ස්වභාවිකතවයේ හිනි පෙත්තටම ආ අපි , ස්වාභාවික නොවූත් යථාර්තවාදී නොවුත් බොහෝ දේ සොයන සුනිල දිය දහර යට වැඩෙන සුනිල ලදු පත

7/30/14

වසන්තය එනවා සත්තමයි


වසන්තය එනවා සත්තමයි සුහුබුල් සිනා අරන් 
මග ඇරුනු පෙම් සුවඳ දිගේ    
රොන් සුවඳ අරන් නුබෙ දෙතොල දිගේ 
පාර සොයන් ඒවී 
පෙම් වසන්තයක් ඒවී 

ලෝවනීය කැලුමින් තෙමී හද පවන් නන්වයි 
හිම සීත අරණින්  නුබෙ සුවඳ අරන් 
පාර සොයන් ඒවී 
පෙම් වසන්තයක් ඒවී 

ප්‍රේමනීය හැඟුමින් වෙලී  මන දෝරෙ නන්වයි
දලනිදු  පතුලෙන් නුබෙ හීන අරන් 
පාර සොයන් ඒවී 
පෙම් වසන්තයක් ඒවී 

වසන්තය එනවා සත්තමයි සුහුබුල් සිනා අරන් 
මග ඇරුනු පෙම් සුවඳ දිගේ    ...... //

 lyrics by Ushan Pushpakumara Perera





7/24/14

මල් තුහින හේමන්තයේ පෙම් විහඟ



පෙම් සිත් සා මැවූ පිං වත් සිත් දැරූ සංසාර ආරණ්‍යයේ
තුහින පෙති සුව දැරූ ලවන මද මත් කෙරූ මල් තුහින හේමන්තයේ
කමල පෙම් ගී තැනූ කිනුරු සිතුවම් කෙරූ රූ සිරිනි රණ තිසරියේ
පෙමද මදහස යුතූ මහද සිරිසර නැගූ පෙම් විහඟ දෝ බැසගියේ 

7/22/14

ඇසිඩ් වැස්සට තෙමුණු මායාට

අන්ධකාරය ගල් තලාව මත මියදෙද්දි තව මොහොතකින් මේ හැමදෙයක්ම ඉවරවෙලා තියේවි.උබටත් මටත් අපි කවුද කියලවත් මතක නැති වේවි. මග තොටදි හම්බ උනත් තුහ් කියලා කෙල ගහන්න උනත් බැරිකමක් නැහැ. ඒ උනාට මමත් දන්නව බන් මේ කාලකන්නි හදවතට උබ මොහොතකට හරි ආදරය කලා කියලා. මම මෙතනින් ගියාට පස්සෙ උබ මගේ හුස්ම එක පොදියට තුරුලු කරගෙන ජනේලෙන් මන් යනකන් බලන් ඉන්නවා . හැබැයි මන් කියන්නෙ ඔන්න ඔය හුස්ම ටික දාපන් ඔය භූමි තෙල් ලිපට පිච්චිලා යන්න . නැහැග..... එපා ..... එතකොට උබ ඔය භූමි තෙල් ලිපෙන් උබටම ගිනි තියා ගනීවි. එතකොට මගේ හුස්ම වල පණ ඇද ඇද ඉන්න උනුහුම ආයිත් සැරයක් උණුහුම් වෙලා උබේ මුළු ශරීරයම වැලඳ ගනිද්දි උඹ ආයිත් සැරයක් වෙදනාවෙන් කෑ ගහන්න පටන් ගනීවි . ගමට බැහැ මිනී මරුවෙක් වෙන්න.... කමක් නැහැ .......උබට කැමති දෙයක් කරපන් .