ස්වභාවිකතවයේ හිනි පෙත්තටම ආ අපි , ස්වාභාවික නොවූත් යථාර්තවාදී නොවුත් බොහෝ දේ සොයන සුනිල දිය දහර යට වැඩෙන සුනිල ලදු පත

9/28/13

නුරා සිත

හදවත ඉරා දෙකුපුල් ඉරා
කඳුළැල් ගලයි මතක හසරැල් මකා
පෙරදා සිනා ඔබ කී කතා 
නුරාව වෙනුවට දුක ලං කළා 



9/19/13

සුභාවිත

පරාජිත හදවත ඔබ පාමුලට කර 
අරාජික විජිතයේ සොහොනකට වී
මලානික පෙම් කවිය ලියනෙම් 
සුභාවිත ප්‍රේමයක් වෙනුවෙන් 


9/12/13

බේරෙනා විට ලේ බිඳක්

 හදවත හිර වෙලා සීතලට
පැලෙන්නට වෙර දරයි වේගයෙන්
තදකරන් හිත විරියෙන්
දරා ගමි මේ වේදනාවන්  

පෙනී පෙනී ලය මතින්
බේරෙනා  විට ලේ බිඳක්
සීරුවෙන් එය පිස දමමි එය 
ඔබේ නෙත් දැවටෙන්නට කලින් 



8/20/13

ඔබ නොමැති අඩ නින්ද ...... !


                             කටු එලිය විහිදිච්ච කටු ලන්දේ
                             පුන් සඳ විතරයි වැව් කන්දේ
                             ඔබ සිත ඇත දැන් තද නින්දේ
                             මා සිත විතරක් අඩ නින්දේ


8/15/13

ග්ලැඩියේටර් ප්‍රේමය



පසෙකලා ඔබ 
මගේ තනි හිත

අරුත් සුන් වු
ග්ලැඩියේටර් ප්‍රේමයට
කෙසේ මුල පුරන්නද
අරුතවත් නොදැන

ඔය ඔබේ 
අහංකාර හිත