ස්වභාවිකතවයේ හිනි පෙත්තටම ආ අපි , ස්වාභාවික නොවූත් යථාර්තවාදී නොවුත් බොහෝ දේ සොයන සුනිල දිය දහර යට වැඩෙන සුනිල ලදු පත

Showing posts with label එදත් අද වගේ දවසක්. Show all posts
Showing posts with label එදත් අද වගේ දවසක්. Show all posts

12/2/10

එදත් අද වගේ දවසක්........ ! (6 වන කොටස ) .


හදවතෙහි ස්වර නිහඩය .හදවත ගැහෙන රිදමය තනුවෙන් ඈත් වී ගැයෙයි . මා දරා සිටි මේ මුළු ලෝකයම මා අනිකර දමා තනියෙන් හුස්ම ගන්නාක් සේ මට දැනෙයි . ඈ හට කුමක් සිදුවි ඇත්ද.... ?මා සිත මාගෙන්ම ප්‍රශ්න කරයි .එදින වේලාසන පාසල ඇරුණමුත් මා ගෙදර එනවිට වෙනදාටත් වඩා ප්‍රමද වි තිබුණි .ඒ මා බොහෝදුර පයින් ඇවිද සිටි නිසා බව තේරුම් ගියේ ගෙදර පැමිණ වේලාව බැලූ පසුවය .
බලාපොරොත්ත් උව මා ජිවත් කරවයි .හිස ලූ ලූ අත මනස වෙහෙසූ මා සිතිවිලි වලින් පීඩිතව සිටියේය .මා වෙනදාට වඩා ඉක්මනින් මා නින්දට වැටුනමුත් නින්ද අහලකටවත් නොආවේය .දැන් මා අදරය කෙරූ අන්ධකාරය මා ඇසි පියන් යට හොල්මන් කරයි .රෑ පුරා නිදි වැරූ මා එලිවනතුරුත් ඈගේ චායාව සමගින් දොඩමළු වූයේය .තවමත් ඈවත් නොදත් ආදර බැඳීමක් මා ඇය කෙරෙහි ඇති කර ගත්තේ කෙසේද ...... ?ඇය විසින් මා අසරණ කර ඇතැයි විටෙක මම ඇයට ශාප කළෙමි .

එදින මා සිත පෙළු මුලු වේදනාවම වචන තුල සිර කර තැබිමට උත්සහ කළේය .නමුත් මා ඒ ලියූ සියලු දේ කෑලි කෑලි වන තෙක් ඉරා දැමීය .වෙනදා වේගයෙන් අවදි වූ උදෑසන තවමත් ප්‍රමාදය . මා හැකි තරම් උදෑසන ගෙදරින් පිටත් විය .හදවතේ දෝංකාරය ගතද වෙව්ලවමින් නැගෙන්නා සේ මට දැනෙයි .

පාන්දර 5 පමණ විය .මධ්‍යහන තුල ඝෝෂාවෙන් තෙරපෙන මුලු නගරයම එකම නිහඩ අන්ධකාරයක ගිලී ගොසින්ය .උදෑසන දුර බැහැර යන වුන් ඒ මේ අත දුවයි .මා පමණක් බස් නැවතුම අසල රැඳී සිටියි .නගරය අභිබවා නැගි සිටි ඔරලෝසු කනුව විටින් විට නාද වන්නේ මතක ඇති කලෙක් ගමන් නොකෙරුණු ඔරලෝසු කටු පහලට හෙලා ගනිමිනි .

තව සුළු මොහොතකින් නගරය තුල වූ නිහඩ බව පුපුරා යනු ඇත .මා බලා පොරොත්තුව තවමත් එසේමය .වළා කුලු වේදනාවෙන් තෙරපෙනු මට පෙනෙයි . තවමත් ඇයගේ රූප මායාවක් හෝ නොමැත .ඇය දැන් ආ යුතුය .නගරයම දෝන්ල්කාර දෙයි . සැම තැනම මිනිසුන්ගෙන් වැසී ගොසිනි .ඒ අතර ඇය සැඟවි ඇත්ද .... ? මා නොදනිමි .ඇය තවමත් නොමැත .විටෙක මා ඒ සෙනග අතරින් සුදු ගවුමක් දුටු විට ඒ හා හඹා ගියේය . නමුත් ඇය හමුවූයේ නැත .

