ස්වභාවිකතවයේ හිනි පෙත්තටම ආ අපි , ස්වාභාවික නොවූත් යථාර්තවාදී නොවුත් බොහෝ දේ සොයන සුනිල දිය දහර යට වැඩෙන සුනිල ලදු පත

1/30/10

වහින්න පිනි වැස්ස..................


වහින්න පිනි වැස්ස තව තවත් පහලට
ගලාගෙන යන්න සෝදා
මා මතුපිටින් ඇති
සියලුම ස්පර්ෂයන්..................

නිසලව ඉන්නම් එතෙක්
ඒ කටුක සීතල දරාගෙන
මාවත් නොදුටු සිත් පතුලෙන්ම
හැකිනම් සෝදන්න
මගේ මුළු හදවතම
සල්ලාල වදනින් තෙත බරිත වූ
මගේ මුළු හදවතම................

නිමේෂයක වරද..........!


ඔබව හමු වූ නිමේෂය තුලම
ගොඩනැගුනි තව
ඔබ නොදත් නිමේෂයක්
මා තුලම
ඔබ මා පමණක් සිටින .
එය කෙතරම් ලස්සනද...?
අද මා ගයන
ප්‍රේමයේ දුක්බර
ගීයට වඩා..............
නමුත් ;
ගායකයා මම ම පමණයි.
ඒත් නුඹ ,
තවකෙකු සමඟ
ඒ කවිය රසවිඳින
සහෘදයෙකි දැන්
මා ඉදිරිපිට.........

අපි අපේ හීන දකින්න..........


චේ ගුවේරලා මයිකල්ල බොම්මාලිලා ලෝකෙට බිහි වුනේ ඒ අයගෙම හැකියාව හා චින්තනය එක්ක.අද අපේ කාලෙවුන් උන්ගෙම ලෝක වල රියලිටියට එන්න හදන්නෙ චේලගෙ බොම්මාලිලගෙ හීන එක්ක.අපේ උන් ඉතින් එක එකා දීපු හිනා පෙති කාල හිනා වෙනවළු ෆැන්ටසියට .උන්වත් දන්නෙ නැහැ උනුත් ජීවත් වෙන්නෙ ෆැන්ටසිය ඇතුලෙ කියල. කොන්ඩෙ වවල , බාගෙට ඇදලා කලා කාරයො වෙන්න පුළුවන්ද? .අපෙ එවුනුත් අනුන්ගෙ හීනවල පැටලෙන්න ඕනෙද?.ඇනගනිල්ලා උබලගෙ ඔය ඔලු වලට ටොකු.තරුනයෙක් විදිහට හිතපල්ලා නිර්මාණශීලීව.අපිට මොකටද අනිත් අයගෙ හීන කතන්දර. දැකපල්ලා තම තමන්ට ඕනෙ විදිහෙ හීන.චේලත් බොම්මාලිලත් මයිකල්ලත් කලේ අන්න එක.අපේ උන්ට බැරි උනෙත් ඒක.රියලිට්ය කිය කිය ෆැන්ටසියට බැන බැන ඉන්න අපේ කාලෙ උන්ම තමා ඔය ෆැන්ටසිය හදා ගත්තෙ.දැන්වත් දීපල්ලා ලෝකෙට තමන් දකින්න ආස හීන.අනෙක් උන්ට දකින්න.ඉස්මත්තෙ ඉදන් කෑගැහුවා අඇති.බැහැපල්ලා පිට්ටනියට.තමන්ට ඕන තනතිල්ලක තමන්ට ඕනෙ විදිහට සෙල්ලම් කරන්න පටන් ගනිල්ලා........................

1/27/10

"ස්වාධීනත්වය"......................


සුදු පාට කඩදාසි
කළු පාට සළකුණු මතින්
තවකෙකුව පාගා දමා
යලි ලියන
ස්වාධීනත්වය
අනෙකාට හොරෙන්
හැංගිලා කළු චතුරස්‍ර කූඩුවක
ගසා දෙපසට
තවකෙකුට ඉරිකෑලි
පරපුරෙන් පරපුර වගා කළ
පණ අදින සිය
"ස්වධීනත්වය"
හැංගුවා කළු ලී පෙට්ටියක .
මෙයද අප පතන
"ස්වාධීනත්වය".................

1/23/10

හිඟන්නාගේ මරණය..........


සුවිසල් මහල් මහල් පසු කරන්
පනම් දෙක තුන අහුලමින්
හිතේ දුක තදකරන්
ඇවිද යමි පා රිදෙනකන්

රක්ත වූ බොරළු ගොඩවල්
පාගමින් පය ඉරි තැලෙනකල්
හිසට සෙවනක් ලැබෙනකල්
ඇවිද යම් පා රිදෙනකල්

සතුට සෙනෙහස මළ බැඳී
දූවිලි සුවඳ පිට දිග ඇදී
තමන් අභියස දණ වැටී
සිඟමි සෙනෙහස යලි යලී

කඩපිලක අගු පිලට වී
නිදමි සීතලට ගුලිගැසී
හිටිගමන් නෙතු දිගහැරී
බැලුනි රෑ සඳ පුදුමෙකී

සතර ඉම දෙපළු වී
ඇසෙන මර හඬ හීන වී
සරා සඳ නරුපටට වී
ඉකිගසඉ සිත් අගට වී.........

1/20/10

නිහඬ ආදර කතාව.........


මා දනිමි ඔබ
කළ බව නිතැතින්ම
" ආදරය "
නිකැළැල්ව , නිහඩවම
පැතූ බව හුදු සෙවන
මාගේම හදවත කොනක
ඔබගේ සුසුමන් වලට.......................
නමුදු ,
ඔබ පිරූ
නිහඩ මූසල පතිවත
අද මගේ හදවත තුළම
ගිනි අරං
මූසලකමම තුරුළු කොට
ඔබේ චිතකය අසල
දණ වැටී
පතමි අද මම
ඔබේ සෙවණැල්ල....................

1/19/10

රාත්‍රියම මා සතුයි.......


ආදරය එතරම්ම මිහිරියි
නුඹ තරම් සිත ළඟ රැඳෙන
සුළඟ එතරම්ම උනුසුම්
ඔබේ සුසුමන් තරමටම
මල් පෙති තරම් සිනිඳුයි
ඔබෙ කොපුල් සිඹිනකොට
රාත්‍රියම මා සතුයි
නුඹ සිහින ගෙනෙනකොට...............