Showing posts with label සිතිවිලි. Show all posts
Showing posts with label සිතිවිලි. Show all posts
6/19/20
12/2/14
ඈ උප්පලවන්නා නම් විය
උපුල් නෙතග දරනා මියුලැසියේ
ඔබ වඩිනා මග මල් සුවඳක් වී
සුළඟට මුසු වෙන්නම් - මා
සුළඟට මුසු වෙන්නම්
සිල් සුවඳක් ඇති - සෙනෙහෙ දසුන් ඇති
ප්‍රේම හැඟුම් නැති - නෙතග බැලුම් නැති
ඔබ යන මග වැතිරී හිදින්නම්
ඔය නෙතු යුග දකිමින්
සිනිදු සේල පට - මිණි රන්දම් නැති
දැහැනුදු බිඳලන සන්සුන් රුව ඇති
නුඹ ළඟ පරවෙන්නම් මලක් වී
නුඹ ළඟ පරවෙන්නම්
- උෂාන් පෙරේරා -
9/28/14
මගේ සඳ ඔබ උනානම්
මගේ සඳ ඔබ උනානම් වළා මඩළෙන් ඔබ වසා ඉන්නම්
අමෝදය සේ ඔබ හමයි නම් සුළං පොද වී ඔබ සොයා එන්නම්
නුරා මඩලෙන් වැසි දෙනුවන් සරා බැල්මෙන් මුව තෙමී
සඳ එළිය සේ මෝදුවේ නම්
රෑ අහස සේ පසු පසට වී ඔබ ළගින් ඉන්නම්
නගා මුවදොර නදී ගැයුමන් වයා පන්සිළු රඟ දිදී
වසුදරා සේ ඔබ රඟයි නම්
මේඝයක් සේ නුඹ ළඟට විත් ඔබ තෙමාලන්නම්
මගේ සඳ ඔබ උනානම්... //
පද රචනය - උෂාන් පෙරේරා
අමෝදය සේ ඔබ හමයි නම් සුළං පොද වී ඔබ සොයා එන්නම්
නුරා මඩලෙන් වැසි දෙනුවන් සරා බැල්මෙන් මුව තෙමී
සඳ එළිය සේ මෝදුවේ නම්
රෑ අහස සේ පසු පසට වී ඔබ ළගින් ඉන්නම්
නගා මුවදොර නදී ගැයුමන් වයා පන්සිළු රඟ දිදී
වසුදරා සේ ඔබ රඟයි නම්
මේඝයක් සේ නුඹ ළඟට විත් ඔබ තෙමාලන්නම්
මගේ සඳ ඔබ උනානම්... //
පද රචනය - උෂාන් පෙරේරා
9/27/14
ඔබ ඇවිත් යන්න ඒවි ...!
නැත කිසිදු වචනයක්
සිත පමණි ඇත්තේ හිරි වැටුණු
ගල් ගැසුණු හිරි වැටුණු සිතිවිලි
ලියම් මා කෙසේ
නිදි සිතත් ඇහැරගෙන
හැර නොයා සිටින්නේ ඇයිද මන්දා
මට හුරුයි මේ බොළඳ තනිකම
හැමදාම තුරුළු කරගෙන සිටි
අදත් මග බලයි මා
කාටවත් නොතේරෙයි
ඒ පෙනෙන සළකුණු
ඔබ ඇවිත් යන්න ඒවි ...!
සිත පමණි ඇත්තේ හිරි වැටුණු
ගල් ගැසුණු හිරි වැටුණු සිතිවිලි
ලියම් මා කෙසේ
නිදි සිතත් ඇහැරගෙන
හැර නොයා සිටින්නේ ඇයිද මන්දා
මට හුරුයි මේ බොළඳ තනිකම
හැමදාම තුරුළු කරගෙන සිටි
අදත් මග බලයි මා
කාටවත් නොතේරෙයි
ඒ පෙනෙන සළකුණු
ඔබ ඇවිත් යන්න ඒවි ...!
