6/23/13
2/22/13
2012 යොවුන් නාට්‍ය උළලේ කෙටි නාට්‍ය කිහිපයක් පිළිබඳව විමංසාවක්
යොවුන් නාට්‍යකරුවා යනු නිර්මාණශීලීත්වය සම`ග යෙදෙමින් අලූත් දේ සොයා යන්නෙකි. සම්මතය හා අසම්මතය තුල රැුෙ`දමින් සම්ප‍්‍රධායන් වෙනස් කරන්නේද නව සම්ප‍්‍රධායන් නිර්මාණය කරන්නේද මොවුන්මය. මොවුන් නිතරම විමර්ෂණශීලීහු වෙති. ඒ තුල සියලූ න්‍යායන් සංස්කෘතීන් සම`ග ගැටෙන්නත් වෙති. ඒ තුල ඔවුන් ඔවුනට අවැසි දේ මුදුන් පමුණුවා ගැනීම වස් තර`ග කරන්නාහුය. ක‍්‍රි. පූ. 6 වන සියවසේ ග‍්‍රීසියේ විසූ ”තෙස්ජිස් ” ද එවැන්නෙකි. නර්තන ගායන සම්ප‍්‍රදායන් සුනු විසුනු කොට ඔහු න`ඵවකු ලෙස ප‍්‍රථම භූමිකාව නිරිමාණය කරයි.
එදා මෙදා තුර ලෝකයේ විවිධ වූ නාට්‍ය රීතීන් ශෛලීන් බිහි වෙමින් පවතී. ඒ අතරතුර යොවුන් නාට්‍ය කරුවා තෙස්ජිස්ගේ මුහුණුවර තව තවත් ප‍්‍රතිසංවර්ධනය කළහ. නාට්‍ය යන්න ආරම්භ වූ දා පටන්ම නාට්‍යකරුවා උත්සහ දරන්නේ නාට්‍ය භූමිකාව හැකිතාක් පේ‍්‍රක්‍ෂකයාට සමීප කරවීමටයි. ඒ අතරතුර සෙසු න්‍යායගත ශෛලීන්ද බිහි නොවුනාද නොවෙයි. කෙසේ වුවද ශෛලිගත සම්ප‍්‍රදායයන්ගෙන් ඔබ්බට විසි වන නාට්‍ය පසුව යථාර්ථ වාදී නාට්‍ය ශෛලියකට අත පොවයි. ඒ තුලද වැඩෙන නාට්‍යකරුවා ගතානුගතික න්‍යායන්ගෙන් බැහැරව මේ වන විට අධි යතාර්ථවාදී න්‍යායන් තුලට පිවිස තිබෙයි. මේ කියන්නා වූ ප‍්‍රවර්ධනය තුල පෙරමුණෙහි ලා සිය කාර්ය සාධනයන් නාට්‍ය කලාව තුලට ගෙන එනු ලබන්නේ නවමු චින්තකයන්ය. පවතින දෙයට වඩා ඉන් එපිටට ගොස් යම් ප‍්‍රපංචයක් විනිවිද දකින්නවුන්ය. ඒ යොවුන් පරපුරයි. මොවුන් නාට්‍ය රීතීන් හදාරන්නවුන්ය. ලෝකය දෙස වෙනස් ලෙස බලනවුන්ය. හතරවන චිත්තය වෙනස් ආකාරයකට සකස් කරන්නට වෙර දරනවුන්ය. එම නිසාම තරුණ සේවා සභාව හරහා එළිදකින යෞවන සම්මාන නාට්‍ය උළෙල මොවුනට පර්යේෂණාගාරයකි. පර්යේෂණාගාරයේ සිය ප‍්‍රතිඵලය සමාජගත කිරීම ස`දහා වූ අවස්ථාවකි. එම ප‍්‍රතිඵල විනිශ්චයට ලක් කිරීමට අවස්ථාවකි.
