ස්වභාවිකතවයේ හිනි පෙත්තටම ආ අපි , ස්වාභාවික නොවූත් යථාර්තවාදී නොවුත් බොහෝ දේ සොයන සුනිල දිය දහර යට වැඩෙන සුනිල ලදු පත

9/28/14

මගේ සඳ ඔබ උනානම්

මගේ සඳ ඔබ උනානම් වළා මඩළෙන් ඔබ වසා ඉන්නම්
අමෝදය සේ ඔබ හමයි නම් සුළං පොද වී ඔබ සොයා එන්නම්


නුරා මඩලෙන් වැසි දෙනුවන් සරා බැල්මෙන් මුව තෙමී
සඳ එළිය සේ  මෝදුවේ නම්
රෑ අහස සේ පසු පසට වී ඔබ ළගින් ඉන්නම්

නගා මුවදොර නදී ගැයුමන් වයා පන්සිළු රඟ දිදී
වසුදරා සේ ඔබ රඟයි නම්
මේඝයක් සේ  නුඹ ළඟට විත් ඔබ තෙමාලන්නම්

මගේ සඳ ඔබ උනානම්... //

පද රචනය - උෂාන් පෙරේරා

9/27/14

ඔබ ඇවිත් යන්න ඒවි ...!

නැත කිසිදු වචනයක් 
සිත පමණි ඇත්තේ හිරි වැටුණු 
ගල් ගැසුණු හිරි වැටුණු සිතිවිලි 
ලියම් මා කෙසේ 

නිදි සිතත් ඇහැරගෙන 
හැර නොයා සිටින්නේ ඇයිද මන්දා 
මට හුරුයි මේ බොළඳ තනිකම 
හැමදාම තුරුළු කරගෙන සිටි 

අදත් මග බලයි මා 
කාටවත් නොතේරෙයි 
ඒ පෙනෙන සළකුණු 

ඔබ ඇවිත් යන්න ඒවි ...!