ස්වභාවිකතවයේ හිනි පෙත්තටම ආ අපි , ස්වාභාවික නොවූත් යථාර්තවාදී නොවුත් බොහෝ දේ සොයන සුනිල දිය දහර යට වැඩෙන සුනිල ලදු පත

Showing posts with label Lyrics. Show all posts
Showing posts with label Lyrics. Show all posts

4/14/20

හිම සළන සඳ සාවියේ















සුමුදු සිත ඔබේ - මා ලයෙහි හොවා
සතපාල සයනේ මා හැඟුම් පෙරා
භවයෙන් භවේ බැඳුණා ලෙසේ
දැනුණා නයනාවියේ
සිතැඟින් බැඳී බැඳුණා වගේ 
දැණුනා නයනාවියේ

හිරිපොදට ගුලි වී - උණුසුමට තැවරී
සනසන්න මේ ජීවිතේ
සුවඳයි ඔබේ -  සුසුමන් සුසුම්
මකරන්දයක් වගේ
මගෙ හීන අමුණන්නියේ

සෙනෙහෙන් ගැයූ ගී - ඔය දෙතොලෙ පැටලී
මුමුණන්න ඒ ආදරේ
මිහිරියි ඔබේ -  පැසසුම් වදන්
ගීතයක් වගේ
හිම සළන සඳ සාවියේ 


4/13/20

පටාචාරා

කළුවර වෙලී ඡායා මවා
මා සිත ගිලී වැහි දිය පොදින්
පැටලී පැටලී දෑගිලි තදින්
නුබ සොයා සුසුමන් ගලයි
පටාචාරා..පටාචාරා

දියරැලි නැගූ නදී තෙරවන්
කෙහෙරැලි මැවූ සුපසන් දසුන්
සැලී සැලී මැවී මැවී
මා වෙලාලයි පෙමින්
මා වෙලාලයි පෙමින් -මා වෙලාලයි
පටාචාරා

මුකුලිත වෙවී පිපෙනා නුවන්
පෙම්බර වෙවී වැටෙනා දෙතොල්
යා වෙවී සුව එතී
මා දවාලයි සිතින්
මා දවාලයි සිතින් -මා දවාලයි
පටාචාරා

4/10/20





කලු වළාවේ කලු වළාවේ
උඹත් හිමිහිට ඇදීයන් 
ඒ සුසුම් නැගි සයන මත්තට
උඹත් හිමිහිට ඇදීයන්



සිහිල් පවනේ තුරුලු වීගෙන - ඇගේ කෙහෙරැලි හමනවා ඇති
පොදි බැදී යන වළාවන් කැටි - සෙනෙහසින් තව තුරුලු කරගෙන 
ඇගේ මැළවුණු කමුල් තලයේ සිනාවක් වී වැසීයන්

අන්දකාරය තුලත් පීරා මා සොයා ඈ හඩනවා ඇති 
අයාලේ යන ඇගේ සිතිවිලි - නොරිදෙනා සේ ඈත පා කර 
ඇගේ තනියට ඇයත් එක්කම ඇය ළඟට වී සිටීයන්

9/28/14

මගේ සඳ ඔබ උනානම්

මගේ සඳ ඔබ උනානම් වළා මඩළෙන් ඔබ වසා ඉන්නම්
අමෝදය සේ ඔබ හමයි නම් සුළං පොද වී ඔබ සොයා එන්නම්


නුරා මඩලෙන් වැසි දෙනුවන් සරා බැල්මෙන් මුව තෙමී
සඳ එළිය සේ  මෝදුවේ නම්
රෑ අහස සේ පසු පසට වී ඔබ ළගින් ඉන්නම්

නගා මුවදොර නදී ගැයුමන් වයා පන්සිළු රඟ දිදී
වසුදරා සේ ඔබ රඟයි නම්
මේඝයක් සේ  නුඹ ළඟට විත් ඔබ තෙමාලන්නම්

මගේ සඳ ඔබ උනානම්... //

පද රචනය - උෂාන් පෙරේරා

9/27/14

ඔබ ඇවිත් යන්න ඒවි ...!

නැත කිසිදු වචනයක් 
සිත පමණි ඇත්තේ හිරි වැටුණු 
ගල් ගැසුණු හිරි වැටුණු සිතිවිලි 
ලියම් මා කෙසේ 

නිදි සිතත් ඇහැරගෙන 
හැර නොයා සිටින්නේ ඇයිද මන්දා 
මට හුරුයි මේ බොළඳ තනිකම 
හැමදාම තුරුළු කරගෙන සිටි 

අදත් මග බලයි මා 
කාටවත් නොතේරෙයි 
ඒ පෙනෙන සළකුණු 

ඔබ ඇවිත් යන්න ඒවි ...!