මා සිත තුල තිබූ සියල්ල හිස්ව ගොසිනි .තවදුරටත් ඇය නො එනු ඇත . සියල්ල අතහැර දමා අසල වූ බස් රථයට ගොඩවිය .මා දුටුවේ මා පෙර දිනක වාඩි වී ගිය ආසනය හිව තිබූ බව පමණකි .ඇය තවත් මා සොයා නො එනු ඇති .එයින් තොර වෙනයම් පිළිතුරක් මා ළඟ නොමැත ...............

11/6/10

එදත් අද වගේ දවසක්........ ! ( 5 වන කොටස ) .


බස් රථය වේගයෙන් ගමන් ගත්තේය .මා හට හුරු පුරුදු ඒ නැවතුම වෙත බස් රථ මා හටද නොදැනීම ළං විය. ඈ තවමත් මාගේ නිසදැස් කිවමින් සිටියා ය . ඇය මෙතරම් මාගේ කවිය තුල රසිකාවියක වේ යැයි මා නොසිතුවෙමි .ඇරත් මේ තරම් ඉක්මනටම . ඔව් ඇය දැන් මාගේ සිත තුල රසිකාවියක වී හමාරය . මා ඇයට ආදරය කරයි .

නිසදැස් පෙළින් ඇරඹි ඒ හෝරාව මෙලෙස අවසන් විය . මා පාසල වෙත යන්නට විය. දැන් දැන් මා සිත තුල ඇයගේ කම්මුල් චිත්‍රනය වෙයි .ඇයගේ සිනහව , සියලු දේ මා සිත වැළදගෙන සිටියි . නමුත් ඒ අතර එක මොහොතක් දෙදරා යන්නට විය . මා හට ඒ අවසානයේ දෝංකාරය ඇසිණ . ඒ මගේ ශරීරය තුල මාවම පුපුරවා හරිමින් ලේක් හවුස් වට රවුම අසල සිදු වූ බෝම්බ පිපිරීමයි .

මා සිත ගලපමින් සිටි සිතුවිලි දහරාවන් එක ක්ෂණයකින් පුපුරා ගියේය .වෙනදා මෙන් මා සිත සෞම්‍ය නොවුණි .මා සිත තුල යම් වේදනාවක් දෝන්කාර දෙයි . මා හට මෙලෙස කිසි දිනක නොදැනුණි .මා ලියූ නිසදැස් මා සිත තුල හොල්මන් කරයි .ඇයගේ සිනහව , කටහඩ මාගේ ඇග අතුලටම කිඳා බැස කලු සීතල ඇට මිදුළු තුල වේදනාවෙන් තෙරපෙයි . මෙය ම සිතින් මවා ගත් දෙයක් විය හැකිද ඇයද ඒ අසල සිටින්නට ඇත . මෙය මා සිත තුල වරින් වර වේදනා දෙයි . විටෙක ඇයගේ ලේ පැහැති දේහය මා සිත මා හටම පෙන්වයි . එවිට මා මාගේ හිස කීප විටක්ම මේසයේ හැප්පුවේ ය. පංති කමරය තුල සියලු දෙනාම කලබල වී සිටි හෙයින් එය කිවෙකුටවත් නොපෙනෙන්නට ඇත .

කලා අංශයේ රූපවාහිනිය වටා සියලු දෙනාගේ දෑස් යොමුව තිබිණ .දැන් ඒ මත බෝම්බ පිපිරීමේ දර්ශන දිස්වෙයි . එකිනෙකාගේ ලේ , මළ මිනී ඒ මේ අතින් අත හුවමාරු වෙයි .ඒ අතර පුංචි ළමයෙක් , මවක් නැතිනම් තවත් කෙනෙක් .මා වටා සිටි සියලු දෙනා ඒ දෙස විමතියෙන් බලා සිටියේ කී දෙනෙක් ඒ අතර මැරී සිටී දැයි යන කාලකන්ණි හැගීමෙනි . නමුත් මා දෙනෙත් අතර රැදි ඇයගේ රූපය ඒ අතරය සොයමින් සිටියි .ඔව් ...... ඒ ඇයද ..?රූපවාහිනි තිරය මත පාසල් සිසුවියකගේ දර්ශණයක් දිස් විය .නමුත් ඒ ඇය යයි විශ්වාස කිරීමට තරම් ඇයගේ මුහුණ පැහැදිලිව නොපෙණින . ඒ ඇත්තටම ඇය විය හැකිද.. ? මා සිත එය පිළිනොගනියි. ඇයත එසේ විය නොහැකිය .මා වටා සිටි පිරිස අතරින් මා පිටතට පැමිණියේය .මා හටද නොදැනිම කඳුළු බිංදුවක් මාගේ සපත්තුව මත වැටුණි .

