ස්වභාවිකතවයේ හිනි පෙත්තටම ආ අපි , ස්වාභාවික නොවූත් යථාර්තවාදී නොවුත් බොහෝ දේ සොයන සුනිල දිය දහර යට වැඩෙන සුනිල ලදු පත

4/24/10

උඹත් ඇයත් කලාවක්............


සිත්තරකුගේ
දෑ තුඩු මතින් අබමින්
විලි ඇරත් ඩේවිඩ්
නිම වීය
ඒ දෑ තුඩෙන්ම
විලි වැසූ ඇයවද නිමවමින්.........
නමුත් ;
කවුරුන්ද කීවෙ
" විලි ලැජ්ජ නැති ඩේවිඩ් "... ?
ඒ උඹත් ඇයත්
කලාවක් බව දන්නා
දන්නා හෙයිනි........
ඇරත්..... ,
පාෂාණ භූතව සිටින.......

ඒත් මා නොවේ ඒ රහල් හිමියන්........


සුලැඟිලි නැතත් එල්ලෙන්න
කහවත් උනා
කුණු කිළිටි වත උඩින්
නිවන් සක්මනට මා
සැරසුනා විතරයි ........ !
ඒත් මා නොවේ
ඒ රහල් හිමියන් .
මම තවම
කිරි සුඳවත් නොගිය
රහල් හිමි නමකි
පෘතග්ජන ................ !

මම තාම පෘත්ග්ජනයි අපෙ හාමුදුරුවනේ.....


මට සමාවෙන්න ලොකු හාමුදුරුවනේ .... ගමේ උන්ට ලොකුවට ඕක දැනිච්චාවේ .මම ඒ උපාසක අම්මත් එක්ක කතා කරන එක ඇත්ත හාමුදුරුවනේ.මමයි ඒ උපාසක ඇත්තිට ඉගෙන ගන්න පොත් පවා දුන්නෙ .දවසක් ඒ ඇත්තිට කන්න අරන් දුන්නා හාමුදුරුවනෙ ගමේ කඩේදි . ඒ හින්ද වෙන්න ඇති හාමුදුරුවනෙ ගමේ උන් රෑට රෑට පන්සල් වත්තට ගල් ගහන්නෙ ....... . මට සමාවෙන්න අපෙ හාමුදුරුවනේ ...... ඒ මගේ එක බඩ වැල කඩාගෙන ආපු නංගි . අත්තම්මා ළඟ හැදිච්ච කෙල්ල මමයි හාමුදුරුවනේ කොළඹ එක්ක ඇවිල්ලා උගන්නන්නේ .බෝඩිමට සල්ලි හොයන්නෙ ඒකි කුලී වැඩ කරලා . එකිගෙ අත්වල කර ගැට හාමුදුරුවනේ ..... හැමදාම කහට උගුරක් බීලා පංති යන කොට , මම කොහොමද හාමුදුරුවනේ බලාගෙන ඉන්නෙ ..... ? මේ සිවුර ඇතුලෙ ඉන්නෙ මනුස්සයෙක් හාමුදුරුවනෙ.... .ගමේ උන්ට ඒක පේන්නෙ නැහැ .මම රහත් වෙලා නැහැ . මම තාම පෘත්ග්ජනයි අපෙ හාමුදුරුවනේ....... මම තාම පෘත්ග්ජනයි .

සඳු එක්ක මියැදී ......


සඳු එක්ක මියැදී
හිරු එක්ක පිබිදෙන්න
නිල් ගඟන සිසාරා
නිම් හිම් නොදුටු
අනන්තය සිඹින්නට
පියාපත් ලදොත් මං ..............
වසාලමි මේ
ඉරි තැලීගිය මහපොළොව
මා ලත් පතින්
විඩා සුසුමං හෙලූ
කඳු රැල්ල සේ
බිඳු බිඳු උනන
කතර දුටු උල්පත්
යළි උනන්නට ............

4/18/10

කඳුල හා සතුට අතර තනිවුණු ගැහැණිය ....... !


කඳුල හා සතුට
අතර තනි වුණු ළමා තැනී.......
ඩාවින්චිගේ සිතඟ රැඳි ,
ඔහුගේ හදගැස්ම
සංස්පර්ශනය කළ
විලි වැසූ ගැහැණිය .
අද මා දෙස බලා සිට්යි
පාෂාණ භූතව ......
කඳුල හා
සතුට අතර තනිවුණු
ගැහැණිය ....... !

4/2/10

ඒත් ...... ඇය නිහඩ විය .


පියවර මැවුණි
ගන අන්ධකාරය තුලම
විසිරුණු සිනහ සමගින් .
කඳුළු හන්ගා
ඇස් පියන් යට
කරයි එක ඉඟි පෙලක්
රාත්‍රිය පුරාවට
සිත පවා නිහඩ කරගෙන ............... .

වසා තම නෙත්
ඇයටත් හොරෙන්
මුසපත් කළා වර්ණ පටලය
මදකට වසා
පව්කාර අතීතය ...........
ඒත් ..... ඇය
තවම නිහඩයි .

ඇගේ රත්වන් කමුල් මත
වැටුණි එක හාදුවක්
සලිත කරමින් දෙපාතෙක් .
ඒ සමඟ ;
බේරුණා එක කඳුළු බිඳුවක්
ඇගේ හදවත තුලම
ඉරාගෙන පව්කාර අතීතය
ඒත් ...... ඇය නිහඩ විය ................