නූතනය වන විටත් අපට අසන්නට දකින්නට ලැබුණු පොදු සත්‍යතාවයක් වන්නේ වේදිකා නාට්‍ය බැලීම ස`දහා පේ‍්‍රක්‍ෂක හි`ගයක් තිබෙන බවයි. ඒත් දැනට වසර 4ක 5ක පමණ කාල පරාසය තුල වේදිකා නාට්‍ය නැරඹීම ස`දහා වූ පේ‍්‍රක්‍ෂක පිරිසෙහි වැඩි වීමක් දක්නට ලැබෙයි. එම නිසාම විවිධ වූ නාට්‍ය උළෙලවල් ආරම්භ වී තිබීමද සතුටට කාරණාවකි. එසේ නම් දැන් දැන් නිර්මාණශීලී වේදිකා නාට්‍ය කළ යුතු වෙයි. සිංහල වේදිකාව 60, 70 දශක වල තිබූ තරමට ස්වර්ණමය කළ යුතු වෙයි. පසුගිය දා පැවති යෞවන නාට්‍ය උළෙල පිළිබ`දව විමර්ශනයක යෙදෙන විට ඉහත කී කාරණාව තව තවත් කොතැනින් ප‍්‍රවර්ධනය කළ යුතුද යන්න පැහැදිලි කර ගැනීමට පු`ඵවන.
මෙවර පැවති යෞවන සම්මාන නාට්‍ය තුළ තිබුණු පොදු කාරණාව වන්නේ බොහෝ නාට්‍ය තුල කතාකොට තිබුණේ දැනට වසර 10 ක් පුරා නාට්‍ය තුල කතා කරන පොදු කාරණාවන්මය. ඉන් ඔබ්බට ගොස් තිබුණේ නාට්‍ය කීපයකි. කෙසේ වුවත් මෙවර නාට්‍ය තුල හො`ද අර්ථකථන හො`ද මතවාද ගෙන ආ නාට්‍ය කීපයක් තිබුණද ඒවා තුල එම වස්තු බීජ අමු අමුවේ මරා දැමීමක් එම නාට්‍ය තුල තිබුණි. මුල සිට අගට වස්තු බීජය වර්ධනය නොකොට බීජය පමණක් වේදිකාව මතට ගෙනවිත් පේ‍්‍රක්‍ෂකයා අතරමං කරවීමක් තිබුණි. උදාහරණයක් ලෙස විචාරයට ලක් කරන විට ප‍්‍රමිල සමරකෝන්ගේ නිර්මාණයක් වූ ..්ටරුැපැබඑ.. වේදිකා නාට්‍යයේ ඉහත කී කාරණය තිබුණි. එම නාට්‍ය වි`දින පේ‍්‍රක්‍ෂකයාට සරලව පෙනෙනුයේ එක් විද්‍යාඥයෙක් සතුටින් පුද්ගලයෙක්ව මරන්න දරණ ප‍්‍රස්තූතයකි. සමාජය තුල මේ වන විට විවිධ වූ සිහින වෙන්දේසීන් තුල තම සිහින විකුණා සතුට භුක්ති වි`දීමට උත්සහ දරයි. නමුත් ඒ තුල ඔවුන් පණ අදින්නට පටන් ගනියි. ඔවුනට තව තවත් සිහින ගෙන එන සමාජ ප‍්‍රපංචයන් තුලට ඔවුන් ආදරය කරයි. නමුත් ඒ තුලත් තමාව වෙන්දේසි වී විසි වී යන ගිවිසුමකට යට වන බව දැනෙන විට ඔවුන්ගේ අත පය කපා දමා හමාරය. ඔවුන්ට ඉතිරිව ඇත්තේ සමාජ ව්‍යුහය තුල ඔවුන්ට යැපෙන්නට තිබෙන ගිවිසුම මත වැතිරීම පමණකි. මෙම උක්ත කාරණාව මාගේ විඥණයට අනුව උක්ත නාට්‍යය තුල අධ්‍යක්‍ෂවරයා කතා කිරීමට උත්සහ දරන්නට ඇතැයි විශ්වාස කිරීමට පු`ඵවන. නමුත් මෙම කාරණාව කෙතරම් දුරට එම නාට්‍ය තුලින් සාධාරණීය වූවාද යන්න ගැටලූවකි. ..