නමුත් තවත් හෙට දවසක් ඇත .ඇය හෙට නොපමාව ආ යුතුය .මා සිත විශ්වාස කරයි .

10/2/10

එදත් අද වගේ දවසක්....... ! ( 4 වන කොටස )


පාසල් ගවුමක් ඇඳගත් කෙනෙකු මා හට ඈතින් එනු පෙනෙයි .ඔව්..... ඒ ඇය යයි මා සිත විශ්වාස කරයි .කෙමෙන් ඈ බස් රථය දෙසට ඇදින .මා තුල ඇය ඉදිරියට වී මුහුණ දීමට ධෛර්යයක් නැතිදෝ හෙයින් මා ඇය බව හඳුනා ගත් සැනින් ඒ අසල වූ ටිකට් පත් කුටියට මුවා වුයේ මා ඇය එනතුරු බලා සිටියේ යැයි ඇයට නොදැනීම පිණිසය .

ඇය බස‍යට නැග වාඩි වූයේ කවුළුව අසලමය .මා ටික වේලාවක් එතනට වී බලා සිට ඇයට නොපෙනෙන සේ බසයේ ඉදිරි දොරටුවෙන් බසයට නැංගේය .පසුව මා ඇයව හදිසියේ දැක්කා සේ ඇය ලගින්ම වාඩි විය .මා පිළිබඳව කිසිඳු චකිතයකුදු නොමැති වූ ඇය මා සදාදර ලීලාවෙන් පිළිගත් බව මතකය .

" ගුඩ් මෝනින් " මා ඇයව පිළිගත්තේ ය .

" ගුඩ් මෝනින් " ඇයගේ මුවින් පිට විය .

ම ඇය වෙනුවෙන් එකතු කොට මාගේ නිසදැස් එකතුව බෑගය තුල තාමත් තෙරපෙයි . ඇය මාගෙන් එය ඉල්ලාවිදෝ කියා මා තුල නොඉවිසිල්ලක් මතුවෙයි .

" ඔයා ගෙනාවද මම ඊයේ කියපු දේ......."

" මොනවද.... ? නිසදැස් පොතද ...... " ඇය මා දෙස බලා එය යැයි අනුමත කලේ ය .

" ඔව් . මෙන්න ." මා ඇයට මා ගෙනා පොත අතට දුන්නේය .

" අම්මෝ .... මෙච්චර ගොඩක් . මම මෙච්චර ඒව ගේන්න කිව්වෙ නැහැනෙ . කොහොමත් මට මේ ඔක්කොම නම් කියවන්න බැරි වේවි . "

" කමක් නැහැ..... ඔයා ඒක කියවල ගෙනත් දෙන්න "

" ඒ උනාට........ "

" කමක් නැහැ .ඔය ඒ ගැන හිතන්න එපා . මට ඕක පස්සෙ දවසක් ගන්න පුළුවන්නෙ ..... "

ඇය සිනාවක් පාමින් මාගේ නිසදැස් කියවන්නට විය .ඒ සමගම නිහඩ තාවය රජ කරන්නට විය . මේ නිහඩතාවය මාගේ නිසදැස් පොත නිසාය . මා තුල දැන් ඇය වෙත ගෙනා පොත පිලිබඳව වෛරයක් ඇති වෙයි .එය මා හා ඇය අතරට ආ බාධාවක් යැයි මට දැන් හැඟේ .

මා හට තවත් ඒ නිහඩ බව ඉවසීමට නොහැක .මා විසින්ම ඒ නිහද බව බිඳිණ .

" ඔයා මේ ළඟ නේද ඉන්නෙ ....."

" මේ දැන් ඉන්නෙ ඔයා ලඟ" ඇය මාගේ කීම විහ්ළුවකට පත් කලේය .

