ස්වභාවිකතවයේ හිනි පෙත්තටම ආ අපි , ස්වාභාවික නොවූත් යථාර්තවාදී නොවුත් බොහෝ දේ සොයන සුනිල දිය දහර යට වැඩෙන සුනිල ලදු පත

5/16/10

තවම නොලැබූ මල්වර දවස ..............


මිරිදිය සුළඟ තැවරුණු
කවුළුවෙන් ඇතුළත
සෙවනැලි දෙකකි
ඒ මේ අත සසල වන .

ඇඳුණි සෙවනැලි මතින්
උරෙන් උර වැළඳ ගත්
යුවළ පෙම් සීතුවමක්......................
ගොරහැඬි ස්වර ගයන
සේයා රුවකි ඒ අතර

මැකෙන්නට විය සැණෙකින්
ඒ අදුරු සෙවනැලි .

එක් වරම
ඒ කවුළු මත සිර විය
නොමේරූ ස්වරයක්
ඉල්ලමින් හැඬි
තවම නොලැබූ
මල්වර දවස ..............

5/15/10

අහිංසකයාගේ සිහින වෙන්දේසිය


අපි මහ පොළොව මත ජීවත් වන්නෙමු . ඒත් ඒ නිකනිදු නොවෙයි .බලාපොරොත්තු , ආශාවන් , කොටින්ම කියතොත් සිහින එක් රැස් කරමිණුයි . ඒ සිහින දවසින් දවස සැබෑ වෙනවා වෙන්නට පුළුවන . නැතිනම් මියැදෙනවා වන්නටද පුළුවන . කෙනෙකුට ආදරය සිහිනයකි . කෙනෙකුට ජීවිතය සිහිනයකි . තවකෙකුට වෙනත් සිහිනයකි . මේ සියලු දෙනා මෙම සිහිනයන් සඵල කර ගැනීමට උත්සහ දරන්නේ මෙම සමාජ සංකල්ප්ය තුළ ශූණ්‍ය නොවී දැඩි චරිත බවට පත්වීමටයි . එහිදී තම ජීතය යනු ඔහුට කුමක්ද ? ආදරය යනු ඔහුට කුමක්ද? .
ඇමරිකාව තුළ " ඇමරිකන් අයිඩල් " වලින් ඇරඹුණු සිහින වෙන්දේසිය අද ලෝකය පුරා යන්ත්‍ර ලෙස ක්‍රියාකරයි . එය ලංකාව තුළද විවිධ වූ නම් වලින් කෙරයි . ජීවත් වීමට වෙර දරණ අපේ තාරුණ්‍යය අද සිහින තරු මාවතේ සිඟාකයි . නිර්වින්දණීය වූ රෝගීන් බවට පත්ව සිටියි . කෙසේ වුවද විශ්ව ගම්මාන සංකල්පය තුළ සුපිරි තරු බිහිකිරීමේ ක්‍රියාව සාධාරණීය වීමටැ පුළුවන .නමුත් ඒ හීනය දකින ඇතමුන්ගේ දුර්වලතා මෙම නාළිකාවන් තුල ප්‍රචාරක මාධ්‍ය බවට පත් කර ගැනීමට අවශ්‍ය නැත . මෙම ඛේදවාචකය ඔබ මා සියැසින් දිටිමු . සුපිරි තරු වේදිකාවේ අපූරු වූ මන නන්දනීය රැඟුම් අපද දුටහ .නමුත් ඒ අතර අහිංසක සිහින දකින උන්ගේ අහිංසකකම එදා ඒ වෙදිකාව මතම වෙන්දේසි විය . ඒ කෝටි ප්‍රකොටි ගණනින් නොව ආත්මගත හැගීම් ලෙසටය . එම නාළිකාවන් ඔවුන්ගේ මෙම අහිංසක නොමේරූ හීන රසකර බුදින්නට විය . එය ප්‍රේක්ෂකයන්ගේද බඩගෝස්තරවලට යොමුකළහ . අපිද මනුස්සයෝ වෙමු .....මිනිසා තිරිසනුන්ගෙන් වෙන්වන්නේ මිනිසා තුල තිබෙන බුද්ධිය හා චින්තනයේ පවතින උසස් බව නිසයි . එසේනම් මෙවැනි දේ කිරීමට තරම් මෙම නාළිකාවේ පිරිස තිරිසනුන් වූයේද ....... ? ඒ අහිංසකයින්ගේ සිහින බන්දේසි මත තබා රසකර කන්නට තරම් තිරිසන් වූයේද ..... ? එය දැක රසවින්ද වුණුන්ද එසේමය . හදවතට මෙය දැණුනු ඇත්තෝ මිනිසුන් වශයෙන් හැඬිය යුතුය . දැන් දැන් ඔබගේත් මගේත් සිහින ප්‍රචාරණ මාධ්‍ය බවට පත්වීමට පුළුවන . අහිංසක ඒ මිනිසුන්ව කවුරුන් හෝ දැණුදු අනුබව කරනවා ඇත . ........