ස්වභාවිකතවයේ හිනි පෙත්තටම ආ අපි , ස්වාභාවික නොවූත් යථාර්තවාදී නොවුත් බොහෝ දේ සොයන සුනිල දිය දහර යට වැඩෙන සුනිල ලදු පත

9/13/10


මාගේ දෙසවන් තුල ඇයගේ මුවින් පිටවූ ඒ වචනය නිදන් ගත වූ සේය . බස් රථය ටවුන් හෝල් දක්වාම ගමන් කෙරිණ .එතෙක් ඇය හා මා එකිනෙකා සමග දොඩමළු නොවූවද , මා මාගේ සිත තුලින් ඈ සමග දොඩමළු නොවූවා නොවෙයි .පිටතින් ඇය හා මා අතර වූ නිහඩ බව බිඳිණ .

" ඔයා ආනන්දෙට නේද යන්නෙ "

" ඔව් , ඔයා කොහොමද දන්නෙ "

ඇයගේ මුවින් සිහින් සිනා රැල්ලක් පිටවිය .

" නැහැ..... මම අපේ තාත්තත් එක්ක වෑන් එකේ එනකොට ඔයාව මම දැකලා තියෙනවා .ඒකයි . "

" ඔයා A/L ද කරන්නෙ ..." මම මද සිනාවක්ද සමගින් ඇසුවේය .

" ඔව් .... බයෝ සයන්ස් .ඔයා... ? "

" මම ආට්ස් කරන්නේ ."

" ෂෝක්නෙ .. මම මාර ආසයි . මට ටිකක් විතර නිසදැස් එහෙම ලියන්නත් පුළුවන් .ඔයාට පුළුවන්ද ලියන්න .. ? "

" ඔව් "

මා හට ඊළඟ නැවතුමෙන් වෙන්වීමට සිදුවෙයි .මා ඊට සැරසිණ .

"මං ගාමිණී හෝල් බහිනවා."

ඇය මා දෙස බලා සිනාසෙන්නට විය. " බුදු සරණයි " .

" බුදු සරණයි " මා මුවින්ද පිටවිය .

ඒ දවස මතකයට එන්නේනම් මා මෙහි ලිවීමට අපොහොසත් නොවනු ඇත .නමුත් මා එදා මා වෙනුවෙන් ගත් බස් ටිකට් පත දැනුදු මාගේ පර්ස් එක තුල තෙරපෙමින් තිබේ . රුපියල් 22 ක ටිකට් පත .එය තවමත් අවුරුදු දෙකහමාරක සිට මා සතුව ඇත .ඒ ඇය මා සමග පළපුවෙන්ම කතා කළ දවස සිහි වීම වෙනුවෙනි .

9/12/10

ගොළු හදවත



කොතැනක සිටියත් දෙනෙතින් වෙන්වී
දසුනක් වී ඔබ යලි එනවා
එක තැන සිටියද දොඩමළු වී ඔබ
වෙනතක ඔබ සිත මුසු වෙනවා......... //

සුසුමන් මුසු කර රැව් දෙන ලය තුල
ඔබ රුව පමණක් නැලවෙනවා
ඒ හද තුල ඔබ නැලවෙන තාලෙට
ඔබ සිත නිහඩව නැලවෙනවා ........... //

තනි අහසට පෙම් කරනා ලෙස අපි
සඳ තරු සේ පෙම් ගී ලියනා
පෙම් ගීයේ අග තිතට බයේ ඔබ
තවමත් නිලුපුල් ගොලුවෙනවා .......... //

එදත් අද වගේ දවසක්... ! ( 2 වන කොටස )


කව්ළුව වෙතින් ඇයගේ දෙනෙත් මාගේ සෙවණැලි මත වැටිණි .මා ඇය දෙස යලිදු බලා සිටිණු ඇයට හැගෙන්නට ඇතැයි මට සිතේ .ඇය මා දෙස හොරහින් බලා සිනා නොවූවද ඇයගේ කම්මුල් රත් පැහැ ගැන්වුණු බව මා දුටිමි .බස් රථය එතනින් ඉදිරියටම ඇදෙන්නට විය .ඒ මා සිත තුල මොකද්දෝ නැවුම් හසරැල්ලක් ද ඉතිරි කරමිනි .

පාසල වෙත වෙනදාට වඩා ඉක්මණින් ඔඉය නැගූ මා පංති කාමරය වෙත ගියේ මා හටද තේරුම් ගත නොහැකි ලෝකයක අතරමං වෙමිණි .විටක ඒ මා තුල වූ වෙනස යම් අයකු වටහා ගන්නට ද ඇත .

" මලිත් , මොකද අද උඹ විනෝදෙන් වගේ .කොල්ලගෙ මූඩ් එකත් වෙනස් "

"ඇයි බං වෙනදට මම පැත්තක් ගහලා හිටියද ? " මා හට මද සිනාවක්ද ඇති විය .