්ටරුැපැබඑ.. නාට්‍ය තුල මුල සිට දෙදෙනෙකු අතර යම් ගිවිසුම්ගත සංවාද පෙළක් තිබුණි. ඒ තුල පර්යේෂකවරයා අනෙකාව සතුටින් තබන්නට උත්සහ දරණ වෑයම තුල එහි අවවසාන ඵලය අනෙකාගේ ”මරණය” යන ගිවිසුම අනෙකාට පැහැදිලි වෙත්ම ඔහු පර්යේෂක වරයා මතට සිය සතුට පොදි කොට ගසා පිටව යයි. පසුව යලිත් ඔහු පැමිණ පර්යෙෂක වරයා මවන සිහින කතාන්දර වලට ආලය කරයි. නමුත් මෙම අවස්ථාව අධ්‍යක්‍ෂක කාර්ය තුල දැක තිබූ ආකාරය අපැහැදිලිය. කෙටියෙන් කිවහොත් නාට්‍ය උච්ච වූ තැනකට ගෙන ගොස් බලෙන් හකු`ඵවා තබා අවසන් කිරීමක් ලෙස තිබුණි. මෙය තුල පොදු පේ‍්‍රක්‍ෂකයාට මෙම නාට්‍යය තුල කියන්නට උත්සහ දැරුවේ කුමක්ද යන්න පිළිබ`දව ගැටලූවක් ඇති විය. ප‍්‍රමිල සමරකෝන් නිර්මාණ කරුවාට මෙම නාට්‍ය ප‍්‍රස්තූථය තුල තව තවත් වැඩ කිරීමට අවකාශය තිබුණා යැයි පෞද්ගලිකවම දැනෙන මතයයි. එම උක්ත බීජය නාට්‍ය නරඹන සහෘදයාට පෝෂණිය ආකාරයෙන් නිර්මාණය කොට බීජය වේදිකාව මත වපුරාලීමට ,්ටරුැපැබඑ, කෙටි නාට්‍ය තුල තව තවත් අවකාශය තිබෙයි. එහි ඵලය පමණක් සහෘදයාට ගෙන යාමට මෙම අධ්‍යක්ෂකවරයාට කටයුතු කළ යුතු වෙයි.

8/27/12
බුද්ධ පුත්‍රයකුගේ පාපොච්චාරණය.... !
මාස 4 යි . දවස් 13 යි . පැය 14 යි .ඒ වෙනකොට හැමදේම සිද්ධ වෙන්න පටන් අරගෙන . සිකුරු හතෙ ඉපදුනත් හතරකේන්දරේ පාළු වුනත් කිසිම වෙනසක් නැතුව ඒ හැම එකාම එකම තාලෙකට හුස්ම ගන්න පටන් ගන්නවා. ඒත් මම විතරක් මේ බුදු ගේ ඇතුලට වෙලා මුන් හැම එකාම බේර ගන්න කියලා මුළු බුද්ධ මන්දිරේටම ඇහෙන්න පිරිත් කියනවා .
අප්පච්චි අභයගිරි විහාරෙ දේවතා කොටුව හදද්දි කලා වැව අයිනට වෙලා අපේ අම්මා කෑ ගහන්න පටං ගත්තා .ඒ අම්මගෙ පෙකනි වැල දිගේ එල්ලිච්ච මම අම්මගේ කිරි සුවඳ හොයාගෙන එලියට එන්න හදපු වෙලාවෙ. හැබැයි මාස ගාණක් අම්මගේ පෙකනි වැල දිගේ අම්මාගේ ආදරේ මගේ මුළු ඇග ඇතුලටම කාන්දු වුණා .බඩගිනි වෙලා අඬන්න හදනකොට අම්මගෙ පපුවෙ සද්දෙට මට නින්ද ගියා .ඒත් එදා රෑ පෙකනි වැල මැද්දට ගල් මිටියකින් ගහලා අම්මවයි මාවයි වෙන් කරද්දි මම කෑ ගහලා ඇඬුවා .
