7/22/14
5/20/14
සඳ සිල් අරන් සඳ එන්නෙ නැහැ
සඳ සිල් අරන් සඳ එන්නෙ නැහැ
නිල් පාට මල් රේණු සිප ගන්න
ඔබ ඇවිදින් ගිහින් ඔබ එන්නෙ නැහැ
තනි වෙච්ච තරු රෑන නොපෙනී ගිහින්
පින්සාර සිත් එක්ක සන්සාර කවි ලිව්ව
උම්මාද සිහිනේ අරගෙන ගිහින්
දම් පාට හැන්දෑව අරගෙන ගිහින්
මා එක්ක ඔබ උන්නු මුළු රෑ පුරා
නිදි වරපු සමනල්ලු ඉගිලී ගිහින්
මකරන්දෙ මල් සුවඳ අරගෙන ගිහින්
සඳ සිල් අරන් සඳ එන්නෙ නැහැ ........ //
- උෂාන් පෙරේරා -
5/2/14
4/11/14
වරෙන් මමත් මෙ උඩහට යනවා

අම්බරුවන් බිම් මල් පාගනවා
පෑගෙන බිම් මල් බුදුන් පුදනවා
බුදු කෙනෙකුන් යලි උපදින හින්දා
අම්බරුවෝ අපි හෙලේ නගිනවා.
රැහැයියනේ තව කෑගහපල්ලා
නෑසෙන දුක් කවි තව කියපල්ලා
අපිටත් ඇහුනොත් අපිත් කියන්නම්
උබලත් උඩහට එනවයි කියලා
සඳ එලියට ගල් පඩි දිලිසෙනවා
කලා මැදිරියෝ පාර කියනවා
උලලේනෝ උඹ තවම අඩනවද
වරෙන් මමත් මෙ උඩහට යනවා
අනුන්ගෙ දුක් පව් උබ උහුලනවා
උබටත් දවසක වරයක් එනවා
උබේ දුකත් මට ලියා තියාපන්
එන වර මම ආයිත් මෙහි එනවා
1/20/14
Subscribe to:
Posts (Atom)



