම වෙන්දේසි විය . ඒ කෝටි ප්‍රකොටි ගණනින් නොව ආත්මගත හැගීම් ලෙසටය . එම නාළිකාවන් ඔවුන්ගේ මෙම අහිංසක නොමේරූ හීන රසකර බුදින්නට විය . එය ප්‍රේක්ෂකයන්ගේද බඩගෝස්තරවලට යොමුකළහ . අපිද මනුස්සයෝ වෙමු .....මිනිසා තිරිසනුන්ගෙන් වෙන්වන්නේ මිනිසා තුල තිබෙන බුද්ධිය හා චින්තනයේ පවතින උසස් බව නිසයි . එසේනම් මෙවැනි දේ කිරීමට තරම් මෙම නාළිකාවේ පිරිස තිරිසනුන් වූයේද ....... ? ඒ අහිංසකයින්ගේ සිහින බන්දේසි මත තබා රසකර කන්නට තරම් තිරිසන් වූයේද ..... ? එය දැක රසවින්ද වුණුන්ද එසේමය . හදවතට මෙය දැණුනු ඇත්තෝ මිනිසුන් වශයෙන් හැඬිය යුතුය . දැන් දැන් ඔබගේත් මගේත් සිහින ප්‍රචාරණ මාධ්‍ය බවට පත්වීමට පුළුවන . අහිංසක ඒ මිනිසුන්ව කවුරුන් හෝ දැණුදු අනුබව කරනවා ඇත . ........

3 comments:

ජීවිතේ මල් said...

මේ ගදය ලියන්නේ ඔබම නම් , මේ ලිවීම් ශෛලිය මා කලාතුරකින් බ්ලොග් අවකාශයේ දු‍ටු අගනාම ලිවීම් ශෛලියක් බව නොකියාම බැරිය.... අගෙයි... තව තව ලියන්න .... හරවත් ගැඹුරු දේ ලියන්නන් මෙන්ම කියවන්නන්ද දුලබය.. එහෙත් එය අධෛර්යමත් වීමට කාරණාවක් නොවේ... ලියන්න තව ලියන්න..... කිහිප දෙනෙක් හෝ මේ වටිනා දෑ කියවාවි.... මුහුනුපොතේ මාත් ඔබ ගැන ලියනවා... ජය වේවා!

ushan pushpakumara perera said...

බොහෝම ස්තූතියි . පුළුවන් හමෝටම මේ ඛේදවාචකය ගැන ලියන්න .ඔබටත් ජය........

Piyal Perera said...

කොල්ලෝ
ඔයාගේ ඉදිරිපත්කිරීම හරිම ලස්සනයි.
ඒත් මට හිතුන විදියට ඔයාට කොටසක් මගහැරිලා තියෙනවා.
අපේ රටේ සමාජ ආර්ථික පසුබිම අනුව මෙහෙම වෙන්දේසි වන එක පුදුමයක් නොවේ.
අපේ උන් දක්ෂතාවය පෙන්නන කොටම සියල්ලම විකිණෙන්න කටයුතු යෙදෙන්නේ අපේ නැති බැරි කම් නිසා.
ආත්මය විකිණීම ගැන මේ වචන කීපයකින් කියන්න බෑ.
නමුත් දියුණු රටවලත් ආත්මය වෙන්දේසි වෙනවා
අපිට වේදනා දැනෙන්නේ දුප්පත් කම නිසා විකිණෙනවා දකින විටයි.
එකට ඔය නාළිකාවල ඉන්න උන් නොවේ වගකියන්න ඔනේ.
වගකිව යුත්තො ඉන්නෙ අර අහින්සකයනගෙන් වැඳුම් ලබමින්.
මේක තේරුම් නොගෙන නාළිකාවට ගල් ගසා පලක් නෑ.
ගහනවානම් ගහන්න ඔනේ දියවන්නාවට.
අපි කරන්නේ වටේ යන එක.
නාළිකාවට ගහලා අපේ හිත හදා ගන්න එක.
උන් කරන්නේ මහ උන් දීපු ජොබ් එක.
උදාහරණයක් කියනවානම් දුම්වැටියක් විකුණවිට එක එළියෙදි පත්තුකරගන්න ගිනි පෙට්ටිය දුන්න කඩේ මුදලාලි කුදලගෙන යන්නේ ගන්ජා විකුණුවාසේ සළකලයි.
ඒත් මුදලාලිය ඒ ටෝම කන්නේ රුපියලට අඩු ලාබයකට.
දුම්වැටියෙන් නිශ්පාදකයාටත් වඩා ලාබ ලබන රජය අපිව රවට්ටන්න නීති දාන්නේ අපි නීති විරෝධී ගන්ජා විකුණනවා වගෙයි.
අත්තටම රජයට ඔනෙ නම් නිශ්පාදනය නීතිවිරොධී කරානම් ඉවරනේ.