8/25/14
මියුරු ගී ගැයෙනා මේ රාත්‍රිය
මියුරු ගී ගැයෙනා මේ රාත්‍රිය
ඔබේම වී සිත පාරනවා
නිදා වැටුණු මගෙ පෑරුණු නෙත් යුග
එළිය වැටෙන විට දළුලනවා
ඔබ මා සුව විදි සරසවි අසුනේ
වත් සුනු සුවදට රැවටෙනවා
අපෙ ළගින් සිටි පූසි පැටව් ටික
හැමදාමත් එතනට එනවා
ඇහැල ගහ යට ඇහැළ මල් පෙති
සුළගට තවමත් විසිරෙනවා
අපේ ළගින් හුන් අපේම යාලුවො
අද ඒ මල් පෙති අහුලනවා
පෙම් බැම්මෙ ලියු අපේම පෙම් කවි
අපිටත් නොකියම නොපෙනී යනවා
ඔබේ මගේ ඒ නොපෙනෙන කවි මත
තව අලුතෙන් කවි ලියවෙනවා
- උෂාන් පෙරෙරා -
ඔබේම වී සිත පාරනවා
නිදා වැටුණු මගෙ පෑරුණු නෙත් යුග
එළිය වැටෙන විට දළුලනවා
ඔබ මා සුව විදි සරසවි අසුනේ
වත් සුනු සුවදට රැවටෙනවා
අපෙ ළගින් සිටි පූසි පැටව් ටික
හැමදාමත් එතනට එනවා
ඇහැල ගහ යට ඇහැළ මල් පෙති
සුළගට තවමත් විසිරෙනවා
අපේ ළගින් හුන් අපේම යාලුවො
අද ඒ මල් පෙති අහුලනවා
පෙම් බැම්මෙ ලියු අපේම පෙම් කවි
අපිටත් නොකියම නොපෙනී යනවා
ඔබේ මගේ ඒ නොපෙනෙන කවි මත
තව අලුතෙන් කවි ලියවෙනවා
- උෂාන් පෙරෙරා -
8/24/14
සඳ සැගව උන්නා හැමදාමත්
පාලු නිසල බව
හදවත පතුලෙන්
දෝරෙ ගලා හැලෙනා එක මොහොතක
ඔබ පණක් උන්නා මට මතකයි
මගෙ හදවත අසලින් - ගිලිහෙන
ඒ සුසුමන් විඳිමින්
පුරුදු සෙනෙහස කුරිරු ස්වරයෙන්
හඬ නගා ගැයෙනා එක මොහොතක
ඔබ පමණක් උන්නා මට මතකයි
මගෙ හදවත අසලින් - හැඩුම් දී
ඒ සෝ රස විඳිමින්
සඳ නොලද ඒ සියොත් රහසින්
ඉකි ගසා තැවෙනා යම් මොහොතක
සඳ සැගව උන්නා හැමදාමත්
කළු වළා අතරින් - නිහඬ වී
නොපෙනෙනා අයුරින්
- උෂාන් පෙරේරා -
දෝරෙ ගලා හැලෙනා එක මොහොතක
ඔබ පණක් උන්නා මට මතකයි
මගෙ හදවත අසලින් - ගිලිහෙන
ඒ සුසුමන් විඳිමින්
පුරුදු සෙනෙහස කුරිරු ස්වරයෙන්
හඬ නගා ගැයෙනා එක මොහොතක
ඔබ පමණක් උන්නා මට මතකයි
මගෙ හදවත අසලින් - හැඩුම් දී
ඒ සෝ රස විඳිමින්
සඳ නොලද ඒ සියොත් රහසින්
ඉකි ගසා තැවෙනා යම් මොහොතක
සඳ සැගව උන්නා හැමදාමත්
කළු වළා අතරින් - නිහඬ වී
නොපෙනෙනා අයුරින්
