ස්වභාවිකතවයේ හිනි පෙත්තටම ආ අපි , ස්වාභාවික නොවූත් යථාර්තවාදී නොවුත් බොහෝ දේ සොයන සුනිල දිය දහර යට වැඩෙන සුනිල ලදු පත

2/22/10

නුඹ කෙතරම් අසාධාරණද .........?




සඳ පැතූ නිල් අහස
නුඹ අයිති කරගෙන
මුව අයා පෙම්බැඳ එයට ,
අසරණ කළා ඒ
සොඳුරු සඳ කුමරියව ......

ඇය
දිනෙන් දින තෙමා
වැටෙන සිය කඳුලින්
මහ පොළොව
බලා උන්නා එකම එක රැයක්
නුඹ අහස නොබලන ......

නොහැකි වූ තැන ,
මවාලිය ඇය
අමාවක අන්ධකාරය
දිනක් හෝ
නුඹව නොපෙනෙන්නට
ඇගේ දෑසට......

නුඹ කෙතරම් අසාධාරණද .........?

2/18/10

චින්තනවාදියා ...........


මා අන්ධයකු නෙවෙමි .
මා බිහිරෙකුද නොවෙමි .
නමුත් ;
මට සියලු දේ නොපෙනෙන්නේය .
මට සියලු දේ නොඇසෙන්නේය .
ඒ මා
අන්ධයකු හෝ බිහිරකු
නොවෙන නිසා විය යුතුය .

නාඩ මගෙ පුතු ........



කිරට හඩනා මව්ගෙ සුදු පුතු
නැළවියන් දැන් පියන් ඇසිපිය
බිය නොවන් පුතු මාර දූටත්
අම්මා නුඹ ළඟ සිටිත් තනියට

සිඳගනන් නුඹෙ හසරැලිත් ගෙන
සඳන මුතු වැල් පළන්දයි ඉඟ
ඉතිං මගෙ පුතු නැළවියන් දැන්
සිඳගනන් හට එන්න සිහිනෙන්

නිදි කිරයි තරු රෑන් පුතු ළඟ
පුතුගෙ තනියට පිපී කඩුපුල්
නාඩ මගෙ පුතු කිරෙන් නැළවී
නැළවියන් නෙතු පිය වසා

සීත මද නළ කුමුදු පෙති ගෙන
පාව එයි මගෙ පුතු සොයාගෙන
කුමුදු පෙති මත නැළවි නැළැවී
නිදන් මගෙ පුතු නෙතු පියාගෙන

2/16/10

අම්මා නමට සිගමන් යදින්නී ....... !


උනා තම උර පට
තබා තන පුඩුව
බිළිඳුගේ දෙතොලතර
උරන්නට දී
සිගමනින් පිරි
ශිරා ලෙය
ඇය තවත් නගන්නී
සිගමන් විලාපය
තම පුතුගෙ
හෙට වේල පිරිමහන්නට.........

ඇය අම්මා නමට
සිගමන් යදින්නීය.... !

යොවුන් ආඥාදායකයින්ගේ ඛේදවාචකය.........