"එහෙම නෙමෙයි බං , අද ටිකක් උඹ වෙනදට වඩා හැපි එකේ ඉන්නේ .ඒකයි ."

සංජීවට මා තුල සිදු වී ඇති වෙනස දැනෙන්නට ඇත .නමුත් මා සිදු වූ දේ මා සිත තුලම සඟවා ගෙන අහිංසක සංතෝසයක් සමගම හුදෙකලා වීමි .ඒ මොහොත තුල පමණක් නොව ඒ දවස මා ගත කලේ ඇය සමග අතරමං වූ ලෝකයක ය . නින්ද මා හට අමතක වූ බවත් ඇයගේ හද ගැස්ම මා සිත තුල රැව් දෙන බවත් මා හට ඒ රාත්‍රී අන්ධකාරය විටින් විට මතක් කෙරිණි .

පාඩම් කටයුතු අවසන් කරන විට රාත්‍රී 2.00 පසු වී තිබුණි .මා නින්දට යා යුතු බව දැනිණි .ඒ විඩාබර නින්ද නිසා නොව තව පැය කිහිපයකින් පෙර දින මා ගෙදරින් පිට වූ වේලාවටම ගෙදරින් යෑමේ බලාපොරොත්තුවෙනි .ඒ ආකාරයෙන්ම එය සිදු විය .නමුත් මා හට පාන්දර බස් එක මග හැරී තිබිණ .මාගේ දෙනෙත හැඟීම් මුසු වූ සුසුමන් සමඟ අහස දෙස යොමු විය .ඒ අහස මැද අතරමං වූ තරුවකි .මා ඒ දෙස බලා ප්‍රාර්ථනාගත නොවූවද මාගේ දෙනෙත් ඒ තුලින් ඇයගේ හමුවීම පැතූ බව මා සිතමි .ඊලඟ බස් එක වෙගයෙන් ඇදෙණු පෙනිණි .මා එක ක්ෂණයකින් එතුලට ගොඩ වී බස්නැවතුම කරා ගියෙමි .

අන්ධකාරය ගිලිහී ගොස්ය .ඇය මා හට මග හැරෙන්නට ඇත .සැනෙකින් හිසව ගිය හැගීම සමගින් මා යාමට සූදානම්ව තිබූ බස් එක තුලට නැංගේය .ඉයේ දවස පුරාවට මා සිත තුල තිබූ සුන්දරත්වය මා තුල තවද නොමැත .නමුත් දැනුදු ඇය මා හට හමුවිය හැකි යැයි සිතේ .මා දෙනෙත් ඒ තරුව විශ්වාස කෙරිණි . ඒ තරුවෙ සිහි සේයාවන් තවමත් මට පෙනෙ‍යි .ඇය බස් රථය දෙස පැමිනෙණු මා නෙතට හසුවිය .ඇය පැමිනියේ මා සිටි බස් රථය දෙසටය .මා වෙත ආ ඇය ආසනයේ ඉඳ ගැනීමට සූදානම් වූයෙන් මා ඇයට කව්ලුව අසල ඇයට පිරි නැමීය .ඇය මා දෙස තියුණු බැල්මක් හෙලීය .ඒ මද සිනාවක්ද සමගිනි . බස් රථය ගමන් ආරම්භ කෙරිණ .පෙර දින සේම ඇය නින්දට වැටින .කොන්දොස්තර මහතා මා වෙත පැමිණියේ මා ටිකට් පතක් මිලදී ගත යුතු බැවිනි .ඇය නිදාගෙන සිටි හෙයින් ඇයටද ටිකට් පතක් මිලදී ගැනීමට මා හට සිතුනද මා සිත එතරම් ශක්තිමත් නොවීය .මා ඇයට කොන්දොස්තරගේ ඉල්ලීම මත ඇහැරවීය .තිගැස්මකින් අවදි වූ ඇය ටිකට් පත මිලදී ගත යුතු වූයෙන් කොන්දොස්තර වෙතට සල්ලි දිගු කළේය .

"Sory " ඇයගේ මුවින් පිට විය .ඒ ඇයගේ අත මාගේ උර හිසෙහි ස්පර්ශ වූවෙනි .

" නෑ . ඒකට කමක් නැහැ .මා මුවින් පිටවිය . ( මතු සම්බන්ධයි . )

9/10/10

එදත් අද වගේ දවසක්...... ! ( 1 වන කොටස )


මේ කතාවේ ආරම්භය කොතනකදැයි දිනයක් වශයෙන් කීමට මා නොදනිමි . මා දන්නේ එදින සිට මා ඇයට පෙමින් බැඳුනු බව පමණකි .මා දැනටද ඇයට ආදරය කරමි.කෙනෙකුට මෙතරම් තවකෙකුට ආදරය කළ හැකිදැයි මා හට තේරුම් ගැනීමට නොහැකිය. නමුත් මේ ආදරය වෙනත ආදර කතාවන් සේ කිසිදා නිමාවක් නොදකින ආදර කතාවකි . මෙයට ඇත්තේ තප්පරෙන් තප්පරය හද තුලට පැන නැගෙන හැගීම් හා සිතුවිලි දහරාවක නැවුම් බවක් පමනකි .මා ඒ නැවුම් බවට ආදරය කරන්නට පටන් ගෙන අවුරුදු දෙකහමාරක් පමන වෙයි .