ඒ වෙලාවෙ අභය ගිරි පන්සලේ ඝාංටාර සද්දෙට මගේ ඇඬියාව නැවතුණා. කලා වැවේ පිළීගඳ මැද්දෙන් ආපු හඳුන් කූරු සුවඳ මගේ හුස්මත් එක්කම ඇග ඇතුලට ගියා . පිළී ගඳ මුළු ඇඟ පුරාම ගඳ ගහන්න පටන් ගත්තා . හඳුන් කූරු සුවඳත් එක්ක ආපු පිළී ගඳ .ඒ පිළිගඳ මගේ ජීවිතේ ගොඩාක් කල් යටපත් වෙලා තිබ්බා . කාලයත් එක්කම මට තේරුණා මම ලොකෙට ඉපදිලා තියෙන්නෙ හතර කේන්දරේ පාළු වෙල කියලා .සිකුරු අතේ තියාගෙන ඉපදුනේ නැති වුණාට අම්ම්ගේ පපුවට තුරුළු වෙලා ඉන්නකොත මට මේ ලෝකෙම මාත් එක්කම හුස්ම ගන්නවා වගේ මට දැණුනා .
අම්මගෙ අත් දෙකෙන් ටිකෙන් ටික ගල්ලැහැ පැදුරට එන්න වුණා .කලා වැවේ පිළි ගඳ මැද්දෙ නිදා ගත්ත මට කවදාවත් හිතුණේ නෑ මේ හඳුන් කූරු සුවඳ මැද්දට එන්න වෙයි කියලා .කරගැට හැදිච්ච අපච්චිගේ කකුල් දෙක අල්ලලා උද්දිකාරෝ අලිංගිත්වා කියලා බුදුබව ප්‍රාර්ථනා කරලා , කරගැට හැදිච්ච අම්මගේ අත්දෙකෙන් විවරණ ලබන්නත් කලින් පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ කකුල් දෙක අල්ලලා වඳින්න සිද්ධ වුණා. ඒත් කවදාවත් ඒ අත්වල මට දැනිච්ච කරගැට වල සැරව සුවඳ දැණුනේ නෑ .මං ඒ සුවඳ හොයාගෙන කලා වැව අයිනට ගියා .කෑ ගහලා කට පුරාම අම්මේ කියලා කෑ ගහන්න මත හිතුණා .ඒත් ඊට කළින් අම්මගේ නැළවිලි ගීය මැද්දෙන් පොඩි සාදු කියලා ඇහුණා .මට ඒ වෙලේ දැණුනෙ මගේ කකුල් දෙක මැද්දෙන් පොළව කිඳා බැස්සා වගේ .මට ඒ වෙලාවෙ මගේ ඇඟ ඇතුලට රිංගගෙන හිටපු පිළී ගඳ ආයිත් දැනෙන්න පටන් ගත්තා .මම ආයිත් ඒ ගලලැහැ පැදුරෙ වාඩි වෙන්නෙ කොහොමද .. ? ඒ හැමතැනම සුදු රෙදි දාලා .
මට දැන් මේ බුදු ගේ ඇතුලේ හැම තැනකම අම්මගේ පෙකනි වැල දිගේ ගලාගෙන ආපු හුස්ම ගන්න හඬ ආයිත් ඇහෙනවා .ඒත් ඒත් මට ආයිත් කලා වැව ගාවට ගිහිල්ලා අම්මගේ මූණ දිහා බලාගෙන අම්මේ කියලා කියන්න ශක්තියක් නෑ . මේ ලෝක් විනාසෙට කලින් මම බුදු ගේ ඇතුලට වෙලා පිරිත් කියනවා . ඒත් මං කොහොමද ලෝක විනාසෙට කලින් නිවන් දකින්නෙ ..? . කොච්චර වීර්ය කලත් මම තාම පෘතග්ජනයි බුදු හාමුදුරුවනේ ...මම තාම පෘතග්ජනයි .. !
