ස්වභාවිකතවයේ හිනි පෙත්තටම ආ අපි , ස්වාභාවික නොවූත් යථාර්තවාදී නොවුත් බොහෝ දේ සොයන සුනිල දිය දහර යට වැඩෙන සුනිල ලදු පත

7/28/13

වැහි බින්දු පින්න අස්සේ

වැහි බින්දු පින්න අස්සේ
හොරැහින් එති තුරුලේ
ඉන්නම් ලගින් මිහිරේ
උණුසුම් වෙමින් තුරුලේ

මෝසම් සුලන් විසිරී දෙකමුල් සිබියි සීතෙන්
වැහි බින්දු පේලි පේලි දෙපතුල් දොවයි සීතෙන්
මේ රැයේ තනි වෙමු
උනුහුමේ රේණු අස්සේ 

වැහි බින්දු පින්න අස්සේ
හොරැහින් එති තුරුලේ .....//

හැගුමන් ලයේ තෙරෙපී හඩවයි සිතුම් පහසින්
දෙනුවන් අගින් සිතුමන් තෙරපෙයි හැගුම් විලසින් 
මේ රැයේ තනි වෙමු
උනුහුමේ රේණු අස්සේ 

වැහි බින්දු පින්න අස්සේ
හොරැහින් එති තුරුලේ .....///

7/25/13

පා පොඩි පොඩි සරාවයි ..... !



මල් පෙති සිනිදු බව දැන දෝතින්                නොඅල්ලා
දැතට රැගෙන පපු තුරුලේ                         හොවාලා
කටුවෙන් ටිකෙන් ටික ගෙන දිය                 පෙරාලා
සෙනෙහස රැගෙන පුතු නළලත                  තෙමලා 

මුව අඟ පුරා සුරතල් කිරි                           සිනාවයි
දෙපයින් තලන පා පොඩි පොඩි                  සරාවයි
දිය පොඩි තලන පුතු දැතේ                        ලතාවයි
කිරිකැටි පුතුගේ දෙතොලතරේ                   කතාවයි

දේදුන්නෙන් හවඩි වැලක් පුතු ඉන වට         වැටේවි
නෙලුම් මලක සුවද පොදක් පුතු ඇග වට      තෙමාවි
හඳෙන් ගෙනත් කිරි දෝතක් දෙතොලතරට   වැටේවි
පුංචි පුතුට කවි තාලෙට හීන ගොඩක්           පෙනේවී


7/24/13

සඳ එලිය අහන්කාරයි


දුක නොදුටු ආදරය
නොමේරු ප්‍රේමයේන්
තව තවත් වල්මත්ව
වියරු වී සිටිත් 

එත් මල්සර හැඟුම්
තවමත් කෝඩුකාරයි 
සඳ එලිය විතරක් 
අහන්කාරයි

ශේෂ වූ ප්‍රේමය


ශේෂ වූ ප්‍රේමය
සඟවා ගන්න හදවතේ
ගබුරුම තැනක 
නුබවත් නොදුටු


ජීවත් වෙන්න ඉඩ දෙන්න

සැනසෙන්න ඉඩ දෙන්න


ඒ ශේෂ තවමත් යදින්නේ

ප්‍රාණයයි මොහොතකට

හුස්මලන්නට ප්‍රේමයට


ඉඩ දෙන්න සීරුවට 
හුස්මලන්නට ප්‍රේමයට

ඉඩ දෙන්න නිදහසේ 
ගලා යන්නට
ඉඩ දෙන්න බින්දුවක් 
දොතකට අරගන්න 

සෙනෙහෙ ඇතිවුන් නිතර 
මුව දොවයි සීතලට
උනුහුමක් සොයන්නේ 
සීතලට ගුලි වෙන්න

මතකය අරන් මාගේ



ඔය සීත සඳ මඩලේ හැංගී හොරා

ඔය හිතට නොදැනෙන්න මම පෙම් කළා

දුර ඇත වැඩි හින්ද මම නැවතුනා

මතකය අරන් මාගේ නුඹ දුර ගියා 



දෑස මත දිග හැරෙන හත් පාට බොඳ වෙලා

මල් පිපුනු වැට ගාව සමනල්ලු ඉගිලිලා

පිනි බින්දු ඉහිරිච්ච තණ පිස්ස මැලවිලා

නුබ නැතිව ලින් පඩියෙ දිය සෙවෙල මතු වෙලා

සිරව තිබු සිතිවිලිත් නිවාඩුවකට ගිහින්


කඳුළු මුතු කැට හරිම ඉනුහුම්

ඇසට නොදැනෙන තරම්

මලානික ඔය සුමුදු කම්මුල්

වැළඳ ගති ඒ දුක් සුසුම්


සිරුරතර ඇති පරතරය

නෙත් පුරා ඇවිදින් ගිහින්

සිත් අතර තිබු ආදරය 

සිතටත් නොකියා ගිහින්


කුරුටු ගැ පන්හිඳත් 

මටත් නොකියා ගිහින්

සිරව තිබු සිතිවිලිත්

නිවාඩුවකට ගිහින්