" නැහැ මම ඇහුවෙ ඔයාගෙ ගෙවල් ගැන ..... "

" ඇයි ඔයා එහෙම අහන්නෙ.... ? '

" නැහැ ... මම දැක්කා ඔයා අර පැත්තෙ ඉදන් එනවා ."

ඇයගේ මුවගට සිනාවක් ඇතිවිය .එකෙනෙහිම ඈ මාගේ නිසදැසක් කියවමින් .......

" ඔය්ය ඇයි මම එනකන් බලන් හිටියෙ... " ඇය එය අසුවේ උපහාසයෙනි .

නමුත් මගේ මුවින් එය පිටවී හමාරය .මා හට මද ලැජ්ජාවක් වැනි හැඟීමක් ඇති වුවද මා එය යටපත් කර ගනිමින් ඇය හා කතා කලේය .

" එහෙම නෙමෙයි .මම එනකොට දැක්කා ඔයත් අර පැත්තෙ ඉදන් එනවා . ඒකයි . "

" එහෙමද ......" ඇය කවියක් කියවමින් පිළිතුරු දුන්නේය.

' හ්ම් " මාද ඊට ප්‍රතිචාර දැක්වීය .

නැවතත් නිහ්ඩ බව අපි අතරට ආවද එය බිඳ දමමින් බස් රථය ගමන් ආරම්භ කෙරිණ . ඒ සමගම ඇය මා වෙත හැරී මා ලියූ කවියක් පෙන්වීය .

" මේ .. මෙන්න මෙතන මේ අකුර වැරදියි නේද... ?"

: අහ්... ඔව් .මේකයි .... හදිස්සියට ලියන ඒවනෙ .ඒකයි ."

" අත්තටම මම මෙවට ගොඩක් කැමතියි . මම මේ ඇත්තමයි කියන්නෙ . ඔයා කවද හරි හොඳ කලා කාරයෙක් වේවි ."

ඇය මා ලියූ නිසදැස් ප්‍රශංසාවට ලක් කළේය්ය .මා හට එය මා ජීවිතයේ ලබපු ප්‍රශංසනීයම වචන කීපය බවට පත් විය .නමුත් එය මා අයගේ මුවින් ඇසූ අන්තිම වචන කීපය යැයි මා හට දැනිණ .


9/16/10

එදත් අද වගේ දවසක්....... ! ( 3 වන කොටස )


බස් රථය වේගයෙන් ටව්න් හෝල් වෙනතෙක් වේගයෙන් ගමන් කෙරිණ .එතෙක් මා හා ඇය දොඩමළු නොවූවද මා මාගේ සිත තුලින් ඒ වන තුරුත් ඈ හා දොඩමළු වෙමින් සිටියේය .ඒ නිහඬ බව බිඳින . ඒ ඇයගේම ස්වරයෙනි .

" ඔයා ආනන්දෙට නේද යන්නෙ ......... "

" ඔව් . ඔයා කොහොමද දන්නෙ ... "

ඇය සිනාසිණි . " නැහැ . තාත්තත් එක්ක වෑන් එකේ යනකොට මම ඔයාව දවසක් ආනන්දෙ ගාවදි දැක්ක .ඒකයි ...."

මා තුලින් සිනාවක් පැන නැගිනි .

" ඇයි ඔයා හිනාවෙන්නෙ.. " ඈද සිනාසිණි .

" නැහැ ..... ඔයා ඒලවල්ද කරන්නෙ ...."

" ඔව් . බයෝ සයන්ස් .... ඔයා .. "

" මම ආට්ස් කරන්නෙ .. "

" ෂෝක්නෙ . මම මාර ආසයි . මමත් ආට්ස් වලට මාර ආසයි . නිසදැස් එහෙම ලියන්න . ඔයා දන්නවද නිසදැස් ලියන්න .. .. "

" ඔව් "

මා හට ඊලඟ නැවතුමෙන් ඇයගෙන් වෙන්වීමට සිදුව තිබිණි .මා ඊට සැරසුණේය .

" මම ගාමිණී හෝල් බහිනවා . මම ආයිත් දවසක මම ලියපුවා ගේන්නම් . "

ඇය මා දෙස බලා සිනාසිණි .ඇයගේ මුවින් බුදු සරණයි කියමින් මා හට ඇය සමුදෙන්නට විය .

" බුදු සරණයි ."මා මුවින්ද පිට වීය .