එදා අගහරුවාදා දවසකි .දින කීපයක් තිස්සේ පාසල් බස් රථය ප්‍රමාද වී පැමිනීම නිසා අප සියලු දෙනාට පාසල් ගේට්ටුව අසල රැඳී සිටීමට සිදු විය .ඒ වන විට මා 12 ශ්‍රේණියට ඇතුලත් වී දින කිපයක් ගත වූවා පමණකි .දිගින් දිගටම පාසල් බස් රථයේ සිදුවුනු ප්‍රමාදය නිසා නැවතත් පාසස්ල් රථ එනතුරු නොසිට පාරෙ බස් එකේ පාසල් යෑමට මා තීරණය කලෙමි .

පාන්දර 5.30 ට පමණ වන්නට ඇත .කොළඹට යෑමට කල් වේලා ඇතිව මා පිලියන්දලට පැමිණියේ 120 බස් නැවතුම්පළටය .ටික වේලාවක් බලා සිටි මා එතන යෑමට සූදානම්ව තිබූ බස් රථයට ගොඩ වැදුනේ මා ගතට දැනුණු පුදුමාකාර වෙනසක්ද ඇතිවය .බස් රථයත නැග ඉඳ ගැනීමට ආසනයක් දෙස බලන්නට විය .ඒ මොහොත මා ඒ සිහිනය අතර තනිකරලන්නට විය .මා දන්නේ මා ඇයට සිතින් බැඳුණු බව පමනකි .ඒ මාගේ ජීවිතයේ පළැමු වතාවට මාගේ සිත ගත් ලාලිත්‍යජනක සිත්තම බව කිවයුතුය . මා සැණෙකින් ඇය අසලින් වාඩි වීමි .එකෙනෙහිම ඇය මා දෙස බලා සිනාසෙන්නට විය .මාද ඇය දෙස බලා සිනාසීමි . ඇය දෙස විටින් විට හොරහින් බැලූ මා මේ චමත්කාරය අයිති මටම පමණක් යැයි සිතින් සිතීමි .බස් රථය ගමන් ආරම්භ කලේය .

ඇයද කොළඹ විද්‍යාලයක ශිෂ්‍යාවකි .ඇය ගමන් ආරම්ඹ කර විනාඩි කීපයකට පසුව නින්දට වැටිණි .ටිකින් ටික කොළඹට ළගා වූ බස් රථය මාගේ බස් නැවතුම වෙත ඇදෙමින් තිබිණි .මා ඇය දෙස විටින් විට බලන්නට වූයේ අවසාන වතාවට හෝ එක වරක් ඇයගේ සිනහවකින් මුසපත් වීමට වූ ආසවද සිතැතිවය . එකෙනෙහිම ඇහැරිණි . ඊලඟ නැවතුමේ මා බැසිය යුතුය . පිටුපස දොරටුවට ආසන්නව සිටියද මා ඉදිරිපස දොරටුව තුලින් බසයෙන් බැසීය .ඒ මා බස් රථයෙන් බැසි පසු කවුළුව අසල සිටි ඇය මා දෙස එක් වරක් හෝ බලණු ඇතැයි යන බලාපොරොත්තුවෙනි ..................(මතු සම්බන්ධයි )

9/4/10

දැන් ආයිත් වැඩට බැස්සා ඔන්න .............!

ඔන්න මට සමා වෙන්න ඕන . නාට්‍ය වැඩ කටයුතු නිසා ගොඩ කාලෙකින් මුකුත්ම ලියන්න බැරි වුනා . මම තමයි ගිය දවස් ටිකේ වේදිකාගත වුනු "ඉබ්සන්ගේ නාට්‍යක් වන බෝනිකි ගේදර වේදිකා නාට්‍යයේ වේදිකා පරිපාලක තැන. ඉතින් වැඩ ගොදක් තිබුනා .මම මේ නාට්‍යයේ රඟපෑවෙ නැති එක විතරයි . අනිත් හැම දේම් කළා .මාස 4 ක් කාලයක් විඳපු මහන්සිය අහක ගියේ නැහැ කියලයි මම හිතන්නෙ .මොකද කියන්නෙ අපේ සංසඳය තුල කවුරුහරි ඉන්නවනම් මේ නාට්‍ය බලපු ,මම කැමතියි දැන ගන්න ඒ අයගෙන් මෙම නාට්‍යය ගැනත් ටිකක්................... !