ස්වභාවිකතවයේ හිනි පෙත්තටම ආ අපි , ස්වාභාවික නොවූත් යථාර්තවාදී නොවුත් බොහෝ දේ සොයන සුනිල දිය දහර යට වැඩෙන සුනිල ලදු පත

4/11/14

වරෙන් මමත් මෙ උඩහට යනවා




















අම්බරුවන් බිම් මල් පාගනවා
පෑගෙන බිම් මල් බුදුන් පුදනවා
බුදු කෙනෙකුන් යලි උපදින හින්දා
අම්බරුවෝ අපි හෙලේ නගිනවා.

රැහැයියනේ තව කෑගහපල්ලා 
නෑසෙන දුක් කවි තව කියපල්ලා
අපිටත් ඇහුනොත් අපිත් කියන්නම් 
උබලත් උඩහට එනවයි කියලා

සඳ එලියට ගල් පඩි දිලිසෙනවා 
කලා මැදිරියෝ පාර කියනවා 
උලලේනෝ උඹ තවම අඩනවද 
වරෙන් මමත් මෙ උඩහට යනවා

අනුන්ගෙ දුක් පව් උබ උහුලනවා 
උබටත් දවසක වරයක් එනවා 
උබේ දුකත් මට ලියා තියාපන් 
එන වර මම ආයිත් මෙහි එනවා