බසයෙන් බැසි මා නැවත ඇය දෙස බලා සිනාසුණේය .ඇයද මා දෙස බලා සිනාසුණි .

ඒ දවස මා හට හරියටම මතක නම් මා මෙහි ලිවීමට අපොහොසත් නොවනු ඇත .නමුත් මා එදා මා වෙනුවෙන් ගත් බස් ටිකට් පත දැනුදු මාගේ පර්ස් එක තුල තෙරපෙමින් තිබේ . රුපියල් 22 .00 ක ටිකට් පත . එය තවමත් අවුරුදු 3ක සිට මා සතුව ඇත . ඒ ඇය මා සමග පළමුවෙන්ම කතා කළ දවස සිහි වීම වෙනුවෙනි .

කෙනෙකු තවකෙකු හට ආදරය කිරීමට යම් යම් හේතූන් තිබීමට පුළුවන් වූ නමුත් මා ඇයට ආදරය කරන්නේ ඇයිදැයි මා තවම නොදනිමි .සමහරක් විට ඇයගේ හිනාවට මා දැන් පෙම් කරනවා ඇත .නැතිනම් ඇයගේ ඇස් දෙකට . එසේත් නැතිනම් ඇයගේ මුළු හදවතටම . දැන් මා ඇය වෙනුවෙන් ගී පබදින්නට වෑයම් කරයි . මේසයක් මත නැතිනම් මාගේම අත්ල මත . පංති කාමරය තුල ලියූ හැම වචනයකම අර්ථය ඇය බවට පත් වී හමාරය .නමුත් ඒ ආදරය ඇයට තවමත් නොහැගේ . මන්ද යත් .. මේය තවමත් මා සිත තුලම පොර බදන , සිතින් කරනා ආදරයක් පමණක් වන හෙයිණි .

දවස පෙරසේම අනතය තෙක් ගෙවීයයි . සිතෙහි එක කොනක නිධන් ගත වූ ඇයගේ රූපයද තුරුලු කොට මා නින්දට ගියේ සියලුම පාඩම් කටයුතු හමාර කොටය .

පාන්දර 5 . 30 යි . මා සුපුරුදු බස් රථයට ගොඩවිය .ඇය තවමත් නොමැත . මාගේ අත තුරුල් කොත ගෙන සිටින්නේ ඇය වෙනුවෙන් මා සකස් කළ මාගේ නිසදැස් පොතයි . කාමරය පුරා තැන් තැන් වල විසිර තිබූ පද වැල් ඇය වෙනුවෙන් එකට එකතු විය . ඒ එක පැයක් තුලදීය . ඇය තවමත් නොමැත . මා බසයෙන් බැස ඈත බලා සිටියත් ඇයගේ සේයාවක්දු දක්නට නොමැත්තේය . නමුත් ඇය පිලිබඳව යම් හැඟීමක් මා සිත තුල පොර බදයි .ඒ විශ්වාසය හා චකිතය අතර තනි වු ගන්ධබ්භ හැගීමකැයි මට සිතේ . ( මතු සම්බන්ධයි . )


9/12/10

එදත් අද වගේ දවසක්... ! ( 2 වන කොටස )


කව්ළුව වෙතින් ඇයගේ දෙනෙත් මාගේ සෙවණැලි මත වැටිණි .මා ඇය දෙස යලිදු බලා සිටිණු ඇයට හැගෙන්නට ඇතැයි මට සිතේ .ඇය මා දෙස හොරහින් බලා සිනා නොවූවද ඇයගේ කම්මුල් රත් පැහැ ගැන්වුණු බව මා දුටිමි .බස් රථය එතනින් ඉදිරියටම ඇදෙන්නට විය .ඒ මා සිත තුල මොකද්දෝ නැවුම් හසරැල්ලක් ද ඉතිරි කරමිනි .

පාසල වෙත වෙනදාට වඩා ඉක්මණින් ඔඉය නැගූ මා පංති කාමරය වෙත ගියේ මා හටද තේරුම් ගත නොහැකි ලෝකයක අතරමං වෙමිණි .විටක ඒ මා තුල වූ වෙනස යම් අයකු වටහා ගන්නට ද ඇත .

" මලිත් , මොකද අද උඹ විනෝදෙන් වගේ .කොල්ලගෙ මූඩ් එකත් වෙනස් "

"ඇයි බං වෙනදට මම පැත්තක් ගහලා හිටියද ? " මා හට මද සිනාවක්ද ඇති විය .