8/30/14

සිත පුරා ඇදි පෙම් හැගුම්

සිත පුරා ඇදි පෙම් හැගුම්
ඔය නුරා කැල්මන් යදියි
මා තරම් අවිහින්සක රැයත්
මට වඩා සැනසුම් විදියි

කොපුල් තල මත රැදි සුසුම්
සීත සුළඟට මුසු වෙමින්
උණුහුමක් රැඳී කොපුල් සෙවනක්
හමුවනා තුරු පෙරමන් යදියි

නුවනගෙහි රැඳී නෙත් කැලුම්
නෙත් පියන් තුළ සැගවෙමින්
සිත මැවූ ඒ එකදු  දසුනින්
කිදුරු පෙම් රූරඟ දකියි


- උෂාන් පෙරේරා -

8/25/14

මියුරු ගී ගැයෙනා මේ රාත්‍රිය

මියුරු ගී ගැයෙනා මේ රාත්‍රිය 
ඔබේම වී සිත පාරනවා 
නිදා වැටුණු මගෙ පෑරුණු  නෙත් යුග
එළිය වැටෙන විට දළුලනවා 

ඔබ මා සුව විදි සරසවි අසුනේ    
වත් සුනු සුවදට  රැවටෙනවා
අපෙ ළගින් සිටි පූසි පැටව් ටික 
හැමදාමත් එතනට එනවා 

ඇහැල ගහ යට ඇහැළ මල් පෙති 
සුළගට තවමත් විසිරෙනවා 
අපේ ළගින් හුන් අපේම යාලුවො
අද ඒ මල් පෙති අහුලනවා 

පෙම් බැම්මෙ ලියු අපේම  පෙම් කවි 
අපිටත් නොකියම නොපෙනී යනවා 
ඔබේ මගේ ඒ නොපෙනෙන කවි මත 
තව අලුතෙන් කවි ලියවෙනවා 


- උෂාන් පෙරෙරා - 


8/24/14

සඳ සැගව උන්නා හැමදාමත්

පාලු නිසල බව හදවත පතුලෙන් 
දෝරෙ ගලා හැලෙනා එක මොහොතක 
ඔබ පණක් උන්නා මට මතකයි 
මගෙ හදවත අසලින් - ගිලිහෙන 
ඒ සුසුමන් විඳිමින් 

පුරුදු සෙනෙහස කුරිරු ස්වරයෙන් 
හඬ නගා ගැයෙනා එක මොහොතක 
ඔබ පමණක් උන්නා මට මතකයි 
මගෙ හදවත අසලින් - හැඩුම් දී 
ඒ සෝ රස විඳිමින් 

සඳ නොලද ඒ සියොත් රහසින්
ඉකි ගසා තැවෙනා යම් මොහොතක 
සඳ සැගව උන්නා හැමදාමත් 
කළු වළා අතරින් - නිහඬ වී 
නොපෙනෙනා අයුරින් 

-
උෂාන් පෙරේරා -

8/9/14

මේ තරම් රිදවනා



මේ තරම් රිදවනා නිහඩ ඒ කවි දෑසේ  
හිතු මතේ මෝරනා නිහඩ සිත මාගේ  .... // 

ඔය හිතේ මොහොතක් නැවතිලා 
පාලුවේ  කවි දහසක්  ලියා....// 
ඔබට මා නොපැවසූ සෙනෙහසක් තිබුණා 

ඔබ ළගම හීනය නැවතිලා  
සිහිනයේ නුඹ දුර වැඩි නිසා .... // 
ඔබට මා සිත නොදී පඩුවේ උන්නා 

මේ තරම් රිදවනා නිහඩ ඒ කවි දෑසේ.... //

Lyrics by  - උෂාන් පෙරේරා  -

ඉසුරු මුණි පෙම් අප්සරාවී



ගලා හැලෙන සෙල් උකුළ තලාවේ 
මන්දනීය පෙම් හැගුම් නැහැ වෙයි 
ප්‍රේමයේ මන ලෝචනී නුඹ
පුදුමයි නුඹ වගේ මට 
පෙම් කරනු බැරී 
ඉසුරු මුණි පෙම් අප්සරාවී ..... //

රාගයේ උපත වී නුඹ 
ආලයේ හිස් තැනත් වී නුඹ 
නිසොල්මන් රුවන් තලයෙහි 
ආල වඩනු ඇයි 
ඉසුරු මුණි පෙම් අප්සරාවී 

උණුහුමේ පැහැය වී නුඹ 
සීතලේ අරුත වී නුඹ 
ඔය තරම් අඳුරු මුහුණින් 
අයා සිටිනු ඇයි 
ඉසුරු මුණි පෙම් අප්සරාවී 

ගලා හැලෙන සෙල් උකුළ තලාවේ .......//


Lyrics by උෂාන් පෙරේරා -