8/15/12
බුදු සරණයි මහත්තයෝ ... ! ( කෙටි කතාව )
ගෙවෙන හැම තප්පරයකම එක එක ගැටළු වලට උත්තර හොය හොය ජීවත් වන අපිට සමාජයේ අපි වගේම ජීවත් වෙන අයගේ හදවත ඇතුලට රිංගලා ඒ හදවත් වල තියෙන දේවල් කියවන්නෙ ඔහෝම කලාතුරකින් . වාසනාවට හෝ අවාසනාවට හෝ වේවා පමණක් දේවල් දිහා ඉවසිල්ලෙන් බලාගෙන ඉන්න අහගෙන ඉන්න ශක්තියක් මට ඇතැයි මා සිතමි .
එදා සෙනසුරාදා දවසකි .පුරුදු පරිදි මා පුස්ථකාලයට යෑමට බසයට ගොඩ විය . වට පිට බලා ඉඳ ගැනීමට ආසනයක් සෙවූ මා හට ඉඳ ගැනිමට තවදු බසය තුල ඉතිර්ව තිබුනේ එක් ආසනයක් පමණි .බසයේ ඉදිරිපසම ආසනය වු එහි මා ඉඳ ගත්තේය . මාගේ ආසනයේම ඉඳගෙන සිටියේ තරමක් මැදි වයස ඉක්ම වූ කාන්තාවකි .මදක් අපිලිවෙල ගතියකුදු ඈ තුල තිබුණි .
බසය කොළඹ බලා වේගයෙන් ගමන් ආරම්භ කලේය .බසය ගමන් ගත් වේගය නිසා ඒ තුල සිටි සියල්ලොම මදක් විමසිල්ලෙන් අල්ලාගෙන සිටියේය .එසේ ටික දුරක් ගමන් ගන්නට වූවා පමණි . විශාල හඬක් එක්කම බසය නතර විය .සිදු වූයේ කුමක්දැයි සිතා ගැනීමට නොහැකි විය .
" හරක් හැපුනට ගානක් නෑනෙ මහත්තයො .පොලිසියෙන් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ . හරක් කොහොමත් ඔහේ පාර පනින්වනෙ . ඔව්ව ඒ මහත්තරු දන්නවා ... "
මාගේ ආසනයේ සිටි ඇය මා දෙස බලා කියන්නට විය . මා ඇය සමග දොඩමළු වීම්ට උතසහ නොගත්තද මා ඇයට සිනහවකින් මාගේ අදහස කීවේය .ටික වේලාවකින් බසය තුල වූ නොසන්සුන් බව හීන වි නැවතත් සුපුරුදු පරිදි බසය ගමන් ආරම්බ කලේය . එතරම් ප්‍රියජනක ස්වරූපයක් ඈ තුල නොවූවද ඇයගේ ඇතැම් ක්‍රියාවන් දෙස මා විමසිල්ලෙන් බලා සිටියේය .
එක් වරම ඈ ඇයගේ ලේන්සුව ගෙන ඒ තුල ගුලි කරගෙන සිටි සල්ලි කොල කීපයක් දිග හැරියාය . නමුත් ඒ අතර එක් සල්ලි කොලයක් ඉතාමත් පිලිවෙලට තබාගෙන සිටිනු පෙණින .මා ඇය දෙස බලා සිටිනු ඈ දැක්කාය .එක වරම මා දෙස බැලූ ඇය මද සිනාහවක් පළකළේය . ඊලගට වීම්ට යන්නේ කුමක්දැයි මා හට සිතා ගැනීමට පුළුවන . මා ඉදිරිපස හැරී ගමන් ගත්තේය .
