12/3/09
උල්පත් පෑන ලියූ සිතිවිල්ල......................
අද අලුත් දවසක් බව මම දැන සිටියෙමි.නමුත් හෙට උදාවෙනේද අලුත් දවසක් බව මම අමතක නොකලෙමි.තප්පරෙන් තප්පරය මාගේ සිත කඩා වැටෙද්දි ,ඒ අතීතය තුලම මළ බැදෙද්දී මාගේ සිත මා හට ඉවසීම පුරුදු කරන්නට විය.විටෙක එය මහත් අශිර්වදයක් වුවා සේම ,විටෙක මා අතරමං කරන්නක් විය .බුද්ධිමත් යයි කියන මිනිසාගේ සිත බුද්ධිමත් ලෙස තේරුම් ගැනීමට නුපුළුවන .එසේ වන්නට ඇත්තේ මිනිසා තුල තිබෙන ගුප්ත අව්‍යාජ්‍ය බව නිසා විය යුතුය .නමුත් මා ද ඒ කුලකයටම අයත් බව මා හට අමතක කිරීමට නොහැක .මාද ඒ තිරිසන් සත්ව කොටසටම අයත් වුවෙකි .
මිනිසකු ලෙස ජීවත් වනවාට වඩා ම්ත්සයකු වී මිනිසගේ තොන්ඩුවට හසුවීම සැපදායක යැයි මට සිතෙයි .විටෙක ජල ගැඹුරු සිඹිමින් රිසි සේ විඳින්නට ඌට පුළුවන .විටෙක අහස් මිරිඟුව ස්පර්ශ කිරීමට පුළුවන .ඔවුන් අතර විවිධත්වයක් නොමත .ගැටීමක් නොමැත. අණ කරන්නන් නොමැත.ඔවුනට සිත් පිහිටා ඇත්නම් ආදරය හා සෙනෙහස එකට කැටි වී මහ සයුර පිටාර ගලනු ඇත .ජීවත් වෙනවා යැයි සිතමින් ජීවත් වෙනවාට වඩා වින්දනය කරමින් මියයාමට මම ආශා කරමි .නමුත් ඒ අවසානයට පෙර වර්තමානය ත්ය්ළ වින්දනය කිරීමට මා උත්සහ දරමින් සිටිමි.යථාර්තවාදී ජීවිතයකට මුහුණ දීමට උත්සහ දරමින් , ආටෝපය සමග ගැටෙමින් ජීවත්වෙද්දී දැනෙන මනසික ආතතිය මා හට මිස තවකෙකු හට තේරුම් ගැනීමට නුපුළුවන ............
Subscribe to:
Post Comments (Atom)
1 comment:
ලස්සනයි!!..තව ලියන්න.......අර අනික් links title මාරු කරන්න.සිංහලට....
Post a Comment