ස්වභාවිකතවයේ හිනි පෙත්තටම ආ අපි , ස්වාභාවික නොවූත් යථාර්තවාදී නොවුත් බොහෝ දේ සොයන සුනිල දිය දහර යට වැඩෙන සුනිල ලදු පත

7/24/14

මල් තුහින හේමන්තයේ පෙම් විහඟ



පෙම් සිත් සා මැවූ පිං වත් සිත් දැරූ සංසාර ආරණ්‍යයේ
තුහින පෙති සුව දැරූ ලවන මද මත් කෙරූ මල් තුහින හේමන්තයේ
කමල පෙම් ගී තැනූ කිනුරු සිතුවම් කෙරූ රූ සිරිනි රණ තිසරියේ
පෙමද මදහස යුතූ මහද සිරිසර නැගූ පෙම් විහඟ දෝ බැසගියේ 

7/22/14

ඇසිඩ් වැස්සට තෙමුණු මායාට

අන්ධකාරය ගල් තලාව මත මියදෙද්දි තව මොහොතකින් මේ හැමදෙයක්ම ඉවරවෙලා තියේවි.උබටත් මටත් අපි කවුද කියලවත් මතක නැති වේවි. මග තොටදි හම්බ උනත් තුහ් කියලා කෙල ගහන්න උනත් බැරිකමක් නැහැ. ඒ උනාට මමත් දන්නව බන් මේ කාලකන්නි හදවතට උබ මොහොතකට හරි ආදරය කලා කියලා. මම මෙතනින් ගියාට පස්සෙ උබ මගේ හුස්ම එක පොදියට තුරුලු කරගෙන ජනේලෙන් මන් යනකන් බලන් ඉන්නවා . හැබැයි මන් කියන්නෙ ඔන්න ඔය හුස්ම ටික දාපන් ඔය භූමි තෙල් ලිපට පිච්චිලා යන්න . නැහැග..... එපා ..... එතකොට උබ ඔය භූමි තෙල් ලිපෙන් උබටම ගිනි තියා ගනීවි. එතකොට මගේ හුස්ම වල පණ ඇද ඇද ඉන්න උනුහුම ආයිත් සැරයක් උණුහුම් වෙලා උබේ මුළු ශරීරයම වැලඳ ගනිද්දි උඹ ආයිත් සැරයක් වෙදනාවෙන් කෑ ගහන්න පටන් ගනීවි . ගමට බැහැ මිනී මරුවෙක් වෙන්න.... කමක් නැහැ .......උබට කැමති දෙයක් කරපන් .

5/20/14

සඳ සිල් අරන් සඳ එන්නෙ නැහැ



සඳ  සිල් අරන් සඳ එන්නෙ නැහැ 
නිල් පාට මල් රේණු සිප ගන්න 
ඔබ ඇවිදින් ගිහින් ඔබ එන්නෙ නැහැ 
තනි  වෙච්ච තරු රෑන නොපෙනී ගිහින් 

පින්සාර සිත් එක්ක සන්සාර කවි ලිව්ව 
උම්මාද සිහිනේ  අරගෙන ගිහින් 
දම් පාට හැන්දෑව අරගෙන ගිහින්

මා එක්ක ඔබ උන්නු මුළු රෑ පුරා 
නිදි වරපු සමනල්ලු ඉගිලී ගිහින් 
මකරන්දෙ මල් සුවඳ අරගෙන ගිහින් 

සඳ  සිල් අරන් සඳ එන්නෙ නැහැ ........ // 

- උෂාන් පෙරේරා - 

5/2/14

ඔබ රැගෙන ගිය මගේ ලෝකය


වැහි පබලු යට ජීවිතය ගෙන 
ඔබ සොයා ගිය පාළු ගොම්මන
වැහි අකුණු සැර නොදුටු අදුරට 
ජීවිතය ගෙන විසි කළා 

පාළු වි ගිය මගේ හදවත 
තුරුළු කරගෙන ඉකි බිදින්නට
ඉරි තැලී ගිය මගේ හදවත 
පාළු ගින්නට වියළිලා 

ඔබ රැගෙන ගිය මගේ ලෝකය 
මලානික වූ අදුරු සෙවනැලි 
ගල් ගැසී ඇත අතරමන්  විය 
ඉමක් නොපෙනෙන අන්ධකාරෙක 



4/11/14

වරෙන් මමත් මෙ උඩහට යනවා




















අම්බරුවන් බිම් මල් පාගනවා
පෑගෙන බිම් මල් බුදුන් පුදනවා
බුදු කෙනෙකුන් යලි උපදින හින්දා
අම්බරුවෝ අපි හෙලේ නගිනවා.

රැහැයියනේ තව කෑගහපල්ලා 
නෑසෙන දුක් කවි තව කියපල්ලා
අපිටත් ඇහුනොත් අපිත් කියන්නම් 
උබලත් උඩහට එනවයි කියලා

සඳ එලියට ගල් පඩි දිලිසෙනවා 
කලා මැදිරියෝ පාර කියනවා 
උලලේනෝ උඹ තවම අඩනවද 
වරෙන් මමත් මෙ උඩහට යනවා

අනුන්ගෙ දුක් පව් උබ උහුලනවා 
උබටත් දවසක වරයක් එනවා 
උබේ දුකත් මට ලියා තියාපන් 
එන වර මම ආයිත් මෙහි එනවා