ස්වභාවිකතවයේ හිනි පෙත්තටම ආ අපි , ස්වාභාවික නොවූත් යථාර්තවාදී නොවුත් බොහෝ දේ සොයන සුනිල දිය දහර යට වැඩෙන සුනිල ලදු පත

4/11/14

වරෙන් මමත් මෙ උඩහට යනවා




















අම්බරුවන් බිම් මල් පාගනවා
පෑගෙන බිම් මල් බුදුන් පුදනවා
බුදු කෙනෙකුන් යලි උපදින හින්දා
අම්බරුවෝ අපි හෙලේ නගිනවා.

රැහැයියනේ තව කෑගහපල්ලා 
නෑසෙන දුක් කවි තව කියපල්ලා
අපිටත් ඇහුනොත් අපිත් කියන්නම් 
උබලත් උඩහට එනවයි කියලා

සඳ එලියට ගල් පඩි දිලිසෙනවා 
කලා මැදිරියෝ පාර කියනවා 
උලලේනෝ උඹ තවම අඩනවද 
වරෙන් මමත් මෙ උඩහට යනවා

අනුන්ගෙ දුක් පව් උබ උහුලනවා 
උබටත් දවසක වරයක් එනවා 
උබේ දුකත් මට ලියා තියාපන් 
එන වර මම ආයිත් මෙහි එනවා


1/20/14

මට දැනෙන තරම් මෙතරම්















              ඔය ආදරෙත් පුදුමයි
              මට දැනෙන තරම් මෙතරම්
              සත්තමයි මට දැනෙනවා ඔබ දැනෙනවා 
              හාදුවක් තරම් 


             සීතලත් අරන් එන්න යන්න ඇවිදින් 
             අන්දකාරේ තරු අස්සට 
             සද සිසිලස අරන් එන්න දෝතට 
             නවාතැන් ගමු ආදරෙන් අපි 
             තනි උනු එක තරුවක් යට 

12/27/13

විසේකාර ආදරේ



මං කැමතියි ආදරය කරන්න පිස්සෙක්ට. පිස්සෙක්ගෙ ලෝකෙ ඔයාගෙ ලෝකෙ තරම් රේඛා ඊතල නැහැ. ඒ 

ලෝකෙ තියෙන්නෙ හිස් අවකාශයක් විතරයි. එයා ඒ හිස් අවකාශයේ හිතේ හැටියට පිනුම් ගහනවා.අන්න ඒ 

හින්දා තමයි පිස්සෙක්ට පිස්සු හැදෙන තරමට ආදරය කරන්න හිතෙන්නෙ . පිස්සෙක්ගෙ ආදරෙත් හරියට 

පිස්සුවක් . මම මේ බලාගෙන ඉන්නෙ ආදරය කරන්න පිස්සෙක් හම්බ වෙනකන්.

12/15/13

පෙම් කවි සිත


රැයක් පුරා සිත නිමක් නොවූ කවි 
පෙළක් සොයා නිදි වැරුවා
මටත් හොරා නුබ කවි පෙළක් ලියා 
අන් කවක් සොයා එහි තැබුවා 

සිතට දැනෙන මෙ නිම් නැති පාලුව 
සිර කරගෙන මා දින ගැන්නා 
හීන කතන්නදර ගොතා ලියන්නට 
මතක පොතේ පිටු ඉතිරි වෙලා 

ලියන ලියන මෙ අකුරක් ගානේ 
ඔබ දුන් මතකය ලියවෙනවා 
අකුරු මැකී ගිය හිස්තැන් අතරේ 
ඔබේ නමින් ලේ ඉහිරෙනවා 

රැයක් පුරා සිත .... //

( උශාන් පෙරේරා )

11/11/13

මේක මහ වියලුනු හීනයක්



තද සීත කටු  කම්බි 
පොදියක්  අරන් 
ගෙල වට දමා  සිරකරලන්න 
එය  මට සැපකි 
මේ මා  දකින සිහිනෙට වඩා   
මේක  මහ වියලුනු  හීනයක්