ස්වභාවිකතවයේ හිනි පෙත්තටම ආ අපි , ස්වාභාවික නොවූත් යථාර්තවාදී නොවුත් බොහෝ දේ සොයන සුනිල දිය දහර යට වැඩෙන සුනිල ලදු පත

12/26/09

නොපෙනෙනා නිම්නය................



ඔබ මාව සිරකොට
නොපෙනෙනා නිම්නයක
වෙලා මීදුම් සළුව
සිත බැදි සිහිනයන්
අසරණ කළා
නොසිතූ සිහිනයන්
පුරවලා නොපෙනෙන
හද පතුලෙහිම
ඊයෙ රෑ අඩ නින්දෙහිදීම..............!

12/7/09

කඳුළ නුඹ..........


කඳුළ නුඹ.....
නුඹ තාම කෝඩුකාරයි
මා සිතුවාටත් වඩා
එපා..;
තව තවත් බර වෙන්න
කම්මුල් පුරා වැටෙන්නට
නුඹට බැරි වේවි
ඒ දුක දරා ගන්නට........
තව ටිකක් ඉවසන්න
නෙත් අගට උනන්නට..............

12/5/09

මිහිදන් කළ ප්‍රේමය............


නෙත් දෙකින් ඉඟිකොට
සිර කොට තබා
මාගේ හෘදස්පන්දනය
උරා බී තවකෙකුගෙ
ශිරා ලෙය
මා තුරුලෙහිම පණ අදින
මිහිදන් නොකළ ප්‍රේමය
ඉල්ලද්දී තව තවත් ජීවිතය.........
ඉරාගෙන මා තුල තිබූ
හදවත
මිහිදන් කළා
පන අදින ප්‍රේමය.....................

12/3/09

උල්පත් පෑන ලියූ සිතිවිල්ල......................


අද අලුත් දවසක් බව මම දැන සිටියෙමි.නමුත් හෙට උදාවෙනේද අලුත් දවසක් බව මම අමතක නොකලෙමි.තප්පරෙන් තප්පරය මාගේ සිත කඩා වැටෙද්දි ,ඒ අතීතය තුලම මළ බැදෙද්දී මාගේ සිත මා හට ඉවසීම පුරුදු කරන්නට විය.විටෙක එය මහත් අශිර්වදයක් වුවා සේම ,විටෙක මා අතරමං කරන්නක් විය .බුද්ධිමත් යයි කියන මිනිසාගේ සිත බුද්ධිමත් ලෙස තේරුම් ගැනීමට නුපුළුවන .එසේ වන්නට ඇත්තේ මිනිසා තුල තිබෙන ගුප්ත අව්‍යාජ්‍ය බව නිසා විය යුතුය .නමුත් මා ද ඒ කුලකයටම අයත් බව මා හට අමතක කිරීමට නොහැක .මාද ඒ තිරිසන් සත්ව කොටසටම අයත් වුවෙකි .
මිනිසකු ලෙස ජීවත් වනවාට වඩා ම්ත්සයකු වී මිනිසගේ තොන්ඩුවට හසුවීම සැපදායක යැයි මට සිතෙයි .විටෙක ජල ගැඹුරු සිඹිමින් රිසි සේ විඳින්නට ඌට පුළුවන .විටෙක අහස් මිරිඟුව ස්පර්ශ කිරීමට පුළුවන .ඔවුන් අතර විවිධත්වයක් නොමත .ගැටීමක් නොමැත. අණ කරන්නන් නොමැත.ඔවුනට සිත් පිහිටා ඇත්නම් ආදරය හා සෙනෙහස එකට කැටි වී මහ සයුර පිටාර ගලනු ඇත .ජීවත් වෙනවා යැයි සිතමින් ජීවත් වෙනවාට වඩා වින්දනය කරමින් මියයාමට මම ආශා කරමි .නමුත් ඒ අවසානයට පෙර වර්තමානය ත්ය්ළ වින්දනය කිරීමට මා උත්සහ දරමින් සිටිමි.යථාර්තවාදී ජීවිතයකට මුහුණ දීමට උත්සහ දරමින් , ආටෝපය සමග ගැටෙමින් ජීවත්වෙද්දී දැනෙන මනසික ආතතිය මා හට මිස තවකෙකු හට තේරුම් ගැනීමට නුපුළුවන ............

12/2/09

පිටපත් රචකයා......


ඔබ ගීතයක් පමණයි
සත්සර හා බැඳෙන
තාලය පමණක් රැගත්
නාමික හැඟුමන් සමග
සෙල්ලම් කරන...................
නමුත් ,
මා එහි ගී රචකයා විය .
රසයන් විඳින
සිත පවා නොදන්නා
ඒ කවිය
පිටපත් කරන..............................

.....ඔහු සහ ඇය......


ඔහු හා ඇය
උදෑසනම උපදින්නට විය
ඔහු හා ඇය
දහවල වැඩිවියට පත්විය
ඇය ;
ආදරය ලබන්නට විය
ඔහු ද ;
ආදරය ලබන්නට විය
ඔහු හා ඇය
සඳෑවෙහි ආදරය
සිඟාකන්නට විය...................