මාගේ නිගමනය නිවැරදිය . එක්වරම ඇය මා දෙසට හැරී කතා කිරීමට පටන් ගත්තේය .
" මහත්තයෝ ..., මහත්තය ළග රුපියල් පනහෙ කොලයක් නැද්ද ... ? "
" නෑනෙ . මාරු සල්ලි කීයක්වත් නෑ . " මා පිලිතුරු දුන්නෙමි .
ඇය එක්වරම ඇය ළග තබාගෙන සිටි රුපියල් පනහෙ කොල දෙකක් මා හට පෙන්නුවේය .ඉන් එක් කොලයක් අලුත් පනහෙ කොලයකි .
" මේ බලන්න මහත්තයෝ .. , මේ සල්ලි කොල දෙකේ වෙනස . මේකට වඩා පුදුම ලස්සනක් මේකෙ තියෙන්නෙ නේද මහත්තයො . මේක අලුත්ම පනහෙ කොලයක් . මට මේක මහත්තයෙක් මහත්ත්යො මේක දුන්නෙ . .. ....මහත්තය දැක්කද අලුත් පන්සීයෙ කොලේ ... ? ඒක දම් පටයි ......"
ඇය තමන් ලග තිබූ පනහෙ කොල දෙක දෙස බලමින් සිටියාය .මා පෙරටත් වඩා දැන් ඇය පිළිබඳව විමසිලිමත්ය .
" මහත්තය ළග නැද්ද අලුත් පනහෙ කොලයක් .මම මහත්තයට මෙ පනහෙ කොලේ දෙන්නම් "
මා හට තවමත් සිතා ගැනීමට නොහැකිය .ඇයට අවශ්‍ය වන්නේ අලුත් පනහෙ නෝට්ටුවකි .ඇයට මෙතටම් ඒ අලුත් පනහෙ නෝට්ටුව සමීප වී ඇත්තේ ඇයි දැයි සිත ගැනීමට නුපුළුවන .ඒ එක අලුත් නිසාවෙන්ද ... ? නැතිනම් එය මහත්තයෙක් දුන් නිසාවෙන්ද ... ? ඇතැම් විට එසේ විමට පුළුවන . එය අලුත් නෝට්ටුවකි . එය දී ඇත්තේද මහත්තයෙකි . ඒ මහත්තයා හා රුපියල් පනහෙ මුදල් නෝට්ටුව අතර වූ සම්බන්ධය ඇය කෙතරම් දුරට සමීකරණය කොට ඇත්ද ..... ?
" ඇත්තටම මං ළග පනහෙ කොලයක් නෑනෙ ... "
" අහ් ... කමක් නැ මහත්තයො ."
ඇය ඒ සියල්ල පෙර සේම ලේන්සුවේ ඔතාගත්තේය .නමුත් අලුත් පනහෙ නෝට්ටුව පමණක් ඇගේ හදවත තුලට රිංගා යනු මට පෙණුනි .
" මං ඉස්සරහ බහිනවා මහත්තයො . බුදු සරණයි ... ! "
" බුදු සරණයි ... ! "
ඇය ආසනයෙන් නැගිටිමට උත්සහ ගෙන නැවත මා දෙසට හැරුණේය .
" අනේ , මහත්තයො ... කරදරයක් නැත්නම් ඔය බිම තියෙන කිහිලිකරුව පොඩ්ඩක් අරං දෙනවද .... ?
එවේලෙහි මාගේ හදවත ඉරාගෙන පුදුමාකාර වූ කම්පණයක් නිදන්ගත විය .තවමත් එය හදවත තුල හඩ නගණු මට දැණේ . ඒ අවසානය මා විසින් කිසිසේත්ම අපේක්ෂා නොකළ අවසානයක් විය .
Subscribe to:
Posts (Atom)

.jpg)






