ස්වභාවිකතවයේ හිනි පෙත්තටම ආ අපි , ස්වාභාවික නොවූත් යථාර්තවාදී නොවුත් බොහෝ දේ සොයන සුනිල දිය දහර යට වැඩෙන සුනිල ලදු පත

5/20/14

සඳ සිල් අරන් සඳ එන්නෙ නැහැ



සඳ  සිල් අරන් සඳ එන්නෙ නැහැ 
නිල් පාට මල් රේණු සිප ගන්න 
ඔබ ඇවිදින් ගිහින් ඔබ එන්නෙ නැහැ 
තනි  වෙච්ච තරු රෑන නොපෙනී ගිහින් 

පින්සාර සිත් එක්ක සන්සාර කවි ලිව්ව 
උම්මාද සිහිනේ  අරගෙන ගිහින් 
දම් පාට හැන්දෑව අරගෙන ගිහින්

මා එක්ක ඔබ උන්නු මුළු රෑ පුරා 
නිදි වරපු සමනල්ලු ඉගිලී ගිහින් 
මකරන්දෙ මල් සුවඳ අරගෙන ගිහින් 

සඳ  සිල් අරන් සඳ එන්නෙ නැහැ ........ // 

- උෂාන් පෙරේරා - 

5/2/14

ඔබ රැගෙන ගිය මගේ ලෝකය


වැහි පබලු යට ජීවිතය ගෙන 
ඔබ සොයා ගිය පාළු ගොම්මන
වැහි අකුණු සැර නොදුටු අදුරට 
ජීවිතය ගෙන විසි කළා 

පාළු වි ගිය මගේ හදවත 
තුරුළු කරගෙන ඉකි බිදින්නට
ඉරි තැලී ගිය මගේ හදවත 
පාළු ගින්නට වියළිලා 

ඔබ රැගෙන ගිය මගේ ලෝකය 
මලානික වූ අදුරු සෙවනැලි 
ගල් ගැසී ඇත අතරමන්  විය 
ඉමක් නොපෙනෙන අන්ධකාරෙක