සොඳුරු ඇසිදිසිය
ස්වභාවිකතවයේ හිනි පෙත්තටම ආ අපි , ස්වාභාවික නොවූත් යථාර්තවාදී නොවුත් බොහෝ දේ සොයන සුනිල දිය දහර යට වැඩෙන සුනිල ලදු පත
7/24/13
හුස්මලන්නට ප්‍රේමයට
ඉඩ දෙන්න සීරුවට
හුස්මලන්නට ප්‍රේමයට
ඉඩ දෙන්න නිදහසේ
ගලා යන්නට
ඉඩ දෙන්න බින්දුවක්
දොතකට අරගන්න
සෙනෙහෙ ඇතිවුන් නිතර
මුව දොවයි සීතලට
උනුහුමක් සොයන්නේ
සීතලට ගුලි වෙන්න
මතකය අරන් මාගේ
ඔය සීත සඳ මඩලේ හැංගී හොරා
ඔය හිතට නොදැනෙන්න මම පෙම් කළා
දුර ඇත වැඩි හින්ද මම නැවතුනා
මතකය අරන් මාගේ නුඹ දුර ගියා
දෑස මත දිග හැරෙන හත් පාට බොඳ වෙලා
මල් පිපුනු වැට ගාව සමනල්ලු ඉගිලිලා
පිනි බින්දු ඉහිරිච්ච තණ පිස්ස මැලවිලා
නුබ නැතිව ලින් පඩියෙ දිය සෙවෙල මතු වෙලා
සිරව තිබු සිතිවිලිත් නිවාඩුවකට ගිහින්
කඳුළු මුතු කැට හරිම ඉනුහුම්
ඇසට නොදැනෙන තරම්
මලානික ඔය සුමුදු කම්මුල්
වැළඳ ගති ඒ දුක් සුසුම්
සිරුරතර ඇති පරතරය
නෙත් පුරා ඇවිදින් ගිහින්
සිත් අතර තිබු ආදරය
සිතටත් නොකියා ගිහින්
කුරුටු ගැ පන්හිඳත්
මටත් නොකියා ගිහින්
සිරව තිබු සිතිවිලිත්
නිවාඩුවකට ගිහින්
6/23/13
සිතේ ගබුරුම තැනට
සුදු නෙලුම් පුදින්නේ
පිනි බිදේ සීතලට
දැස් පොඩි පොඩි වෙන්නේ
අකුණු රැස් නොවදින්න
නෙත් කැලුම් හිනැහෙන්නේ
පෙම් සුසුම් සඟවන්න
හදේ හිසර වැදුනේ
සිතේ ගබුරුම තැනට
පාරමී පුරන්නේ
කිසිවෙකුට නොදැනෙන්න
ආලකම් පුරන්නේ
මා හටත් නොදැනෙන්න
ගොම්මනේ සීතලට දැස් පොඩි ආදරෙයි
වැහි බරට මේ අහස
කඩා වැටෙන්නට ලගයි
මේ අහස යට ඉන්න
මට හරිම සීතලයි
දෙඅත් මහ ජනෙල් කුරු
උනුහුමට පොර බදියි
ගොම්මනේ සීතලට
දැස් පොඩි ආදරෙයි
කවුළු මත පෙම් කරන
සුළඟ හරි ලෙන්ගතුයි
වැහි බින්දු වැටෙන තුරු
මොහොතකට තනි රකියි
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)