
චේ ගුවේරලා මයිකල්ල බොම්මාලිලා ලෝකෙට බිහි වුනේ ඒ අයගෙම හැකියාව හා චින්තනය එක්ක.අද අපේ කාලෙවුන් උන්ගෙම ලෝක වල රියලිටියට එන්න හදන්නෙ චේලගෙ බොම්මාලිලගෙ හීන එක්ක.අපේ උන් ඉතින් එක එකා දීපු හිනා පෙති කාල හිනා වෙනවළු ෆැන්ටසියට .උන්වත් දන්නෙ නැහැ උනුත් ජීවත් වෙන්නෙ ෆැන්ටසිය ඇතුලෙ කියල. කොන්ඩෙ වවල , බාගෙට ඇදලා කලා කාරයො වෙන්න පුළුවන්ද? .අපෙ එවුනුත් අනුන්ගෙ හීනවල පැටලෙන්න ඕනෙද?.ඇනගනිල්ලා උබලගෙ ඔය ඔලු වලට ටොකු.තරුනයෙක් විදිහට හිතපල්ලා නිර්මාණශීලීව.අපිට මොකටද අනිත් අයගෙ හීන කතන්දර. දැකපල්ලා තම තමන්ට ඕනෙ විදිහෙ හීන.චේලත් බොම්මාලිලත් මයිකල්ලත් කලේ අන්න එක.අපේ උන්ට බැරි උනෙත් ඒක.රියලිට්ය කිය කිය ෆැන්ටසියට බැන බැන ඉන්න අපේ කාලෙ උන්ම තමා ඔය ෆැන්ටසිය හදා ගත්තෙ.දැන්වත් දීපල්ලා ලෝකෙට තමන් දකින්න ආස හීන.අනෙක් උන්ට දකින්න.ඉස්මත්තෙ ඉදන් කෑගැහුවා අඇති.බැහැපල්ලා පිට්ටනියට.තමන්ට ඕන තනතිල්ලක තමන්ට ඕනෙ විදිහට සෙල්ලම් කරන්න පටන් ගනිල්ලා........................



