ස්වභාවිකතවයේ හිනි පෙත්තටම ආ අපි , ස්වාභාවික නොවූත් යථාර්තවාදී නොවුත් බොහෝ දේ සොයන සුනිල දිය දහර යට වැඩෙන සුනිල ලදු පත

3/18/10

" ඇයි මල් වඩමක් ගෙනාවෙ නැත්තෙ" ( නව නාට්‍ය නිෂ්පාදනය )


අද උඹේ අවමඟුල් දවස.... ඒ වගේම අපේ මගුල් දවස. කොටින්ම කිව්වොත් අද තමා අපේ වෙඩින් ඇනවසරි එක .
මෙන්න .... මෙන්න මම උඹට ලස්සන මල් කලඹක් ගෙනාවා.උඹ ඒකට ආස ඇති .ඒත් ඇයි උඹ අහන්නෙ නැත්තෙ " ඇයි මල් වඩමක් ගෙනාවෙ නැත්තෙ" කියලා . ඇත්තටම උඹ මැරුනෙ තනියම . එ නිසයි මම ගෙනාවෙ නැත්තෙ .

මම දන්නවා උඹ මේ මල් වලට ආස නැතුව ඇති සුදු පාට නිසා . උඹ ආස කලු පාටට . මම ඒක දන්නවා .ඇත්තටම උඹ සුදු පාට උනානම් මම හරි ආසයි . එතකොට උඹේ ඔය ඇගේ ගෑවෙන කුණු මට පේනවා .එතකොට මට ඒ කුණු හොදට පිහිදන්න පුලුවන් . උඹ කළු පාට නිසා මට ඒව පේනවා අඩුයි .

රෑ වුනාම මට උඹව හරියට පේන්නෙ නැහැ . එතකොට මට ඒ වේදනාව දරාගෙන ඉන්න බැහැ .ඒ වෙලාවට මගේ මුළු ඇගම සීතල වෙන්න පටන් ගන්නවා .ඒ සීතල මගේ ඇඟ ඇතුලටම කිඳා බැහැලා නහර වැල් දිගේ එලියට එන්න දඟලනවා . මට ඒ වේදනාව දරා ගන්න අමාරුයි .

අන්න ඒ වෙලාවට තමයි .... මම උඹව හොයාගෙන මෙතනටම එන්නෙ . පුළුවන්නම් මාව උණුහුම් කරපන්...... ඒ උණුහුමින් මගේ ඇග අතුලෙ තෙරපෙන ලේ මිදිලු දිය කරලා දාපං . එතකොට මට හරිම සනීපයක් දැනේවි . උබට ඕනෙනං ඒ උණුහුම එක්කම මාවත් මරලා දාපං .හැබැයි චුට්ටක්වත් රිදෙන්නෙ නැති වෙන්න . නැත්තං මට ඒ වේදනාව උහුල ගන්න බැරිවේවි . හැබැයි මට වේදනාවක් දැනුණොත් ............ මම උඹව ආපහු සැරයක් මරනවා..... . එතකොට උඹටත් ඒ වේදනාව දැනේවි ..... ! ඔව්.... ආයෙත් සැරයක් ඒ වේදනාව දැනේවි ..... !