"එහෙම නෙමෙයි බං , අද ටිකක් උඹ වෙනදට වඩා හැපි එකේ ඉන්නේ .ඒකයි ."

සංජීවට මා තුල සිදු වී ඇති වෙනස දැනෙන්නට ඇත .නමුත් මා සිදු වූ දේ මා සිත තුලම සඟවා ගෙන අහිංසක සංතෝසයක් සමගම හුදෙකලා වීමි .ඒ මොහොත තුල පමණක් නොව ඒ දවස මා ගත කලේ ඇය සමග අතරමං වූ ලෝකයක ය . නින්ද මා හට අමතක වූ බවත් ඇයගේ හද ගැස්ම මා සිත තුල රැව් දෙන බවත් මා හට ඒ රාත්‍රී අන්ධකාරය විටින් විට මතක් කෙරිණි .

පාඩම් කටයුතු අවසන් කරන විට රාත්‍රී 2.00 පසු වී තිබුණි .මා නින්දට යා යුතු බව දැනිණි .ඒ විඩාබර නින්ද නිසා නොව තව පැය කිහිපයකින් පෙර දින මා ගෙදරින් පිට වූ වේලාවටම ගෙදරින් යෑමේ බලාපොරොත්තුවෙනි .ඒ ආකාරයෙන්ම එය සිදු විය .නමුත් මා හට පාන්දර බස් එක මග හැරී තිබිණ .මාගේ දෙනෙත හැඟීම් මුසු වූ සුසුමන් සමඟ අහස දෙස යොමු විය .ඒ අහස මැද අතරමං වූ තරුවකි .මා ඒ දෙස බලා ප්‍රාර්ථනාගත නොවූවද මාගේ දෙනෙත් ඒ තුලින් ඇයගේ හමුවීම පැතූ බව මා සිතමි .ඊලඟ බස් එක වෙගයෙන් ඇදෙණු පෙනිණි .මා එක ක්ෂණයකින් එතුලට ගොඩ වී බස්නැවතුම කරා ගියෙමි .

අන්ධකාරය ගිලිහී ගොස්ය .ඇය මා හට මග හැරෙන්නට ඇත .සැනෙකින් හිසව ගිය හැගීම සමගින් මා යාමට සූදානම්ව තිබූ බස් එක තුලට නැංගේය .ඉයේ දවස පුරාවට මා සිත තුල තිබූ සුන්දරත්වය මා තුල තවද නොමැත .නමුත් දැනුදු ඇය මා හට හමුවිය හැකි යැයි සිතේ .මා දෙනෙත් ඒ තරුව විශ්වාස කෙරිණි . ඒ තරුවෙ සිහි සේයාවන් තවමත් මට පෙනෙ‍යි .ඇය බස් රථය දෙස පැමිනෙණු මා නෙතට හසුවිය .ඇය පැමිනියේ මා සිටි බස් රථය දෙසටය .මා වෙත ආ ඇය ආසනයේ ඉඳ ගැනීමට සූදානම් වූයෙන් මා ඇයට කව්ලුව අසල ඇයට පිරි නැමීය .ඇය මා දෙස තියුණු බැල්මක් හෙලීය .ඒ මද සිනාවක්ද සමගිනි . බස් රථය ගමන් ආරම්භ කෙරිණ .පෙර දින සේම ඇය නින්දට වැටින .කොන්දොස්තර මහතා මා වෙත පැමිණියේ මා ටිකට් පතක් මිලදී ගත යුතු බැවිනි .ඇය නිදාගෙන සිටි හෙයින් ඇයටද ටිකට් පතක් මිලදී ගැනීමට මා හට සිතුනද මා සිත එතරම් ශක්තිමත් නොවීය .මා ඇයට කොන්දොස්තරගේ ඉල්ලීම මත ඇහැරවීය .තිගැස්මකින් අවදි වූ ඇය ටිකට් පත මිලදී ගත යුතු වූයෙන් කොන්දොස්තර වෙතට සල්ලි දිගු කළේය .

"Sory " ඇයගේ මුවින් පිට විය .ඒ ඇයගේ අත මාගේ උර හිසෙහි ස්පර්ශ වූවෙනි .