- උෂාන් පෙරේරා -
8/9/14
ඉසුරු මුණි පෙම් අප්සරාවී
මන්දනීය පෙම් හැගුම් නැහැ වෙයි
ප්‍රේමයේ මන ලෝචනී නුඹ
පුදුමයි නුඹ වගේ මට
පෙම් කරනු බැරී
ඉසුරු මුණි පෙම් අප්සරාවී ..... //
රාගයේ උපත වී නුඹ
ආලයේ හිස් තැනත් වී නුඹ
නිසොල්මන් රුවන් තලයෙහි
ආල වඩනු ඇයි
ඉසුරු මුණි පෙම් අප්සරාවී
උණුහුමේ පැහැය වී නුඹ
සීතලේ අරුත වී නුඹ
ඔය තරම් අඳුරු මුහුණින්
අයා සිටිනු ඇයි
ඉසුරු මුණි පෙම් අප්සරාවී
ගලා හැලෙන සෙල් උකුළ තලාවේ .......//
Lyrics by උෂාන් පෙරේරා -
7/30/14
වසන්තය එනවා සත්තමයි
මග ඇරුනු පෙම් සුවඳ දිගේ
රොන් සුවඳ අරන් නුබෙ දෙතොල දිගේ
පාර සොයන් ඒවී
පෙම් වසන්තයක් ඒවී
ලෝවනීය කැලුමින් තෙමී හද පවන් නන්වයි
හිම සීත අරණින් නුබෙ සුවඳ අරන්
පාර සොයන් ඒවී
පෙම් වසන්තයක් ඒවී
ප්‍රේමනීය හැඟුමින් වෙලී මන දෝරෙ නන්වයි
දලනිදු පතුලෙන් නුබෙ හීන අරන්
පාර සොයන් ඒවී
පෙම් වසන්තයක් ඒවී
වසන්තය එනවා සත්තමයි සුහුබුල් සිනා අරන්
මග ඇරුනු පෙම් සුවඳ දිගේ ...... //
lyrics by Ushan Pushpakumara Perera
7/24/14
7/22/14
ඇසිඩ් වැස්සට තෙමුණු මායාට
අන්ධකාරය ගල් තලාව මත මියදෙද්දි තව මොහොතකින් මේ හැමදෙයක්ම ඉවරවෙලා තියේවි.උබටත් මටත් අපි කවුද කියලවත් මතක නැති වේවි. මග තොටදි හම්බ උනත් තුහ් කියලා කෙල ගහන්න උනත් බැරිකමක් නැහැ. ඒ උනාට මමත් දන්නව බන් මේ කාලකන්නි හදවතට උබ මොහොතකට හරි ආදරය කලා කියලා. මම මෙතනින් ගියාට පස්සෙ උබ මගේ හුස්ම එක පොදියට තුරුලු කරගෙන ජනේලෙන් මන් යනකන් බලන් ඉන්නවා . හැබැයි මන් කියන්නෙ ඔන්න ඔය හුස්ම ටික දාපන් ඔය භූමි තෙල් ලිපට පිච්චිලා යන්න . නැහැග..... එපා ..... එතකොට උබ ඔය භූමි තෙල් ලිපෙන් උබටම ගිනි තියා ගනීවි. එතකොට මගේ හුස්ම වල පණ ඇද ඇද ඉන්න උනුහුම ආයිත් සැරයක් උණුහුම් වෙලා උබේ මුළු ශරීරයම වැලඳ ගනිද්දි උඹ ආයිත් සැරයක් වෙදනාවෙන් කෑ ගහන්න පටන් ගනීවි . ගමට බැහැ මිනී මරුවෙක් වෙන්න.... කමක් නැහැ .......උබට කැමති දෙයක් කරපන් .