නූතනය වන තෙක් අපට ඇසුණු දැනුණු කාරණාවක් වූයේ ලාංකේය වේදිකාවට නිර්මාණ හා ප්‍රේක්ෂක හිඟයක් පවතින බවයි . ඒත් අද වන විට වේදිකා නිර්මාණ මෙන්ම පේක්ෂක පිරිසක්ද නිර්මාණය වී සිට්යි .එය මෑතක දී පැවති රාජ්‍ය නාට්‍ය උළෙල හා ජාතික් යොවුන් නාට්‍ය උළෙල මගින් පැහැදිලි වෙයි .නමුත් මෙවර පැවති ජාතික යොවුන් නාට්‍ය උළෙල තුල මා දුටු කාරණාවක් වන්නේ මෙම නිරමාණය වන පේක්ෂක පිරිස කුමන මතයක හිඳ ප්‍රේක්ෂකාගාරය වෙත එනවාද යන්නයි.මෙයට හේතුව වන්නෙ මෙවර යොවුන් නාට්‍ය උළලේ බොහො නාට්‍ය මගින් ලිංගිකත්වය හා මානුෂික ආතතිය රසවින්දනය කරා පොළඹවා තීබීමයි .
යොවුන් නාට්‍යකරුවා යනු නිර්මානශීලීත්වය සමග රැඳෙන පුද්ගලයෙකි .මෙවර යොවුන් නාට්‍ය උළෙලේ බොහෝ නාට්‍ය නිර්මාණ තුල ආලෝකකරණය , පසුතල නිර්මාණය පිළිබඳව දස්කම් පෙන්වා තිබූ බව මාගේ පෞද්ගලික මතයයි .නමුත් අන්තර්ගතයන් තුල දුප්පත් බවක් මා හට දකින්නට ලැබුණි .මෙවර නාට්‍ය උළෙල සඳහා වූ බොහෝ නාට්‍ය කරුවන් කතාකරන්නට හෝ උළුප්පා පෙන්වන්නට හෝ උත්සහ දරා තිබුනේ ලිංගිකත්වය හා මානසික විකෘතියයි .මේ සඳහා යොදා ගෙන තිබුණු භාෂාවන් හා සිදුවීම් පිළිබඳව මා පෞද්ගලිකවම කණගාටු වෙමි .මෙහිදී මූලිකවම ප්‍රශ්නයක් බවට පත් වන්නේ ප්‍රේක්ෂකාගාරය තුල සිටින අපට නොව පාසල් ළමුන්ටයි .අපට වේදිකා නාට්‍ය රඟහල "වැඩිහිටියන්ට පමණයි " කියා සීමා දැමීමට නොහැක .මෙය අපූරව නිර්මාණ මැවෙන සොඳුරු ආඥාදායකයින්ගේ මංගල්‍යයකි .
මෙවැනි කාරනා නිසා මා හට ලැබුණු අත්දැකීමක් වූයේ මෙවර නාට්‍ය උළෙල තුල මානසික තෘප්තිය ලබන කලා රසයකින් තොර පිරිසක් මේ වටා රොක් වූ බවයි .මෙවන් අසහනකාරී පිරිසක් අප බිහිකළ යුතුද යන්න තරුණ නාට්‍ය කරුවන් විමසා බැලිය යුතු කාරණාවකි .

අදවන විට ඇතැම් පිරිස් මෙම තරුණ ප්‍රේක්ෂක පිරිස් වෙත ගෙන යන කාරණාවක් වන්නේ නාට්‍ය තුල ව්‍යංගය තිබීම හා එය හාස්‍ය ජනක ව්‍යංග ලෙස අප දැකිය යුත් බවයි .මෙම කාරණය නිසා මා ලද අත්දැකීම වන්නේ නාට්‍ය තුල නොමැති ව්‍යංගයන් ;පැමින සිටි පිරිස් විසින් උලුප්පා දමා රසවින්දන පරාස හකුළුවා දැමීමයි .නාට්‍ය තුල හාස්‍ය ජනක ව්‍යංග තිබීමට පුළුවන .නමුත් මෙහිදී ඇති වන ප්‍රධානම ප්‍රශ්නය වන්නේ මෙවර් පැවති යොවුන් නාට්‍ය උළෙලේ එවන් පරාසගත නාට්‍ය තිබුනේද යන්න..... .වස්තු බීජය ගෙන එය විහිදුවා උඩ අතගාමින් ප්‍රේක්ෂකයාට හිනා පෙති කවා රසවින්දනය ලබා දුන් නට්‍ය මෙවර නාට්‍ය උළෙල නියෝජනය කරන ලදී .නමුත් ඒ අතර ඉතා විශිෂ්ට ඝණයේ නාට්‍ය නිර්මාණද තිබූ බව කිව යුතුය .මා මෙහිදී උතසහ කරණු ලැබුවේ මෙවර යොවුන් නාට්‍ය උළෙලේ වූ නාට්‍ය වල මා දුටු ඛේදවාඡකය පෙන්වා දීමටයි ............

මෙය සංවාදයට විවෘත බවද කිව යුතුය...

2/5/10

කවුළුව........


ගලවා දමා මා හැදි
මෘදු සේල පට දෙපසට
ස්පර්ෂ කොට
ඔය සුමුදු දෑතින්
මා නිරුවත් ශරීරය
නෙත් අයා මා තුලින්
මා දෙසම බලාගෙන............
මා සිතුවෙ ඒ
නුඹ කළේ ආදරය.

නමුත් ;

නුඹ දුටුවෙ ම අතුලින්
කිසිදා නො එන
පෙම්වතා දෙස බව
පසක් වූයේ මට
නුඹ කවුළු වැසූ පසුවය....................

උඹ මාර පව්කාරයෙක්.......... !


උඹ මාව ඔසවලා
අත ඇරියා නේද ?
දුර ඈත ක්ෂිතිජයට
මං ආයෙත් එයි කියලා
මහ පොළොව බලාගෙන........
මං අහසට ගියා.
උඹ අතර මැද නැවතුනා.
උඹ දැන් අසරණයි !
මං නිවන් දැක හමාරයි..................

උඹ මාර පව්කාරයෙක්.......... !