" නෑ . ඒකට කමක් නැහැ .මා මුවින් පිටවිය . ( මතු සම්බන්ධයි . )

9/10/10

එදත් අද වගේ දවසක්...... ! ( 1 වන කොටස )


මේ කතාවේ ආරම්භය කොතනකදැයි දිනයක් වශයෙන් කීමට මා නොදනිමි . මා දන්නේ එදින සිට මා ඇයට පෙමින් බැඳුනු බව පමණකි .මා දැනටද ඇයට ආදරය කරමි.කෙනෙකුට මෙතරම් තවකෙකුට ආදරය කළ හැකිදැයි මා හට තේරුම් ගැනීමට නොහැකිය. නමුත් මේ ආදරය වෙනත ආදර කතාවන් සේ කිසිදා නිමාවක් නොදකින ආදර කතාවකි . මෙයට ඇත්තේ තප්පරෙන් තප්පරය හද තුලට පැන නැගෙන හැගීම් හා සිතුවිලි දහරාවක නැවුම් බවක් පමනකි .මා ඒ නැවුම් බවට ආදරය කරන්නට පටන් ගෙන අවුරුදු දෙකහමාරක් පමන වෙයි .

එදා අගහරුවාදා දවසකි .දින කීපයක් තිස්සේ පාසල් බස් රථය ප්‍රමාද වී පැමිනීම නිසා අප සියලු දෙනාට පාසල් ගේට්ටුව අසල රැඳී සිටීමට සිදු විය .ඒ වන විට මා 12 ශ්‍රේණියට ඇතුලත් වී දින කිපයක් ගත වූවා පමණකි .දිගින් දිගටම පාසල් බස් රථයේ සිදුවුනු ප්‍රමාදය නිසා නැවතත් පාසස්ල් රථ එනතුරු නොසිට පාරෙ බස් එකේ පාසල් යෑමට මා තීරණය කලෙමි .

පාන්දර 5.30 ට පමණ වන්නට ඇත .කොළඹට යෑමට කල් වේලා ඇතිව මා පිලියන්දලට පැමිණියේ 120 බස් නැවතුම්පළටය .ටික වේලාවක් බලා සිටි මා එතන යෑමට සූදානම්ව තිබූ බස් රථයට ගොඩ වැදුනේ මා ගතට දැනුණු පුදුමාකාර වෙනසක්ද ඇතිවය .බස් රථයත නැග ඉඳ ගැනීමට ආසනයක් දෙස බලන්නට විය .ඒ මොහොත මා ඒ සිහිනය අතර තනිකරලන්නට විය .මා දන්නේ මා ඇයට සිතින් බැඳුණු බව පමනකි .ඒ මාගේ ජීවිතයේ පළැමු වතාවට මාගේ සිත ගත් ලාලිත්‍යජනක සිත්තම බව කිවයුතුය . මා සැණෙකින් ඇය අසලින් වාඩි වීමි .එකෙනෙහිම ඇය මා දෙස බලා සිනාසෙන්නට විය .මාද ඇය දෙස බලා සිනාසීමි . ඇය දෙස විටින් විට හොරහින් බැලූ මා මේ චමත්කාරය අයිති මටම පමණක් යැයි සිතින් සිතීමි .බස් රථය ගමන් ආරම්භ කලේය .

ඇයද කොළඹ විද්‍යාලයක ශිෂ්‍යාවකි .ඇය ගමන් ආරම්ඹ කර විනාඩි කීපයකට පසුව නින්දට වැටිණි .ටිකින් ටික කොළඹට ළගා වූ බස් රථය මාගේ බස් නැවතුම වෙත ඇදෙමින් තිබිණි .මා ඇය දෙස විටින් විට බලන්නට වූයේ අවසාන වතාවට හෝ එක වරක් ඇයගේ සිනහවකින් මුසපත් වීමට වූ ආසවද සිතැතිවය . එකෙනෙහිම ඇහැරිණි . ඊලඟ නැවතුමේ මා බැසිය යුතුය . පිටුපස දොරටුවට ආසන්නව සිටියද මා ඉදිරිපස දොරටුව තුලින් බසයෙන් බැසීය .ඒ මා බස් රථයෙන් බැසි පසු කවුළුව අසල සිටි ඇය මා දෙස එක් වරක් හෝ බලණු ඇතැයි යන බලාපොරොත්තුවෙනි ..................(මතු සම්බන්ධයි )