මාගේ දෙසවන් තුල ඇයගේ මුවින් පිටවූ ඒ වචනය නිදන් ගත වූ සේය . බස් රථය ටවුන් හෝල් දක්වාම ගමන් කෙරිණ .එතෙක් ඇය හා මා එකිනෙකා සමග දොඩමළු නොවූවද , මා මාගේ සිත තුලින් ඈ සමග දොඩමළු නොවූවා නොවෙයි .පිටතින් ඇය හා මා අතර වූ නිහඩ බව බිඳිණ .
" ඔයා ආනන්දෙට නේද යන්නෙ "
" ඔව් , ඔයා කොහොමද දන්නෙ "
ඇයගේ මුවින් සිහින් සිනා රැල්ලක් පිටවිය .
" නැහැ..... මම අපේ තාත්තත් එක්ක වෑන් එකේ එනකොට ඔයාව මම දැකලා තියෙනවා .ඒකයි . "
" ඔයා A/L ද කරන්නෙ ..." මම මද සිනාවක්ද සමගින් ඇසුවේය .
" ඔව් .... බයෝ සයන්ස් .ඔයා... ? "
" මම ආට්ස් කරන්නේ ."
" ෂෝක්නෙ .. මම මාර ආසයි . මට ටිකක් විතර නිසදැස් එහෙම ලියන්නත් පුළුවන් .ඔයාට පුළුවන්ද ලියන්න .. ? "
" ඔව් "
මා හට ඊළඟ නැවතුමෙන් වෙන්වීමට සිදුවෙයි .මා ඊට සැරසිණ .
"මං ගාමිණී හෝල් බහිනවා."
ඇය මා දෙස බලා සිනාසෙන්නට විය. " බුදු සරණයි " .
" බුදු සරණයි " මා මුවින්ද පිටවිය .
ඒ දවස මතකයට එන්නේනම් මා මෙහි ලිවීමට අපොහොසත් නොවනු ඇත .නමුත් මා එදා මා වෙනුවෙන් ගත් බස් ටිකට් පත දැනුදු මාගේ පර්ස් එක තුල තෙරපෙමින් තිබේ . රුපියල් 22 ක ටිකට් පත .එය තවමත් අවුරුදු දෙකහමාරක සිට මා සතුව ඇත .ඒ ඇය මා සමග පළපුවෙන්ම කතා කළ දවස සිහි වීම වෙනුවෙනි .
No comments:
Post a Comment