Labels:
ආදරය හා මම,
දුටු දේ,
විචාරාත්මක,
විසේකාර ආදරේ,
සිතිවිලි
5/20/14
සඳ සිල් අරන් සඳ එන්නෙ නැහැ
සඳ සිල් අරන් සඳ එන්නෙ නැහැ
නිල් පාට මල් රේණු සිප ගන්න
ඔබ ඇවිදින් ගිහින් ඔබ එන්නෙ නැහැ
තනි වෙච්ච තරු රෑන නොපෙනී ගිහින්
පින්සාර සිත් එක්ක සන්සාර කවි ලිව්ව
උම්මාද සිහිනේ අරගෙන ගිහින්
දම් පාට හැන්දෑව අරගෙන ගිහින්
මා එක්ක ඔබ උන්නු මුළු රෑ පුරා
නිදි වරපු සමනල්ලු ඉගිලී ගිහින්
මකරන්දෙ මල් සුවඳ අරගෙන ගිහින්
සඳ සිල් අරන් සඳ එන්නෙ නැහැ ........ //
- උෂාන් පෙරේරා -
5/2/14
4/11/14
වරෙන් මමත් මෙ උඩහට යනවා

අම්බරුවන් බිම් මල් පාගනවා
පෑගෙන බිම් මල් බුදුන් පුදනවා
බුදු කෙනෙකුන් යලි උපදින හින්දා
අම්බරුවෝ අපි හෙලේ නගිනවා.
රැහැයියනේ තව කෑගහපල්ලා
නෑසෙන දුක් කවි තව කියපල්ලා
අපිටත් ඇහුනොත් අපිත් කියන්නම්
උබලත් උඩහට එනවයි කියලා
සඳ එලියට ගල් පඩි දිලිසෙනවා
කලා මැදිරියෝ පාර කියනවා
උලලේනෝ උඹ තවම අඩනවද
වරෙන් මමත් මෙ උඩහට යනවා
අනුන්ගෙ දුක් පව් උබ උහුලනවා
උබටත් දවසක වරයක් එනවා
උබේ දුකත් මට ලියා තියාපන්
එන වර මම ආයිත් මෙහි එනවා
1/20/14
12/15/13
පෙම් කවි සිත
රැයක් පුරා සිත නිමක් නොවූ කවි
පෙළක් සොයා නිදි වැරුවා
මටත් හොරා නුබ කවි පෙළක් ලියා
අන් කවක් සොයා එහි තැබුවා
සිතට දැනෙන මෙ නිම් නැති පාලුව
සිර කරගෙන මා දින ගැන්නා
හීන කතන්නදර ගොතා ලියන්නට
මතක පොතේ පිටු ඉතිරි වෙලා
ලියන ලියන මෙ අකුරක් ගානේ
ඔබ දුන් මතකය ලියවෙනවා
අකුරු මැකී ගිය හිස්තැන් අතරේ
ඔබේ නමින් ලේ ඉහිරෙනවා
රැයක් පුරා සිත .... //
( උශාන් පෙරේරා )
11/11/13
10/2/13
පමා වී හෝ එති
හදවත මැදින් බේරෙන ආදරේ දහදිය
දෙපතුල් අරා හිමිහිට බේරී බේරී පියමන් කරයි
පෙර දින මා වෙලු හසරැල් පවන් පොඩි
පමා වී හෝ එතියි සිත පෙරමන් බලයි
දෙපතුල් අරා හිමිහිට බේරී බේරී පියමන් කරයි
පෙර දින මා වෙලු හසරැල් පවන් පොඩි
පමා වී හෝ එතියි සිත පෙරමන් බලයි
9/28/13
නුරා සිත
හදවත ඉරා දෙකුපුල් ඉරා
කඳුළැල් ගලයි මතක හසරැල් මකා
පෙරදා සිනා ඔබ කී කතා
නුරාව වෙනුවට දුක ලං කළා
කඳුළැල් ගලයි මතක හසරැල් මකා
පෙරදා සිනා ඔබ කී කතා
නුරාව වෙනුවට දුක ලං කළා
9/19/13
සුභාවිත
පරාජිත හදවත ඔබ පාමුලට කර
අරාජික විජිතයේ සොහොනකට වී
මලානික පෙම් කවිය ලියනෙම්
සුභාවිත ප්‍රේමයක් වෙනුවෙන්
අරාජික විජිතයේ සොහොනකට වී
මලානික පෙම් කවිය ලියනෙම්
සුභාවිත ප්‍රේමයක් වෙනුවෙන්
Subscribe to:
Posts (Atom)










